අල් කයිඩා සංවිධානයේ නායක අයිමාන් අල් සවාහිරි සහ එම සංවිධානයේ යේමන ශාඛාවේ ප‍්‍රධානි නසාර් අල් වුහායිෂි අතර සිදුවූ සංවාදයකට සවන් දුන් ඇමරිකානු චරපුරුෂ අංශ විසින් ඇමරිකාවට එරෙහි ත‍්‍රස්ත ප‍්‍රහාරයක් පිළිබඳ හෙළිදරව් කර ඇතැයි වාර්තා වේ.
මේ සමග ඔබාමා පරිපාලනය විසින් මැද පෙරදිග කලාපයේ සහ අප‍්‍රිකාවේ ඇමරිකානු තානාපති කාර්යාල වසා දැමීමට පියවර ගත් අතර ලොව පුරා සංචාරය කරන ඇමරිකානුවන් සඳහා අනතුරු හැගවීමක්ද සිදුකරනු ලැබිනි.
මේ අතර යේමන තානාපති කාර්යාලයේ අත්‍යවශ්‍ය නොවන සේවකයන් එම පරිශ‍්‍රයෙන් ඉවත් කිරීමටද යේමනයේ රැඳී සිටින සියලූ ඇමරිකානු පුරවැසියන්ට රටින් බැහැරවන ලෙස නිවේදනය කිරීමටද කටයුතු කර තිබේ.
මේ අතර බි‍්‍රතාන්‍ය විදේශ කාර්යාලය විසින්ද මේ හා සමාන ක‍්‍රියාපිළිවෙතක් අනුගමනය කර ඇති අතර ප‍්‍රංශය, ජර්මනිය සහ නොර්වේ විසින්ද තම තානාපති කාර්යාල සමහරක් වසා දමා ඇති බව පැවසේ. මේ අතර මැද පෙරදිග කලාපයේ රැඳී සිටින සියලූම ඇමරිකානු භට කණ්ඩායම් සීරුවෙන් තබා ඇති බවද වාර්තා වේ.
පසුගියදා එඞ්වඞ් ස්නොව්ඩන්ගේ හෙළිදරව්ව සමග ජාතික ආරක්ෂක ඒජන්සියේ චරපුරුෂ වැඩසටහන් පිළිබඳ ප‍්‍රබල විවේචනයක් ගොඩනැගුනු අතර මේ වර්ධනයන් සමග එම චරපුරුෂ කටයුතු තාර්කික වන බව මතයක් ගොඩනැගීමටද කටයුතු කෙරෙන බව පැවසේ.
ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් මෙවැනි තොරතුරු දෛනිකව සොයා ගනු ලබන බවත් මෙය උලූප්පා දක්වන්නේ ප‍්‍රශ්න කිරීම් රහිතව චරපුරුෂ කටයුතු පවත්වාගෙන යාම සඳහා සංස්කෘතියක් නිර්මාණය කිරීමටත් බවටත් ඉලෙක්ට්‍රොනික පුද්ගලික තොරතුරු මධ්‍යස්ථානයේ නීතිඥ ඒමි ස්ටෙපානොව්ච්ගේ අදහසයි.
August 8, 2013 at 3:28 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/98913/

0 comments:
Post a Comment