Pages

Friday, May 9, 2014

කළගුණ සලකමු - ශ්‍රී ලංකා ටෙලිකොම් වෙසක්‌ කලාපයට සමගාමීව පාසල් රචනා සහ චිත්‍ර නිර්මාණ බාර ගැනීම මැයි 30 දක්‌වා

සම්බුදු තෙමගුල සැමරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මෙවරත් වැඩසටහන් ගණනාවක්‌ සංවිධානය කර ඇත. ශීල සමාදාන පිංකම්, ලේ දන්දීමේ වැඩසටහන්, පිළිකා රෝහලට කියවීම් පොත් පරිත්‍යාග කිරීම, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉදිකෙරෙන අඩි 30ක උසකින් යුතු ඩිජිටල් පහන් කූඩුව, ජනප්‍රිය ශිල්පීන් සමග ටෙලිකොම් ආයතනයේ සේවක සේවිකාවන් සහභාගිවන බැති ගී සංදර්ශනය සහ දන්සැල් ඒ අතරින් ප්‍රධාන තැනක්‌ ගනී. ආයතනයක මූලිකත්වයෙන් සිදු කරන ලංකාවේ එකම වෙසක්‌ කාලය ලෙස හඳුන්වාදිය හැකි මෙම වෙසක්‌ කලාපය මැයි 14 සහ 15 යන දෙදින පුරා කොළඹ කොටුව ටෙලිකොම් පරිශ්‍රය මුල් කර ගනිමින් පැවැත්වෙන අතර ඒ සඳහා රටේ සියලු දෙනාම විවිධ අයුරින් එක්‌ කර ගැනීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අදහස්‌ කර ඇත.

කළගුණ සලකන සමාජයක්‌ ගොඩනංවමු තේමාවෙන් කනිෂ්ට සහ ජ්‍යෙෂ්ඨ අංශ දෙකක්‌ යටතේ පාසල් දරුවන් සඳහා රචනා සහ චිත්‍ර තරගයක්‌ මෙයට සමගාමීව සංවිධානය කර ඇත. අඟල් 17ං22 පෝස්‌ටර් ප්‍රමාණයේ චිත්‍ර සහ වචන 100කට නොවැඩි රචනා, නම, ශ්‍රේණිය, පාසල සඳහන් කර විදුහල්පතිතුමාගේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා ටෙලිකොම් වෙසක්‌ කලාපය, ලෝටස්‌ පාර, කොළඹ 01 ලිපිනයට මැයි මස 30දාට පෙර යොමු කරන්න.

ප්‍රථම, දෙවන, තෙවන ස්‌ථාන ජයග්‍රාහකයන්ට වටිනා තෑගි සහ සහභාගිත්වය වෙනුවෙන් සෑම අංශයකින්ම දස දෙදෙනකුට සැනසිලි තෑගි ලබාදීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තීරණය කර ඇත.

http://www.divaina.com/2014/05/09/velanda02.html

Pic Source

0 comments: