Pages

Saturday, August 10, 2013

සෞඛ්‍ය අමාත්‍යාශය මහජනයා පැත්තේද? බහුජාතික සමාගම් ඔඩොක්කුවේද? - JHU

කිරිපිටි සම්බන්ධයෙන් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අයත් ITI ආයතනය නිකුත් කර ඇති වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රතික්ෂේප කරන්නේ කවර පදනමකින්දැයි වහාම රටට හෙළි කළ යුතු බව ජාතික හෙළ උරුමය පවසයි.

බහු ජාතික කිරිපිටි සමාගම් වල අතකොලූ බවට පත්නොවී වෙළදපොළේ ඇති ආහාර වල ප‍්‍රමිතිය තහවුරු කිරීම ඒ සම්බන්ධව වගකිව යුතු ආයතන වල කාර්යයභාරය බවද ජාතික හෙළ උරුමය සදහන් කරයි.

අමාත්‍යාංශයක වගකිවයුතු ආයතනයක් නිකුත් කළ වාර්තාවක් ප‍්‍රතික්ෂේප කර, සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ වෙනුවට තායිලන්තයේ සිදු කරන ලද පරීක්ෂණයක වාර්තාවක් ඉදිරිපත් කර ඇග බේරා ගැනීමට උත්සාහ කරන්නේ මන්දැයි ජාතික හෙළ උරුමය විමසයි.

වගකිව යුතු ආයතන එසේ සිදුකර බේරා ගැනීමට උත්සාහ කරන්නේ මෙරට ජනතාවද, බහු ජාතික සමාගම්ද යන ප‍්‍රශ්නය පැන නැගී ඇති බවද ඔවුන් සදහන් කරයි.

ජනතාව නොමග යවමින් කිරිපිටි වල වසවිස නැතැයි ප‍්‍රකාශ කරමින් කරගෙන යන කොන්ත‍්‍රාත්තුව නවතා, ජනතාව වෙනුවෙන් යුතුකම ඉටු කරන ලෙස ජාතික හෙළ උරුමය තවදුරටත් වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිති.

August 10, 2013 at 8:38 am | lanka C news
http://lankacnews.com/sinhala/news/99073/

සබැඳි ලිපි -
[

ආනයනික කිරිපිටි සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පියවර ගැන වෛද්‍ය සංගමය විමසිල්ලෙන්http://denethharinna.blogspot.com/2013/08/blog-post_1161.htmlමෙම කිරිපිටි තහනම් - කිරිපිටි තහනම ක්‍රියාත්මක දැයි සොයා බලන්න - සෞඛ්‍ය අමාත්‍යාංශයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6516.htmlකිරිපිටි සමාගමකට දැන්වීම් ප්‍රචාරය තහනම් - අභියාචනාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_2390.htmlෆොන්ටෙරා සමාගම ආහාරවලට විෂ වර්ග එක් කිරීම සම්බන්ධයෙන් පෙර වැරදිකරුවෙක් - වසන්ත බණ්ඩාරhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6050.htmlANCHOR 1+, ANCHOR FULL CREAM MILK POWDER, MALIBAN NON FAT MILK, DIAMOND MILK POWDER තහනම් කිරි වැටලීම් ඇරඹේhttp://denethharinna.blogspot.com/2013/08/anchor-1-anchor-full-cream-milk-powder.htmlවස විස නෑ…. හයිලන්ඞ්, පැලවත්ත තහනම් නෑhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1288.htmlඇන්කර් වෙළඳ දැන්වීම් තහනම් – අධිකරණ නියෝගයක්http://denethharinna.blogspot.com/2013/08/blog-post_9681.htmlකිරිපිටි වෙළඳ දැන්වීම් තහනම්… ළදරු කිරිපිටි විකිණීම තහනම්… සියල්ල වෙළෙඳ‍පොළෙන් ඉවතටhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_2806.htmlපිටිකිරි අර්බුදයේ ඇතුළාන්තයhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1481.htmlවිෂ රසායන ඇති කිරිපිටි ඉවත දමනු - වෛද්‍ය අනුරුද්ධ පාදෙණියhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_3391.htmlනවසීලන්තයෙන් ගේන ළදරු කිරිපිටි නවතයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_54.htmlපුටින් ෆොන්ටෙරා නිෂ්පාදන තහනම් කර පයින් ගසා රුසියාවෙන් පන්නයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_60.htmlමරණීය විෂ අසුවේ… සියළු ෆොන්ටෙරා නිෂ්පාදන චීනයෙන් ඉවත් කෙරේhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_9949.html
]

0 comments: