රාමසාන් මාසය අවසන් කරමින් නව සඳ බැලීම එළඹීම සමග චන්ද්‍ර දින දර්ශනය පිළිබඳව අසර්බයිජානයේ ෂමාකි නිරීක්ෂණාගාර විද්‍යාඥයින් සහ කොකේසස් ප‍්‍රදේශයේ මුස්ලිම් විද්‍යාර්ථීන් අතර විවාදයක් පැන නැගී ඇතැයි වාර්තා වේ.
නිරීක්ෂණාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක කයිදීර් මිහායිලොව් විසින් අගෝස්තු 6 රාත‍්‍රියේ නව සඳ දිස්වන බව නිවේදනය කිරීම සමග මෙම තත්වය වර්ධනය වී ඇතැයි පැවසේ.
කොකේසස් ප‍්‍රදේශයේ මුස්ලිම් ලබ්ධිකයන්ගේ උත්තරීතර ආගමික සහ පරිපාලනමය ආයතනය වන කොකේසස් මුස්ලිම් කාර්යාලයේ නියෝජ්‍ය සභාපති හාජි ෆුආඞ් නුරුල්ලා පවසන්නේ රාමසාන් මාසය අවසාන කිරීම සඳහා නව සඳ දිස්වන දිනය අල්ලා මිස ගණන් බැලීම් මගින් තීරණය කළ නොහැකි බවයි.
කොකේසස් මුස්ලිම් කාර්යාලය විසින් මින් පෙර නිකුත් කර තිබූ චන්ද්‍ර දින දර්ශනයට අනුව රාමසාන් මාසය අවසන් වීමට නියමිතව ඇත්තේ අගෝස්තු 8 දින වේ.
රාමසාන් මාසය පුරා මුස්ලිම්වරුන් දිවා කාලය තුළ ආහාර ගැනීමෙන් වැළකී සිටිති. හිජ්රි ලෙස හැඳින්වෙන චන්ද්‍ර දින දර්ශනයට අනුව මාසයකට දින 29 හෝ 30ක් අඩංගු අතර සමහරක් මුස්ලිම් රටවල් වල මෙම දින දර්ශනය නීතිගත කර ඇත.
අසර්බයිජානය බහුතර මුස්ලිම් ජනතාවක් ජීවත්වන රටක් වන අතර එහි ව්‍යවස්ථාව මගින් කිසිදු ආගමක් සඳහා අනුග‍්‍රහයක් නොදක්වන බව පැවසේ.
August 8, 2013 at 9:17 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/98927/

0 comments:
Post a Comment