එළැඹෙන සැප්තැම්බරයේ 21 දින උතුරේ රජත සැමරුම් පළාත් සභා මැතිවරණය පැවැත්වෙනු ඇත. "රජත සැමරුම්" යනුවෙන් විශේෂණ පදයක් යෙදුවේ ඇයි? ඔබ විමසන්නට බැරි නැත. මා එසේ සඳහන් කළේ අවසන් වරට උතුරු පළාතට පළාත් සභා මැතිවරණයක් පැවැත්වුණේ 1988 නොවැම්බර් 19 වැනිදාය. එතැන් පටන් වසර 25 ක් ගිය කල්හි දෙවැනි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු යොදා ඇත.
2013 වර්ෂයේ දේශපාලන ක්‌ෂේත්‍රයේ වැඩි වශයෙන් කතා කළ මාතෘකාව වන්නේ 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව, පළාත් සභා පනත, ඊට අදාළ පොලිස් හා ඉඩම් බලතල සම්බන්ධවය. පුරා වසර 30 ක කාලයක් උතුරු නැගෙනහිර මෙන්ම කලෙක දකුණු හා සෙසු ප්‍රදේශ කරාද පැතිර ගිය එල්.ටී.ටී.ඊ. මිනීමරු ත්‍රස්‌තවාදයට විසඳුමක් ලෙසින් 1987 වකවානුවේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වූ ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඉන්දියාවේ දැඩි බලපෑම් සහ පෙළඹවීම් මත පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේය. ඡේ. ආර්. ගේ ආණ්‌ඩුවත්, ඉන්දියා ආණ්‌ඩුත් මෙම ත්‍රස්‌තවාදය දැක්‌කේ ජනවාර්ගික ප්‍රශ්නයක් ලෙසිනි. මෙහි ඇති ජන වර්ග ප්‍රශ්නයක් නැතැයිද ඇත්තේ ත්‍රස්‌තවාදයක් යෑයි නොබියව එදා එජාප රජයක් යටතේ ප්‍රකාශ කළ ජන නායකයා වූයේ දිවංගත ජනාධිපති ඩිංගිරි බණ්‌ඩා විෙ-තුංග ජනාධිපතිවරයා පමණි.
2009 මැයි මාසයේ 18 වැනිදා ශ්‍රී ලංකා ධරණී තලයේ අවසන් බිම් අඟලත් ත්‍රස්‌තවාදයෙන් මුදා ගැනීමට වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සේනාධි නායකත්වයෙන් පියවර ගන්නා තුරු උතුරු නැගෙනහිර බොහෝ ප්‍රදේශවල ජනයා තුවක්‌කු කටේ සිරවී සිටි යුගය අද ඇතැමුන්ට අමතකය. උතුරු නැගෙනහිර මිනිසුන් ආරක්‌ෂක පවුරු ලෙසින් යොදාගෙන ප්‍රභාකරන්ලා යුද්ධ කළ යුගය අද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලොව පුරා නොයෙක් ගතු කේළාම් කියමින් යන උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන දෙමළ ජාතික සන්ධානය එදා සිටියේ කොහේද? යන්න මහත් ප්‍රශ්නයකි. පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත්. ජාත්‍යන්තරය තුළත් එදා එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් පෙනී සිටි දෙමළ ජාතික සන්ධානය 2005 නොවැ. 17 ජනාධිපතිවරණය වර්ජනය කරන්න යෑයි එල්.ටී.ටී.ඊ. ය උතුරු නැගෙනහිර ජනතාවට මරණීය තර්ජනය කරද්දී ජාත්‍යන්තරයට, මානව හිමිකම් සංවිධානවලට විදෙස් තානාපති කාර්යාලවලට පැමිණිලි නොකළේ මන්ද? 2005 ජනාධිපතිවරණයේ දී කිලිනොච්චි ඡන්ද බල ප්‍රදේශයේදී ඡන්දය පාවිච්චි කළ එකම ඡන්දදායකයාගේ අත කපා දමද්දී දෙමළ ජාතික සංවිධානය ජාත්‍යන්තරයට මේවා ගැන පැමිණිලි කළාද?
උතුරේ ඡන්දයෙන් කවුරු දිනුවත්, පැරදුනත් උතුරේ ජනතාවට ස්‌වාධීනව ඡන්දයක් පාවිච්චි කිරීමට අවස්aථාව ලැබීම අප ලැබූ විශිෂ්ට ජයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා සඳහන් කර තිබිණි. 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ 1988 ශ්‍රී ලංකාවේ එවක ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා 1988 අංක 02 දරන පළාත් සභා පනත යටතේ පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේය. 1987 ජූලි මස අගදී එවක ඉන්දියාවේ අගමැතිවරයා වූ රජීව් ගාන්ධි මහතා සමගින් ඉන්දු - ශ්‍රී ලංකා සාම ගිවිසුම අත්සන් කිරීමත් සමගින් පළාත් සභා පනත එවක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් 2/3 කට වැඩි ඡන්දයෙන් සම්මත කරනු ලැබීය.
1988 සැප්. 08 වැනිදා එවක ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා අංක 522/9 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් උතුරු නැගෙනහිර පළාත් දෙක එක් පළාතක් බවට ප්‍රකාශයට පත් කළේය. වර්ෂයක් තුළදී මෙම ඒකාබද්ධ කිරීම පිළිබඳව නැගෙනහිර ජනතාවට ජනමත විචාරණයකදී සිය මතය ප්‍රකාශ කළ හැකි බැව් සඳහන් කළ ජනාධිපතිවරයා තමන් තනතුරෙන් නික්‌ම යන තෙක් ජනමත විචාරණයකට යොමු නොකළ අතර උතුරු නැගෙනහිර වශයෙන් යළිත් වෙන් කිරීමක්‌ද සිදු නොකළේය.
ඡේ. ආර්. ජයවර්ධන මහතාගෙන් අනතුරුව රණසිංහ ප්‍රේමදාස (1989 ජන. 02 - 1993 මැයි 01), ඩී. බී. විඡේතුංග (1993 මැයි 01 - 1994 නොවැ. 12), චන්ද්‍රිකා කුමාරණතුංග (1994 නොවැ. 12 - 2005 නොවැ. 19 දක්‌වා) යන කිසිදු ජනාධිපතිවරයකු හෝ ජනාධිපතිවරයකුට මෙම පළාත් සභා දෙක වෙන් කිරීමටවත්, ජනමත විචාරණයකට යැමටවත් පුළුවන්කමක් තිබුණේ නැත.
උතුරු නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කිරීම නීති විරෝධී ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා ජවිපෙ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළේය. උතුරු නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කිරීම නීති විරෝධී බවට 2006 සැප්තැම්බර් 13 දින ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සඳහන් කළේ 1988 දී පළාත් සභා පනත පාර්ලිමේන්තුවේදී 2/3 කට වැඩි ඡන්දයෙන් සම්මත වූයේ පළාත් සභා නවයක් පිහිටුවීමටයි. නමුත් එවක ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා උතුරු නැගෙනහිර පළාත් සභා දෙක එකක් බවට පත්කොට ආණ්‌ඩුකාරයකු පත් කළේය. ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතාට කළ යුතුව තිබුණේ එය පාර්ලිමේන්තුවෙන් විමසා අනුමැතිය ලබා ගැනීමයි. ජවිපෙ වෙනුවෙන් ජනාධිපති නීතිඥ එච්. එල්. ද සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර එවක අගවිනිසුරු සරත් නන්ද සිල්වා, ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවන් වූ නිහාල් ජයසිංහ, එන්. කේ. උදලාගම, රාජා ප්‍රනාන්දු සහ නිමල් ගාමිණී අමරතුංග යන මහත්වරු මේ පෙත්සම විභාග කර තීන්දුව ප්‍රකාශයට පත් කළහ.
මෙකී තීන්දුවත් සමගින් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 1988 සැප්. 08 වැනිදා එවක ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කළ අති විශේෂ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ ගැසට් නිවේදනයට යළිදු අත්සන් නොකිරීමේ හේතුවෙන් පළාත් දෙක උතුරු නැගෙනහිර බවට පත්විය. මෙලෙස දෙකඩ වූ පළාත් සභා දෙකෙන් නැගෙනහිර පළාත සඳහා වසර 20 කට පසුව එනම් 2008 මැයි මස 10 වැනිදා පළාත් සභා මැතිවරණයක් පැවැත්වූයේ අවුරුදු 20 කට අනතුරුවය. 2006 ජූලි මසදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තයන් මාවිල්අරු වසා දැමීමත්a සමගින් ශ්‍රී ලංකා හමුදාව දියත් කළ මානුෂික මෙහෙයුම තුළින් 2007 ජූලි මාසය වෙද්දී මුළු නැගෙනහිර පළාතෙන් ත්‍රස්‌තවාදය අතුගා දැමීමට හැකිවිය. නැගෙනහිර මානුෂික මෙහෙයුම නිමවී උතුර දෙසට ආරක්‌ෂක අංශ හැරෙනවාත් සමගින් නැගෙනහිර ජනතාවට නිදහසේ සුවඳ යන්තමින් දැනෙද්දී සිය නියෝජිතයන් තෝරා ගන්නට නිදහසේ තම මනාපය පළ කරන්නට අවස්‌ථාව උදාවිය. ඒ 2008 මැයි 10 වැනිදාය. ඒ මැතිවරණය දෙමළ ජාතික සන්ධානය වර්ජනය කළ අතර එම මැතිවරණයද කඩාකප්පල් කිරීමට එල්.ටී.ටී.ඊ. ක්‍රියා කළ අතර ඡන්දයට පෙරදින (2008 මැයි 09 දින) සවස අම්පාර නගරයේ හෝටලයක් තුළද බෝම්බයක් පුපුරා ගියේය.
මීට වසර 25 කට පෙරාතුව අවසන් වරට උතුරේÊපළාත් සභා මැතිවරණයක් පැවැත්වූ වකවානුවේ සිද්ධීන් කිහිපයක් සිහියට නඟමු. එදා උතුරේ ඡන්දය පැවැත්වූයේ 1988 නොවැ. 19 වැනිදාය. ඒ උතුරු හා නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධව එක් පළාතක් ලෙසිනි. 1988 ඔක්. 03-10 දින දක්‌වා එවක මැතිවරණ කොමසාරිස්‌වරයා වූ චන්දානන්ද ද සිල්වා මහතා විසින් උතුරු නැගෙනහිර පළාත් සභාව නාමයෝජනා කැඳවූයේය. එහිදී උතුරු පළාතේ දිස්‌ත්‍රික්‌ක පහක් සඳහා නිතරගයෙන් නියෝජිතයන් පත්වූහ. 1988 නොවැ. 19 වැනිදා පැවැති පළාත් සභා මැතිවරණයේ දී කිලිනොච්චි, වවුනියාව, මුලතිව් යන දිස්‌ත්‍රික්‌ක සඳහා ඊළාම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විමුක්‌ති පෙරමුණෙන් (EභෘඛF) මන්ත්‍රීවරු 12 දෙනකු තේරී පත්වූහ. වර්ධරාජා පෙරුමාල්ගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා විප්ලවකාරි විමුක්‌ති පෙරමුණෙන් (EඡRඛF) යාපනය සහ මන්නාරම දිස්‌ත්‍රික්‌ක සඳහා මන්ත්‍රීවරු 24 දෙනකු තේරී පත්වූහ. ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්‌ත්‍රික්‌ක සඳහා එජාප, ශ්‍රීල.නිප., මුස්‌ලිම් කොංග්‍රසය සහ EඡRඛF තරග කළහ. අම්පාර දිස්‌ත්‍රික්‌කය සඳහා ශ්‍රීල.මු.කො. (ඡන්ද 90,436) නියෝජිතයන් 09 යි. EඡRඛF (ඡන්ද 45,754) නියෝජිතයන් 04 යි. එජාප (ඡන්ද 7300) එක් නියෝජිතයකු වශයෙන් තේරී පත්වූහ.
මඩකලපුව දිස්‌ත්‍රික්‌කය EඡRඛF (ඡන්ද 1,26,946) නියෝජිතයන් 08 යි. ශ්‍රීල.මු.කො. (ඡන්ද 42,100) නියෝජිතයන් 03 යි. එජාප (ඡන්ද 756) නියෝජිතයන් පත්වූයේ නැත.
ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කය EඡRඛF සහ ශ්‍රිල.මු.කො. නියෝජිතයෝ පස්‌දෙනා බැගින් තේරී පත්වූහ. එහි ප්‍රතිපලය වූයේ EඡRඛF ඡන්ද 42,536 යි. ශ්‍රිලමුකො ඡන්ද 35502 යි.
