Pages

Friday, August 9, 2013

කිරිපිටි සමාගමකට දැන්වීම් ප්‍රචාරය තහනම් - අභියාචනාධිකරණය

පෞද්ගලික සමාගමක්‌ මගින් නවසීලන්තයෙන් ගෙන්වා අලෙවි කරන හා බෙදාහරින කිරිපිටි පරිභෝජනයට සුදුසු බවට හා ශරීර සෞඛ්‍යයට 100% ක්‌ ම හානිදායක නොවන බවට සඳහන් කරමින් දැන්වීම් ප්‍රසිද්ධ කිරීම තහනම් කරමින් අභියාචනාධිකරණය ඊයේ එම සමාගමට නියෝගයක්‌ නිකුත් කළේය.

එම තහනම ලබන 21 දා තෙක්‌ දැනට බල පැවැත්වෙනු ඇත.

අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේ මාතලේ හලම්බාව පාර, අංක 122 පදිංචි කමල් සාලිය සමරසිංහ නමැති දෙදරු පියකු ගොනු කර තිබූ පෙත්සමක්‌ සලකා බැලීමෙන් අනතුරුවයි.

පාරිභෝගික අධිකාරිය, එහි සභාපති රූමි මර්ෂුක්‌, එම අධිකාරියේ සාමාජිකයන් අධ්‍යක්‍ෂවරුන් හා ෆොන්ටෙරා බ්‍රෑන්ඩ් ලංකා සමාගම හා නීතිපති වගඋත්තරකරුවන් ලෙස පෙත්සමේ නම් කර ඇත.

අභියාචනාධිකරණයේ සභාපති එස්‌. ස්‌කන්ධරාජා සහ මානෙල් ගුණරත්න මහත්මිය හමුවේ ඊයේ පෙත්සම කැඳවූ අතර අධිනීතිඥ උපුල් ජයසූරිය මහතා පෙත්සම්කරු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළේය.

පාරිභෝගික අධිකාරියට, එහි සභාපතිට, අධ්‍යක්‍ෂවරුන්ට හා ෆොන්ටෙරා සමාගමට පෙත්සම්කරු විසින් නොතිසි යවා තිබුණ නමුත් ඔවුන් වෙනුවෙන් නියෝජිතයන් හෝ නීතිඥයන් කිසිවකු පෙනී සිටියේ නැත.

එනිසා පෙත්සමෙන් ඉල්ලා සිටි පරිදි එකී කිරිපිටි 100% ක්‌ ම පරිභෝජනයට සුදුසු බවට සඳහන් දැන්වීම් පළකිරිම තාවකාලිකව තහනම් කිරීමට තීරණය කළ බව විනිසුරු මඩුල්ල නිකුත් කළ නියෝගයේ සඳහන් කර ඇත.

මෙහි පෙත්සම්කරු වෘත්තියෙන් ගෘහ නිsර්මාණ ශිල්පියෙක්‌. කුඩා කල සිට තම දරුවන්ට කිරිපිටි පානය කිරීමට හුරුකර ඇති නිසා ඒවා පරිභෝජනයට සුදුසු ද යන්න පිළිබඳව තමා නිතර විමසිල්ලෙන් සිටින බවත් එම නිසා තමාගේ මෙන්ම ජනතාවගේ යහපත පිණිස මෙම නඩුව උසාවියට ගොනු කළ බවත් පෙත්සමේ මුලින්ම සඳහන් කර ඇත.
ෆොන්ටෙරා සමාගම නවසීලන්තයෙන් මෙහි ගෙන්වා බෙදාහරින කිරිපිටි හා අතුරු නිෂ්පාදන ජනතා සෞඛ්‍යයට හානිදායක බවට මහජනයා අතර මතයක්‌ පවතින අතර වෛද්‍යවරුන් කීපදෙනෙකු මෑතකදී කළ පරීක්‍ෂණවලින් ඒ බව තහවුරු වී ඇත. විදේශ රටවලින් මෙහි ගෙන්වන කිරිපිටි පිළිබඳ සම්පූර්ණ පරීක්‍ෂණ පැවැත්වීමට පියවර ගන්නා ලෙසට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදාළ බලධාරීන්ට මෑතදී උපදෙස්‌ දෙන ලදී. සෞඛ්‍ය ඇමැතිවරයා ද එම නිගමනයේ සිටී.

