Pages

Saturday, August 10, 2013

තායිලන්ත සහ ජපන් රාජකීයයෝ ඇසළ පෙරහර මංගල්‍යයේ අසිරිය විඳිති

මහනුවර ඓතිහාසික ඇසළ පෙරෙහැර නැරඹීම සදහා තායිලන්ත සහ ජපාන රජ පවුල්වලට අයත් කුමරියන් දෙදෙනෙකු දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාතයිංශය පවසයි.

ජපාන රජ පවුලට අයත් සුගුකෝ කුමාරිකාව ලබන 19 වෙනිදා දිවයිනට පැමිණෙන අතර ඇය දින හතරක  කාලයක් මෙරට රැදී සිටීමට නියමිතය.

ජපන් කුමරිය ලබන 20 වෙනිදා වීදි සංචාරය කෙරෙන ඇසළ මහ පෙරහැර නැරඹීමෙන් පසුව කොළඹ දී මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යංශ  ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් මාර්තු මාසයේදී ජපානයේ කළ නිල සංචාරයේදී සුගුකෝ ජපන් කුමරිය මුණ ගැසී ඇති අතර ඇයට ශ‍්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණෙන්නැයි ආරාධනා කර ඇතැයි ද වාර්තා වේ.

August 10, 2013 at 5:31 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/99113/

0 comments: