ප්‍රශ්ණයට විසඳුමක් ලෙස තමිල්නාඩු ධීවරයන් කියා සිටින්නේ තමන්ට උතුරු මුහුදේ සිය ජීවිකාව කරගැනීම සඳහා වෙනම කාලසීමාවක් ලබාදිය යුතු බවයි.
ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධිවරයන් ලබන අගෝස්තු 21 වන දිනට පෙර නිදහස් නොකරන්නේ නම් සුදු කොඩි ඔසවා ගෙන බෝට්ටු 400කට අධික සංඛ්‍යාවක නැඟී ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කර ශ්‍රී ලංකාවේ ‘සරණාගතභාව’ ඉල්ලන බවට තමිල්නාඩු ධීවරයෝ තර්ජනය කරන්නේ යයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු තීරයේ නීති විරෝධීව මසුන් මැරීමේ චෝදනාව යටතේ නාවික හමුදාව තමිල්නාඩු ධීවරයන් 65 දෙනකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටිති.
ඉන්දීය මධ්‍යම රජය මේ සඳහා මැදිහත් විය යුතු බවත් එසේ මැදිහත් නොවන්නේ නම් තමන් එම පියවර ගන්නා බවද පවසන ඔවුන් තමිල්නාඩුවේ නාගපට්ට්නම් ප්‍රදේශයේ ධීවර ප්‍රදේශ 08ක ජනතාව පසුගිය ජූලි 30 වැනිදා සිට සිය බෝට්ටු 400ක් පමණ මුහුදේ එක පෙළට නවත්වා ධීවර කටයුතු වර්ජනයක නිරත වන අතර බෝට්ටු සියල්ලේම ඔවුහු කළු කොඩි ඔසවා තිබේ.

August 12, 2013 at 8:35 am | lanka C news
http://lankacnews.com/sinhala/news/99198/

1 comments:
apith enakan balan inne balamukooo ehenam
Post a Comment