ඩී.සී.ඩී. යන කෙටි නාමයෙන් හඳුන්වන ද්‍රව්‍ය ශරිර සෞඛ්‍යයට ඉතා හානිදායක බව පිළිගත් මතයකි. එය රබර් කර්මාන්ත නිෂ්පාදන, බෙහෙත් ද්‍රව්‍ය, පොහොර, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු භාණ්‌ඩ නිෂ්පාදනයට උපයෝගී කර ගන්නා ද්‍රව්‍යයකි. ෆොන්ටෙරා සමාගම මෙහි ගෙන්වා අලෙවි කරන කිරිපිටි හා කිරිපිටි නිෂ්පාදනවල එම විෂ ද්‍රව්‍ය අඩංගුව ඇති බව නවසීලන්තයේ පිහිටි මව් සමාගම ද දැනට වර්ෂ 2 කට පමණ පෙර කළ පරීක්‍ෂණවලින් සොයා ගෙන ඇත. නමුත් ඒ පිළිබඳව මහජනයා දැනුවත් කිරීමක්‌ නිසියාකාරව සිදුකර නැත. කිරිපිටි අලෙවි කර ගැනීමේ අවශ්‍යතාව නිසා එය රහසක්‌ වශයෙන් සඟවා ගෙන සිටි අතර, එම කිරිපිටි හා නිෂ්පාදනවලින් ශරීර සෞඛ්‍යයට කිසිදු හානියක්‌ නැති බව සඳහන් කරමින් ෙµdන්ටෙරා සමාගම පුවත්පත් දැන්වීම් පළ කරමින් මහජනතාව නොමඟ යෑවීමේ උත්සාහයක යෙදී සිටින බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

ෆොන්ටෙරා සමාගම ගෙන්වනු ලබන කිරිපිටි රසායනාගාර පරීක්‍ෂණයකට භාජන කර ඒ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක්‌ උසාවියට ඉදිරිපත් කර එම වාර්තාව මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර ජනතාව දැනුවත් කරන ලෙසට ෆොන්ටෙරා සමාගමට හා පාරිභෝගික අධිකාරියට බල කරමින් මැන්ඩාමුස්‌ ආඥාවක්‌ නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

පෙත්සම ලබන 19 දා නැවත කැඳවනු ඇත.

සරත් ධර්මසේන 
http://www.divaina.com/2013/08/09/feature.html

සබැඳි ලිපි -
[

ෆොන්ටෙරා සමාගම ආහාරවලට විෂ වර්ග එක් කිරීම සම්බන්ධයෙන් පෙර වැරදිකරුවෙක් - වසන්ත බණ්ඩාරhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6050.htmlANCHOR 1+, ANCHOR FULL CREAM MILK POWDER, MALIBAN NON FAT MILK, DIAMOND MILK POWDER තහනම් කිරි වැටලීම් ඇරඹේhttp://denethharinna.blogspot.com/2013/08/anchor-1-anchor-full-cream-milk-powder.htmlවස විස නෑ…. හයිලන්ඞ්, පැලවත්ත තහනම් නෑhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1288.htmlඇන්කර් වෙළඳ දැන්වීම් තහනම් – අධිකරණ නියෝගයක්http://denethharinna.blogspot.com/2013/08/blog-post_9681.htmlකිරිපිටි වෙළඳ දැන්වීම් තහනම්… ළදරු කිරිපිටි විකිණීම තහනම්… සියල්ල වෙළෙඳ‍පොළෙන් ඉවතටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_2806.htmlපිටිකිරි අර්බුදයේ ඇතුළාන්තයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1481.htmlවිෂ රසායන ඇති කිරිපිටි ඉවත දමනු - වෛද්‍ය අනුරුද්ධ පාදෙණියhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_3391.htmlනවසීලන්තයෙන් ගේන ළදරු කිරිපිටි නවතයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_54.htmlපුටින් ෆොන්ටෙරා නිෂ්පාදන තහනම් කර පයින් ගසා රුසියාවෙන් පන්නයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_60.htmlමරණීය විෂ අසුවේ… සියළු ෆොන්ටෙරා නිෂ්පාදන චීනයෙන් ඉවත් කෙරේhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_9949.html
]

0 comments: