Pages

Saturday, August 10, 2013

කිරිපිටි සමාගම් කිරි මේදය අරගෙන ඒ වෙනුවට ෆාම් තෙල් දානවා - මව්බිම ලංකා පදනම

බහුජාතික කිරි නිෂ්පාදන සමාගම් ලාභය වැඩිකර ගැනීමේ අරමුණින් මෙලමයින් මෙන්ම DCD ද ව්‍යාජ ලෙස ප්‍රෝටීන් අගය පෙන්වීමට පිටතින් එක්කළ ද්‍රව්‍යයක් බවත්, එවැනි සංයෝගයන්ගෙන් කුඩා දරුවන්ට දෙන්නේද DCD රසායනිකය අඩංගු යෝගට් බව මව්බිම ලංකා පදනම පවසයි.

”2008 වසරේදී මෙලමයින් නම්වූ රසායනිකය චීනයේ ප‍්‍රශ්නයක් වූ කළ දේශීය චොකලට් වර්ගයක ඇති බව පවසා එම සමාගමට එරෙහිව කි‍්‍රයා කලද ආනයනික කිරිපිටි වල ෆාම් තෙල් අඩංගු බවට පැතිර ගිය ආරංචිය ඔස්සේ මව්බිම ලංකා පදනම ලංකාවේ වෙළද පොළේ ඇති සියලූම කිරිපිටි වල ගුණාත්මකභාවය සොයා බැලීම සදහා ඉදිරිපත් වුණා.

ඒ සදහා වෙළදපොළේ ඇති සියලූ වෙළද නාමයන් සහිත කිරිපිටි වල සාම්පල ගෙන ලෝක ප‍්‍රසිද්ධ එංගලන්තයේ Eclips Laboratory සමාගම වෙත යවා එම කිරිපිටි වල සත්‍ය කිරි මේදයෙහි ප‍්‍රමාණය හා තෙල් වර්ග ඇත්නම් ඒවා මොනවාද යන්නත් සොයා බැලූවා.එහිදී සොයාගත් කරුණ වූයේ ලංකාවේ නිෂ්පාදනය කළ කිරිපිටි වල හැරුණු විට අනිකුත් ආනයනික සියලූ කිරිපිටිවල කිරි මේදය අඩු බවත් එම කිරි මේදයේ අඩුව පිරවීමට කිරි මේදය නොවන ෆාම් තෙල් වැනි වර්ග කලවම් කර ඇති බව තහවුරු කර තිබෙනවා.” යනුවෙන් එම පදනමේ සාමාජික වසන්ත බණ්ඩාර මහතා පැවසීය.

August 9, 2013 at 3:27 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/99027/

0 comments: