Pages

Saturday, May 10, 2014

උතුරේ සංවර්ධනය - TNA ක්‍රියාකරන්නේ බල්ලා පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ වගෙයි - ඩග්ලස්‌ දේවානන්දා

උතුරු ප්‍රදේශයේ සංවර්ධනය හා ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට නොහැකි වන අයුරින් දෙමළ ජාතික සන්ධානය කටයුතු කිරීම බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ වගේ යෑයි සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස්‌ දේවානන්දා මහතා පසුගිය 30 දා යාපනය නිරාවිඅඩි ප්‍රදේශයේ පිහිටා ඇති ඉලංගයිවෙන්දන් කලා නිකේතනයේ පැවති ජන හමුවක්‌ අමතමින් ප්‍රකාශ කළේය.

මෙහිදී තවදුටත් ජනතාව ඇමතූ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පළාත් සභාව තුළින් ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න මෙන්ම දේශපාලනික කරුණුද විසඳා ගත හැකි බවයි. නමුත් පසුගිය පළාත් සභා මැතිවරණයෙන් ජනතාවට බොරු පොරොන්දු දී ජනතාවගේ හැඟීම් අවුස්‌සා ප්‍රකාශ සිදුකොට ජනතාව රවටා බලයට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ පිරිස්‌ පළාත් සභාව තුළ සිට සංවර්ධන කටයුතු හා දේශපාලන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම වළක්‌වමින් කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අපේ ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය කිරීමට හා ආර්ථිකය සංවර්ධනය කර ගැනීමට සමාජයක්‌ වශයෙන් එක්‌ව නැගී සිටිය යුතු යෑයිද එසේ නැතිව වෙනත් අයෙකුට අතපා සංවර්ධනය ළඟා කර ගත නොහැකි බවද ප්‍රකාශ කළ අමාත්‍යවරයා තමන් ඉන්දු ලංකා ගිවිසුම මගින් ලැබුණු 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක්‌ ලබාගත හැකි බව පෙන්වා දී එය ක්‍රියාවට නංවන්නැයි කියා පසුගිය කාලය පුරා හඬනගද්දී දෙමළ ජාතික සංධානය එය කාලෝචිත නොවන විසඳුමක්‌ යෑයි කියමින් එය කිසිදු ප්‍රයෝජනයක්‌ නොමැති බව ප්‍රකාශ කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා අද ඔවුන් පළාත් සභා බලය ලබාගෙන ජනතාවගේ පළාත් සභා පාලනය තුළින් විසඳිය හැකි ප්‍රශ්න පවා නොවිසඳා කටයුතු කරන බවද ප්‍රකාශ කළේය. 

මුලතිව් - ප්‍රසන්න ප්‍රදීප්


Pic Source

0 comments: