Pages

Friday, August 9, 2013

මෙම කිරිපිටි තහනම් - කිරිපිටි තහනම ක්‍රියාත්මක දැයි සොයා බලන්න - සෞඛ්‍ය අමාත්‍යාංශය

වෙළෙඳපොළේ ඇති කිරිපිටිවලින් විකිණීමට තහනම් කර ඇති කිරිපිටි වර්ග හරිහැටියට වෙළෙඳසල්වලින් ඉවත් කරන්නේද යන්න සොයා බලන ලෙස වගකිවයුත්තන්ට දන්වා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අනුව කාර්මික තාක්‍ෂණ ආයතනය විසින් පරීක්‍ෂණවලදී "ඩීසීඩී" කෘෂි රසායනික ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු කළ ආනයනික කිරිපිටි වර්ග 4 කට අයත් කාණ්‌ඩවල කිරිපිටි තොග අදාළ කිරිපිටි සමාගම් විසින් දැනුම් දී ඇති පරිදි ඉවත් කර ගන්නේ ද යන්න හරිහැටි සොයා බලන ලෙස දිවයිනේ සියලු පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරුන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරුන් හා කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වෙත දැනුම් දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.

අදාළ සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරුන්ට ඒ සම්බන්ධව චක්‍රලේඛයක්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් යවා ඇති බවද අමාත්‍යාංශය කියයි.

ඩීසීඩී රසායනිකය අඩංගු බවට මෙරට පරීක්‍ෂණවලදී තහවුරු කරනු ලැබූ කිරිපිටි කාණ්‌ඩයන් වෙළෙඳපළෙන් ඉවත් කරගන්නා ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් අදාළ කිරිපිටි සමාගම් වෙත පෙරේදා (07 දා) දැනුම් දී තිබිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිවේදනය කර ඇති පරිදි වෙළෙඳපොළෙන් ඉවත් කරගන්නා ලෙස දැනුම් දී ඇති කිරිපිටි වර්ග මෙසේය.

ඇන්කර් 1Ý කාණ්‌ඩ අංකය 107610163 ෆොන්ටෙරා සමාගම. 

ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි කාණ්‌ඩ අංකය 0605C0883 11(21 ෆොන්ටෙරා සමාගම.

මැලිබන් යොදය රහිත කිරිපිටි. කාණ්‌ඩ අංකය 13074A1 බැලිබන් කිරි නිෂ්පාදන පෞද්ගලික සමාගම.

ඩයමන්ඩ් කිරිපිටි කාණ්‌ඩ අංකය භඋෂFෂඡDඞෂ ජී. එම්. මොහොමඩ් අලි සහ සමාගම.

ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2013/08/09/news01.html

සබැඳි ලිපි -
[

කිරිපිටි සමාගමකට දැන්වීම් ප්‍රචාරය තහනම් - අභියාචනාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_2390.htmlෆොන්ටෙරා සමාගම ආහාරවලට විෂ වර්ග එක් කිරීම සම්බන්ධයෙන් පෙර වැරදිකරුවෙක් - වසන්ත බණ්ඩාරhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6050.htmlANCHOR 1+, ANCHOR FULL CREAM MILK POWDER, MALIBAN NON FAT MILK, DIAMOND MILK POWDER තහනම් කිරි වැටලීම් ඇරඹේhttp://denethharinna.blogspot.com/2013/08/anchor-1-anchor-full-cream-milk-powder.htmlවස විස නෑ…. හයිලන්ඞ්, පැලවත්ත තහනම් නෑhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1288.htmlඇන්කර් වෙළඳ දැන්වීම් තහනම් – අධිකරණ නියෝගයක්http://denethharinna.blogspot.com/2013/08/blog-post_9681.htmlකිරිපිටි වෙළඳ දැන්වීම් තහනම්… ළදරු කිරිපිටි විකිණීම තහනම්… සියල්ල වෙළෙඳ‍පොළෙන් ඉවතටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_2806.htmlපිටිකිරි අර්බුදයේ ඇතුළාන්තයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1481.htmlවිෂ රසායන ඇති කිරිපිටි ඉවත දමනු - වෛද්‍ය අනුරුද්ධ පාදෙණියhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_3391.htmlනවසීලන්තයෙන් ගේන ළදරු කිරිපිටි නවතයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_54.htmlපුටින් ෆොන්ටෙරා නිෂ්පාදන තහනම් කර පයින් ගසා රුසියාවෙන් පන්නයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_60.htmlමරණීය විෂ අසුවේ… සියළු ෆොන්ටෙරා නිෂ්පාදන චීනයෙන් ඉවත් කෙරේhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_9949.html
]

0 comments: