Pages

Tuesday, May 6, 2014

මුස්‌ලිම් යාච්ඤා මෙහෙයන්හි යෙදී සිටින විට නායයාමට යටවූවන් සොයද්දී යළි නායයයි. ඇෆ්ගනිස්‌ථානයේ 2500 ක්‌ පණපිටින් වැලලෙති!

බඩක්‌ෂාන් ප්‍රාන්තය ඇෆ්ගනිස්‌ථානයේ ප්‍රාන්ත 34 න් එකක්‌ වන අතර තජිකිස්‌ථානයට චීනයට හා පකිස්‌ථානයට මායිම් වන ප්‍රාන්තයකි. බඩක්‌ෂාන් සංගීතය නිසා එම ප්‍රාන්තයේ සංස්‌කෘතික උරුමය ගැන වඩාත් ප්‍රසිද්ධය.

කවරක්‌ නමුත් අද අපි බඩක්‌ෂාන් ප්‍රාන්තය ගැන කතාකරන්නේ එහි වැසියන් 2500 ක්‌ පණපිටින් වැලලීම නිසාය. වුල් 300 කට අයත් පිරිසක්‌ මහා නාය යාමකින් වැලලී යැම ගැන ලොවම කම්පනයට පත්ව සිටිති.

අබ්බරික්‌ ගම්මානයම සමූහ මිනීවළක්‌ බවට පත්ව ඇත. ඉකුත් සිකුරාදා මුස්‌ලිම් යාච්ඤා මෙහෙයන්හි යෙදී සිටින විට නාය යාමක්‌ සිදුවී ඇති අතර එයට යටවූ පුද්ගලයන් සෙවීමට ගැමියන් කටයුතු කරද්දී දෙවන නාය යැම සිදුව ඇත.

බඩක්‌ෂාන් ප්‍රාන්තයේ ආණ්‌ඩුකාර ෂා වලිහුල්ලාහ් අසීප් පවසන්නේ නිවාස 300 ක්‌ සම්පූර්ණයෙන්ම යටවී ඇති බවයි. 45 හැවිරිදි නුර් මොහොමඩ් මේ විපත ගැන මෙසේ කියයි. මගේ නංගි කන්දට යටවුණා. මගේ නිවසත් බාගෙට කැඩුණා. නමුත් යටවුණු කිසිවෙක්‌ පණපිටින් ගලවා ගන්න නම් බැරිවෙයි. මේ විපත නිසාම ඊයේ දිනයේ ඇෆ්ගනිස්‌ථාන රජය මගින් ශෝක දිනයක්‌ ප්‍රකාශයට පත් කර තිබිණි.

කඳු නායයැම නිසා තවත් පවුල් 700 කට උන්හිටිතැන් අහිමිවී ඇති අතර එම ප්‍රාන්ත බලධාරීන් රජයෙන් මෙන්ම විදේශයන්ගෙන්ද සහනාධාර බලාපොරොත්තුවේ. බඩක්‌ෂාන් ප්‍රාන්තය ඉතාම දුගී පුද්ගලයන් වෙසෙන පළාතකි. සිකුරාදා නායයැමට ප්‍රථම බ්‍රහස්‌පතින්දා දිනයේ ද මේ ප්‍රදේශයේ නායයැමක්‌ වාර්තා වී ඇත. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මියගිය පුද්ගලයන් 350 කගේ සිරුරු සොයාගෙන ඇති බවයි.

මේ විපතට මුහුණ දුන් එක්‌ කාන්තාවක්‌ බී. බී. සී. වාර්තාකරු ඩේවිඩ් ලොයින් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ "මගේ පවුලේ පස්‌දෙනෙක්‌ වැලලිලා තියෙනවා. මමත් බාගෙට මැරිලා ඉන්නවා යනුවෙනි. අබ්බරික්‌ ගම්මානයේ නිවාස දහසක්‌ පමණ පිහිටා තිබුණු අතර එයින් තුන්සියයක්‌ මීටර් ගණනාවක්‌ උසැති පස්‌ හා ගල්වලින් යටවී ඇත. පළමු නාය යැම සිදුවූ අවස්‌ථාවේ හයසියයක්‌ පමණ පිරිසක්‌ විපතට පත්වුවන් ගලවා ගැනීමට රැස්‌වී ඇති අතර ඔවුන් දෙවැනි පස්‌ කන්දට බිළිවූ බව එම ප්‍රාන්තයේ ආණ්‌ඩුකාරයා කියයි.

සමහර තැන්වල මීටර් 30 ක්‌ උසට පස්‌ පිරී ඇති නිසා මියගිය අය සෙවීම සම්පූර්ණයෙන්ම අතහැර දමා ඇති බව ආණ්‌ඩුකාරයා කියයි.

1998 භූමිකම්පා දෙකකින් ඇෆ්ගනිස්‌ථානයේ දහස්‌ ගණනක්‌ මිය යමෙන් පසුව එරට ඇතිවූ දරුණුතම ස්‌වභාවික ඛේදවාචකය මෙය වේ. බඩක්‌ෂාන් ප්‍රාන්තයේ පිහිටි කඳු වලල්ල හින්දු කුෂ් කඳු පන්තියයි.

මෙම මහා නාය යැමට හේතුව මේ ප්‍රදේශයට ඇදහැලුනු අධික වර්ෂාව යෑයි ජාතික ආපදා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ හොමායුන් ඩෙහොඛාන් පවසයි. මේ විපත පිළිබඳව ජනපති බරක්‌ ඔබාමාද සිය ශෝකය පළ කර ඇත. මේ විපත සිදුවූ අබ්බරික්‌ ගම්මානය පිහිටා ඇත්තේ ආර්ගෝ දිස්‌ත්‍රික්‌කයේය.

චතුර පමුණුව
http://www.divaina.com/2014/05/05/forign01.html

සබැඳි ලිපි -
[

ඉපැරණි බොදු උරුමය වැනසූ ඇෆ්ගනිස්‌ථානයේ නාය යැමකින් දෙදහසකට අධික පිරිසක්‌ අතුරුදන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_6103.html
]

2 comments:

Anonymous said...

walalila walalila anthimata bauddha urumayan mathuweida danne naha.Okata thama kiyanne kalakam paladenawa kiyala.

Nuwan Vidarshana said...

budu pilima keduwa nam windawapan hambayo kiwwalu