මොනරාගල මරගල කඳුවැටියේ පිහිටා ඇති මොනරාගල පුරාණ රජමහා විහාරස්‌ථානය නිධන් හොරුන් විසින් කඩා විනාශ කර ඇත.
මෙම විහාරස්‌ථානය මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ පිහිටි පැරැණිතම විහාරස්‌ථානයක් වන අතර ඓතිහාසික නටබුන් රැසක් ඇති විහාරස්‌ථානයකි. මෙම විහාරස්‌ථානයේ දන්ත ධාතූන් වහන්සේ වසර 22 ක් වැඩ සිට ඇති අතර පොළොන්නරු යුගයේ සිට පැවත එන විහාරස්‌ථානයක් වන අතර මෙහි නුවර යුගයේ සිතුවම් කරන ලද චිත්‍ර විශේෂයක් වගේම මෙතෙක් හමු නොවූ චිත්‍රයක්‌ද මෙම විහාරස්‌ථානයේ ඇත. දඹුලු විහාරස්‌ථානයේ වැඩ සිටින බුද්ධ ප්‍රතිමාවක් මෙහි ඇති අතර මෙහි අභයගිරි හා මයුරගිරි නමින් විහාරස්‌ථාන 02 ක් පිහිටා ඇත. එමෙන්ම දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටි ස්‌ථානයේ නටබුන්ද පිහිටා ඇත. අභයගිරි විහාරස්‌ථානයේ මේ වනවිට නිධන් හොරු එහි තිබූ කිරිගරුඬ බුදු පිළිම මුළු මනින් ම විනාශ කර ඇත.
මෙම විහාරස්‌ථානයේ සිට විහාර මුල්ල රජමහා විහාරස්‌ථානයට ගමන් කරනා උමං මාර්ගයක් ද පිහිටා ඇත. මේ වනවිට විහාරස්‌ථානයේ ශේෂ වූ නටබුන් රැසක් ද දක්‌නට ඇති මුත් මේ විහාරස්‌ථානය අවට ගම්වාසීන්ගේ පැමිණීම ද ඉතා අඩු මට්‌ටමක පවතී.
මේ වනවිට එහි එක් හිමිනමක් වැඩ සිටී. එම නිසා දැන් විහාරස්‌ථානයේ ආගමික කටයුතු සිදු වුණත් මේ පන්සල සඳහා වැඩිදෙනකුගේ අවධානය යොමු නොවී ඇත. මෙම විහාරස්‌ථානයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිලධාරීන් 02 ක් යොමු කර ඇත.
මෙම විහාරස්‌ථානයේ පිරිසිදු බවක්‌ද දක්‌නට නොලැබෙන අතර මෙහි වැඩ සිටින හිමිපාණන් වහන්සේ වන (ඓතිහාසික මයුරගිරි රජමහා විහාරස්‌ථාන විහාරාධිකාරී අඹගහපැලැස්‌ස සිරිසඟබෝ පිරිවෙනේ පරිවේනාධිපති ශාස්‌ත්‍රවේදී සෙනානිගල රාහුල හිමි) පවසා සිටින්නේ ශ්‍රී ලාංකීය බෞද්ධ බැතිමතුන්ට මෙම විහාරස්‌ථානය වැඳ පුදා ගන්නා ලෙසටයි.
මොනරාගල නයන ඉහළගෙදර
http://www.divaina.com/2013/08/13/provin05.html

0 comments:
Post a Comment