1988 නොවැම්බර් 19 වැනිදා උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණය ඉතා දරුණු සහ ප්‍රචණ්‌ඩකාරී බෝම්බ ගැසීම් සහ වෙඩි තැබීම්වලින් පිරි මැතිවරණයක් විය. මැතිවරණයට පෙරදින එනම් 18 වැනිදා සවස් වන තුරුම ඡන්දදායක දායිකාවන් වැඩි දෙනකුට සිය නිල ඡන්ද කාඩ්පත් ලැබී නොතිබුණු අතර උතුර හැරෙන්නට ඡන්දය පැවැති නැගෙනහිර පළාතේ ඡන්ද මධ්‍යස්‌ථාන 590 කදී ඡන්දය පැවැත්වීමට නියමිතව තිබිණි. මෙම වකවානුවේදී ශ්‍රී ලංකාවේ ආරක්‌ෂක හමුදාව බැරැක්‌කවල සීමාකොට ඉන්දීය සාම සාධක හමුදාව ෂඡණF ආරක්‌ෂක කටයුතුවලට සම්බන්ධ වී තිබිණි. එයට හේතුව වූයේ 1987 ශ්‍රී ලංකා හා ඉන්දීය ආණ්‌ඩු අතර ඡේ. ආර්. හා රජීව් යන රාජ්‍ය නායකයන් අතර ඇති කරගත් ඉන්දු - ලංකා ගිවිසුමයි.
මෙම පළාත් සභා මැතිවරණයේ සිංහල ප්‍රදේශවල ඡන්ද විමසීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ පොලිsසිය යොදා තිබූ අතර දෙමළ සහ මුස්‌ලිම් ප්‍රදේශවලට ඉන්දීය සාම සාධක හමුදාව යෙදීමට රජය ක්‍රියා කළේය. ඉන්දියාවේ සිට පැමිණ සිටි පොලිස් කාන්තාවන්ද ඡන්ද කටයුතුවලට යොදා ගැනීම විශේෂ සිද්ධියක් විය. මේ අතර ශ්‍රිලනිප, මඑපෙ සහ ජවිපෙ මෙම පළාත් සභා ක්‍රමය ප්‍රතික්‌ෂේප කළ අතර ඉන්දු ලංකා ගිවිසුමටද එරෙහි විය. මේ හේතුවෙන් එම පක්‌ෂ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූයේ නැත.
මේ අතර ජනතා විමුක්‌ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සිංහල ප්‍රදේශවල ජනතාවට දැනුම් දුන්නේ මෙම පළාත් සභා සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙසයි. ඡන්දය පැවැති 1988 නොවැ. 19 වැනිදා ඇඳිරි නීතිය ප්‍රකාශ කරන බවද, පවසමින් සිංහල ප්‍රදේශවල පෝස්‌ටර් අළවා තිබිණි. ඡන්ද රාජකාරි සඳහා 2500 ක රජයේ නිලධාරීන් අවශ්‍ය වී තිබූ නමුත් රාජකාරි සඳහා නැගෙනහිර පළාතට පැමිණ තිබුණේ 400 ක පමණ නිලධාරි පිරිසකි.
එදින හා ඊට ආසන්නව එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තයන් සිදුකළ ත්‍රස්‌ත ක්‍රියා කීපයක් සඳහන් කරමි. ජනමාධ්‍ය වාර්තා කළ අන්දමින් ඉතා ප්‍රබල මට්‌ටමකින් සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානය මන්නාරම, මුරුන්කන් පොලිසිය වෙත පැය දහයක අඛණ්‌ඩ ප්‍රහාරයක් එල්ල කර ඇත. විශාල ලෙසින් ඉන්දීය සාම සාධක හමුදා කඳවුරු හා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් ස්‌ථාන වෙත ප්‍රහාර එල්ල කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය වව්නියාව, ඉන්දීය සාම සාධක හමුදා කඳවුරට (ෂඡණF) ප්‍රහාර එල්ල කරමින් හමුදා භටයන් පස්‌දෙනකුට තුවාල සිදු කළහ.
අක්‌කරපත්තුවේදී (නැගෙනහිර අම්පාර දිස්‌ත්‍රික්‌කයේ) වෑන් රියක ගමන් කළ ඉන්දීය සාම සාධක හමුදාවට ප්‍රහාර එල්ල කිරීමෙන් එහි රියෑදුරු ශ්‍රී ස්‌කන්ධරාජා මරණයට පත්විය.
ත්‍රිකුණාමලය වෙරළබඩ පාරේ ඉන්දීය සාම සාධක හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීමෙන් හමුදා භටයකු මියගිය අතර තොණ්‌ඩමනාරු ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් ඉන්දීය භටයකු මියගියේය. උතුරු නැගෙනහිර අඩප්පන්, එරාවුර්, පොතුවිල්, කල්කුඩා හා මුලතිව් යන ප්‍රදේශවලදී දරුණු ප්‍රහාර එල්ල විය.
1988 ඔක්. 03-10 දක්‌වා උතුරු නැගෙනහිර නාමයෝජනා කැඳවීමෙන් අනතුරුව යාපනය (19), මන්නාරම (05), වව්නියාව (04), මුලතිව් (05) හා කිලිනොච්චි (03) යන දිස්‌ත්‍රික්‌ක සඳහා මන්ත්‍රීවරුන් 36 දෙනකු නිතරගයෙන් පත්වූහ. මේ අනුව EPRLF යාපනය හා මන්නාරම සඳහා සිය නියෝජිතයෝ 24 දෙනකු නිතරගයෙන් පත්වූහ. ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී විමුක්‌ති පෙරමුණෙන් (EPRLF) 12 දෙනකු නිතරගයෙන් තේරී පත්වූහ. සම්පූර්ණයෙන් උතුරු නැගෙනහිර සඳහා EPRLF 41 දෙනෙක්‌ද, ශ්‍රීලමුකො 17 දෙනෙක්‌ද, EPRLF 12 දෙනෙක්‌ද, එක් මන්ත්‍රීවරයකු ඇතුළු මන්ත්‍රීවරුන් 71 දෙනකුද, පළාත් සභා ආණ්‌ඩු පනත යටතේ වැඩිම මන්ත්‍රීන් සංඛ්‍යාවක් තේරීපත් වූ පක්‌ෂය හෝ ස්‌වාධීන කණ්‌ඩායමට ලැබෙන ප්‍රසාද මන්ත්‍රී (ඊදබ්s) දෙදෙනකුද, EPRLF සංවිධානයට ලැබිණි.
1988 නොවැ. 19 වැනිදා උතුරු නැගෙනහිර පළාත් සභාවට පත්වූ වර්ධරාජා පෙරුමාල් මහ ඇමැතිවරයාගේ පළාත් සභාව ද්‍රවිඩ ජාතික හමුදාවක් ගොඩනැංවීමට ක්‍රියා කිරීම හා ද්‍රවිඩ ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමත් සමගින් එවක ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා වර්ධරාජ පෙරුමාල්ගේ පළාත් සභාව විසුරුවා හැරියේය. එහි පාලන කටයුතු උතුරු නැගෙනහිර පළාත් සභාවේ ආණ්‌ඩුකාරවරයා වෙත පැවරීම ජනාධිපතිවරයෙකුට ව්‍යවස්‌ථාව තුළින් තමන්ට ලැබෙන බලතල යටතේ සිදු කළේය.
2008 මැයි 10 වැනිදා පැවැති පළාත් සභාව සඳහා දෙමළ ජාතික සන්ධානය තරග නොකළේ එදා මහ ඇමැති අපේක්‍ෂක (එජනිස) වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ලා අවි දරා කරන ඡන්දය සාධාරණ නොවන බව පවසමිනි. දශක තුනක් පුරා පැවැති යුද්ධය අවසන් කර යළි උතුරේ මිනිසුන් ගම්බිම්වලට ගොස් තමන් ජීවිකා වෘත්තිය කරගෙන යද්දී එල්.ටී.ටී.ඊ. සපත්තු අඩියට යටව සිට එයින් මිදී දරුවන් ළමා බළකායට පැහැරගෙන ගිය මිනීමරු කොටි යුගය නිමවා, මාර්ග, වාරි පහසුකම්, විදුලිය වැනි යටිතල පහසුකම් ලබමින් අංග සම්පූර්ණ නිවාස නොතිබුණත්, කොටි ග්‍රහනයෙන් මිදී තමන්ගේ කියා පොල් අතු, තල් අතු හෝ ටකරන් සෙවණක සිටින උතුරේ ජනතාවට වසර 25 කට පසුව තම පළාත් සභාවේ සභා නියෝජිතයන් තෝරා ගැනීමේ අවස්‌ථාව උදාවී ඇත.
කවුරු දිනුවත්, පැරදුනත් ප්‍රජාතන්ත්‍රවාදය යළි ජය ගන්නේ නම් එය සැමගේ යහපත සඳහාය.
ජූඩ් ඩෙන්සිල් පතිරාජ
http://www.divaina.com/2013/08/09/feature.html

0 comments:
Post a Comment