සියළු ගුණාත්මක පෝෂ්‍ය පදාර්ථයන් ඉවත් කර ඊට විවිධ විෂකාරක එක් කර බහුජාතික සමාගම්වලින් අපට විකුණන රට පිටිකිරි මත තව දුරටත් යැපෙන්නේ මන්දැයි සම්පූර්ණයෙන්ම දේශීය කිරී කර්මාන්ත ශාලාවක් වූ පැලවත්ත සමාගමේ ප‍්‍රධානී ආරියශීල වික‍්‍රමනායක මහතා ප‍්‍රශ්ණ කරයි.
ආනයනික කිරි පිටි ආශ‍්‍රිතව මතුව තිබෙන තත්වය සම්බන්ධයෙන් අප කල විමසීමකදී ඒ මහතා සඳහන් කලේ ලංකාවේ ගවගහනය ලක්‍ෂ 12ක් පමණ වුවත් ඉන් කිරි නිෂ්පාදනය සඳහා යොදවා ඇත්තේ ලක්‍ෂ 1 1/2ක පමණක් බවත් එම ප‍්‍රමාණය ලක්‍ෂ 03 දක්වා වැඩි කරන්නේ නම් රට සම්පූර්ණයෙන්ම කිරි ආහාරවලින් ස්වංපෝෂිත කර අතිරික්ත බටර් තොගය ඉරාන තෙල් වලට කිසිදු මුදලක් නොගෙවා හිලවුවට දිය හැකි බවයි.
පැලවත්ත මෙන්ම රජය සතු හයිලන්ඞ් කර්මාන්ත ශාලාවල කිරි පිටි සම්පූර්ණයෙන්ම දේශීයව නිෂ්පාදනය වන බවද පැවසූ ඒ මහතා ඊට ඞීසීඞී දැමීමක් හෝ ප්‍රෝටීන ඉවත කර ගැනීමක් සිදු නොකරන බවද කීවේය.
අපේ රටේ දුප්පත් කාන්තාවන් මැදපෙරදිග අපා දුක් විඳ එවනා ඩොලර් මිලියන 500කින් වස මුසු රට කිරි රොඩු මිලදී ගන්නේ මන්දැයි ඔහු වැඩිදුරටත් ප‍්‍රශ්න කරයි.
මේ අතර ඞීසීඞී විෂකාරකය ඇතැයි වාර්තා වූ සියළු විදේශීය කිරිපිටි වෙළඳපලෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දැනුම් දී ඇති අතර කිසිදු විෂ රසායනිකයක් ඇතැයි සනාථ නොවූ පැලවත්ත සහ හයිලන්ඞ් කිරිපිටි සඳහා මෙම නියෝගය බල නොපායි.
ආරියශීල වික‍්‍රමනායක මහතා මෙරට ප‍්‍රමුඛ පෙලේ දේශීය ව්‍යාරිකයෙක් වන අතර දේශිය ව්‍යාපාරිකයන් සඳහාම බිහි වූ මවුබිම ලංකා පදනමේ සභාපතිවරයාද වෙයි.
හම්බන්තොට වරාය ඉදි කරන්නටත් පෙර ඒ ආසන්නනයටම නැවක් ගෙන ගොස් වරායක් සඳහා ස්ථානය සුදුසු බව නොබියව කියූ පලමු පුද්ගලයාද වූ ඉතිහාසයක් ඒ මහතා සතුය.
ඔහු කියූ දේ සෙමෙන් එහෙත් ස්තාවරව සත්‍ය වෙමින් තිබේ. තවත් වසර 30-40කින් හම්බන්තොට වරායට කලාපයේ හිමිවන ස්ථානය නොකිවමනාය.
August 8, 2013 at 12:01 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/98906/
සබැඳි ලිපි -
[
කිරිපිටි වෙළඳ දැන්වීම් තහනම්… ළදරු කිරිපිටි විකිණීම තහනම්… සියල්ල වෙළෙඳපොළෙන් ඉවතටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_2806.htmlපිටිකිරි අර්බුදයේ ඇතුළාන්තයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1481.htmlවිෂ රසායන ඇති කිරිපිටි ඉවත දමනු - වෛද්‍ය අනුරුද්ධ පාදෙණියhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_3391.htmlනවසීලන්තයෙන් ගේන ළදරු කිරිපිටි නවතයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_54.htmlපුටින් ෆොන්ටෙරා නිෂ්පාදන තහනම් කර පයින් ගසා රුසියාවෙන් පන්නයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_60.htmlමරණීය විෂ අසුවේ… සියළු ෆොන්ටෙරා නිෂ්පාදන චීනයෙන් ඉවත් කෙරේhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_9949.html
]

1 comments:
ane, ithin me kiri diya wenne nehe ne. punakku wagene.
Post a Comment