Pages

Tuesday, August 13, 2013

DCD පරීක්ෂාවට තායිලන්තයටම යාම පිටුපස අබිරහසක්

ආනයනික කිරිපිටිවල ඞී.සී.ඞී. අඩංගු දැයි පරීක්ෂා කිරීමට සුදුසුම රසායනාගාරය වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සිංගප්පූරුවේ රසායනාගාරයක් නම් කර තිබියදී ශ්‍රී ලංකාවේ අලෙවි කරන කිරිපිටි එම පරීක්ෂාව සඳහා තායිලන්තයේ රසායනාගාරයකට යැවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ  ආහාර උපදේශක කමිටුව වෙත චෝදනා එල්ල වී තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියත් ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනයත් (අයි.ටී.අයි.) මගින් මෙරට අළෙවි කෙරෙන කිරිපිටිවල ඞී.සී.ඞී. අඩංගු බව තහවුරු කර තිබියදී එම තායිලන්ත රසායනාගාරය වෙනත් තීන්දුවක් ලබාදීම පිළිබඳව බලවත් සැකයක් මතුව තිබෙන බව  ද  සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.


මේ අතර මේ පිළිබඳව ආහාර උපදේශන කමිටුවෙන් ප‍්‍රශ්න කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා බලාපොරොත්තු වන බව ද දැනගනන්ට අත.


August 12, 2013 at 5:06 pm | lanka C news

http://lankacnews.com/sinhala/news/99229/

සබැඳි ලිපි කිහිපයක්-
[කිරි, මෙලමයින් සහ DCD - ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/08/dcd.htmlදේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ නැංවීම අර්බුදයට විසඳුමයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6292.html
]

0 comments: