Pages

Monday, August 5, 2013

කාත්තන්කුඩි පල්ලියේ කොටි ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිකර යාඥා

කොටි සංවිධානය කාත්තන්කුඩි පල්ලියේදී 1990 වසරේ අගෝස්‌තු මස 3 වැනිදා එල්ල කළ තුවක්‌කු ප්‍රහාරයට ලක්‌ව මියගිය මුස්‌ලිම් ජාතිකයන්ගේ 23 වැනි සැමරුම පෙරේදා (3 දා) පැවැත්විණි. මෙහිදී 103 දෙනකු ඝාතනයට ලක්‌වී 256 දෙනෙක්‌ බරපතළ තුවාල ලැබූහ.

මෙම ඝාතන සිදුවූ කාත්තන්කුඩි -1 මීරාජුම්මා පල්ලිය හා මන්ජන්තොඩුqවායි හුසයිනියා පල්ලියේ විශේෂ යාඥා මෙහෙයන්ද පැවැත්විණි.

1990 වසරේ අගෝස්‌තු මස 3 වැනිදා රාත්‍රි යාඥාවේ යෙදී සිටි මුස්‌ලිම් ජාතිකයන්ට කොටි සංවිධානය තුවක්‌කු හා බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් මේ මහා සංහාරය සිදුවිය.

මඩකලපුව - ජවුෆර් කාන්
http://www.divaina.com/2013/08/05/news03.html

0 comments: