යාපනයේ නාවක්‌කුලි ප්‍රදේශයේ ඉදිකරමින් පවතින බෞද්ධ විහාරස්‌ථානයකට පෙරේදා (10 දා) රාත්‍රියේ බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මෙම බෝම්බ ප්‍රහාරයෙන් කිසිවකුටත් හානි සිදුවී නොමැති අතර ඉදිකරමින් පවතින විහාරස්‌ථානයට ද හානි සිදුවී නොමැති බව යාපනය පොලිසිය ප්‍රකාශ කරයි.
1980 වර්ෂය වන තෙක් යාපනයේ පදිංචිව සිටි සිංහල වැසියන් යළි යාපනයේ පදිංචියට ගොස් යාපනය දුම්රිය ස්‌ථානයේ තාවකාලිකව පදිංචි වී සිටීමෙන් පසුව ඔවුන්ගෙන් පවුල් කීපයක් දැනට පදිංචිව සිටින්නේ යාපනයේ නාවක්‌කුලි ප්‍රදේශයේය. ඔවුන්ගේ ද සහාය ඇතිව එක් බෞද්ධ සංවිධානයක් විසින් නාවක්‌කුලි ප්‍රදේශයේ මෙම විහාරස්‌ථානය ඉදිකරමින් පවතී.
යාපනයේ සිංහල වැසියන් යළි පදිංචිවීම කෙරෙහිත් බෞද්ධ සිද්ධස්‌ථානයක් අලුතින් ඉදිකිරීම කෙරෙහිත් විරෝධය පළ කරන පිරිසක් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි. යාපනය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
දිනසේන රතුගමගේ සහ මුලතිව් - ප්‍රසන්න ප්‍රදීප්
http://www.divaina.com/2013/08/12/news09.html

0 comments:
Post a Comment