බහුජාතික කිරිපිටි සමාගමක් විසින් ආනයනික කිරිපිටි යොදා නිෂ්පාදනය කරනු ලබන කුඩා ළමයින් අතර ජනප‍්‍රිය එක්තරා යෝගට් වර්ගයක ද ඞී. සී. ඞී. විෂ රසායනිකය ඇති බවට සැක මතුව ඇති හෙයින් ඒ පිළිබඳවද කඩිනමින් පරීක්‍ෂාවක් කළ යුතුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.
එම පෙරමුණේ දේශපලාන මණ්ඩල සභික හිටපු සංස්කෘතික අමාත්‍ය පියසිරි විජේනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.
එම නිවේදනය මෙසේය.
ලාභය තම එකම අරමුණ බවට පත් කරගත් බහුජාතික කිරිපිටි සමාගම් විසින් ශ‍්‍රී ලංකාවට විෂ සහිත කිරිපිටි ප‍්‍රතාපනය කරමින් දේශීය කිරි කර්මාන්තය බිඳවැට්ටවීමට ගෙන ගිය කුමන්ත‍්‍රණය මේ වන විට මුළුමනින්ම පාහේ අනාවරණය වී තිබේ.
මෙම බහුජාතික සමාගම් මීට වසර තුනකට පමණ පෙර මෙරටට ගෙන්වා තිබුණේ කිරි මේදය වැඩි මිලට විකිණීම පිණිස ඉවත්කර ගෙන ඒ වෙනුවට පාම් තෙල් යොදා තිබුණු කිරිපිටිය. ඒ බව මෙරට බොහෝ ජාතික සංවිධාන ඇතුළු විද්වතුන් විසින් පෙන්වා දුන්නත් එකල ඒ බව සෞඛ්‍ය බලධාරීන්ගේ පවා අවධානයට යොමු වූයේ නැත.
පසුව, මෙරටට ගෙන් වූ කිරිපිටිවල මෙලමයින් නම් වූ රසායනික අඩංගුව තිබුණු බවට පර්යේෂණවලින් අනාවරණය වී තිබිණ. මෙසේ කිරිවලින් කිරි ප්‍රෝටීන ඉවත් කරගෙන ඒ වෙනුවට මෙලමයින් නම් සංඝටකය එක් කිරීම මෙම බහුජාතික සමාගම් ලාභය අරඹයා සිදු කරන තවත් සූක්‍ෂම ක‍්‍රියාවකි. ඒ බව අප ඇතුළු මෙරට ජාතික සංවිධාන ජනාධිපතිතුමන්ගේ අවධානයට යොමු කරවීමට සමත් විය. ඒ අනුව ශ‍්‍රී ලංකාවට මෙලමයින් සහිත කිරිපිටි ගෙන ඒම නතර විය.
නමුත් පසුගියදා කාර්මික තාක්‍ෂණ ආයතනය (ITI) විසින් බහුජාතික සමාගම්වල කිරිපිටි සාම්පල කිහිපයක් ඇසුරින් කළ පරීක්‍ෂණවලදී අනාවරණය වූයේ එම කිරිපිටිවල ඞී.සී.ඞී. නම් වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු විෂ රසායනිකය අඩංගු බවය.
ඒ අනුව, ඉහත පරීක්‍ෂණයට යොදා ගත් බහුජාතික කිරිපිටි සමාගම්වල කිරිපිටි සාම්පලවලට අයත් තොග පමණක් වෙළඳපොළෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝග කර තිබේ. එය රට ගැන සිතා ගත් අනගි තීරණයක් බැවින්, ඒ සම්බන්ධයෙන් පළමුකොට සෞඛ්‍ය අමාත්‍යවරයාට අපගේ ප‍්‍රණාමය පුද කර සිටින්නෙමු.
එසේම ඉහත සාම්පලවලට අදාළ කිරිපිටි තොග හැරුණු විට මෙකී බහුජාතික සමාගම් වෙළඳපොළට නිකුත්කර ඇති අනෙකුත් කිරිපිටි තොග, ගබඩාවල තබාගෙන සිටින කිරිපිටි තොග, නැව් මගින් ගෙන්වන කිරිපිටි තොග කාර්මික තාක්‍ෂණ ආයතනය මගින් පරීක්‍ෂාවට භාජනය කිරීමට පියවර ගැනීම ද කඩිනමින් සිදු විය යුතු බවද අප සෞඛ්‍ය අමාත්‍යතුමන්ට පෙන්වා දීමට කැමැත්තෙමු.
තවද ඉහත කී බහුජාතික කිරිපිටි සමාගමක් විසින් ආනයනික කිරිපිටි යොදා නිෂ්පාදනය කරනු ලබන කුඩා ළමයින් අතර ජනප‍්‍රිය එක්තරා යෝගට් වර්ගයක ද ඞී. සී. ඞී. විෂ රසායනිකය ඇති බවට සැක මතුව ඇති හෙයින් ඒ පිළිබඳවද කඩිනමින් පරීක්‍ෂාවක් කළ යුතුව තිබේ.
මේ තත්ත්වය තුළ පෝෂණ ගුණයෙන් හීන, විෂ සහිත බහුජාතික සමාගම්වල කිරිපිටි වෙනුවට පෝෂණ ගුණයෙන් අනූන, විෂ රහිත දේශීය කිරිපිටි මෙරට ජනතාවට ලබා දීමේ වගකීම ඉටු කෙරුමට රජයට දැන් අනගි අවස්ථාවක් උදා වී තිබේ. ඒ අනුව පෞද්ගලික අංශයේද සහයෝගය ඇතිව දේශීය කිරිපිටි කර්මාන්ත ශාලා කිහිපයක් කඩිනමින් අරඹා දේශීය කිරිපිටි අවශ්‍යතාවය සපුරා දෙන ලෙසත් එසේම දීර්ඝ කාලීනව දේශීය කිරි නිෂ්පාදනය හා ඒහා බැඳුණු කර්මාන්ත ප‍්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටිමු.
August 12, 2013 at 7:06 am | lanka C news
http://lankacnews.com/sinhala/news/99186/
සබැඳි ලිපි -
[කිරි, මෙලමයින් සහ DCD - ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/08/dcd.html
දේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ නැංවීම අර්බුදයට විසඳුමයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6292.html'වේ ප්‍රොAටීන්' අඩංගු සියලු කිරිපිටි වෙළෙඳපොළෙන් ඉවතටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_13.htmlසෞඛ්‍ය අමාත්‍යාශය මහජනයා පැත්තේද? බහුජාතික සමාගම් ඔඩොක්කුවේද? - JHUhttp://denethharinna.blogspot.com/2013/08/jhu.htmlආනයනික කිරිපිටි සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පියවර ගැන වෛද්‍ය සංගමය විමසිල්ලෙන්http://denethharinna.blogspot.com/2013/08/blog-post_1161.htmlමෙම කිරිපිටි තහනම් - කිරිපිටි තහනම ක්‍රියාත්මක දැයි සොයා බලන්න - සෞඛ්‍ය අමාත්‍යාංශයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6516.htmlකිරිපිටි සමාගමකට දැන්වීම් ප්‍රචාරය තහනම් - අභියාචනාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_2390.htmlෆොන්ටෙරා සමාගම ආහාරවලට විෂ වර්ග එක් කිරීම සම්බන්ධයෙන් පෙර වැරදිකරුවෙක් - වසන්ත බණ්ඩාරhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6050.htmlANCHOR 1+, ANCHOR FULL CREAM MILK POWDER, MALIBAN NON FAT MILK, DIAMOND MILK POWDER තහනම් කිරි වැටලීම් ඇරඹේhttp://denethharinna.blogspot.com/2013/08/anchor-1-anchor-full-cream-milk-powder.htmlවස විස නෑ…. හයිලන්ඞ්, පැලවත්ත තහනම් නෑhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1288.htmlඇන්කර් වෙළඳ දැන්වීම් තහනම් – අධිකරණ නියෝගයක්http://denethharinna.blogspot.com/2013/08/blog-post_9681.htmlකිරිපිටි වෙළඳ දැන්වීම් තහනම්… ළදරු කිරිපිටි විකිණීම තහනම්… සියල්ල වෙළෙඳපොළෙන් ඉවතටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_2806.htmlපිටිකිරි අර්බුදයේ ඇතුළාන්තයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1481.htmlවිෂ රසායන ඇති කිරිපිටි ඉවත දමනු - වෛද්‍ය අනුරුද්ධ පාදෙණියhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_3391.htmlනවසීලන්තයෙන් ගේන ළදරු කිරිපිටි නවතයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_54.htmlපුටින් ෆොන්ටෙරා නිෂ්පාදන තහනම් කර පයින් ගසා රුසියාවෙන් පන්නයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_60.htmlමරණීය විෂ අසුවේ… සියළු ෆොන්ටෙරා නිෂ්පාදන චීනයෙන් ඉවත් කෙරේhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_9949.html
]

0 comments:
Post a Comment