Pages

Saturday, May 10, 2014

බෞද්ධ නීති විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අද සහ හෙට

බෞද්ධ නීති විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය - 2014 ශ්‍රී ලංකා අග්‍රවිනිශ්චයකාර මොහාන් පීරිස්‌ මහතාගේ මූලිකත්වයෙන් සහ ප්‍රධාන ආරාධිත, භූතාන රාජධානියේ අගවිනිසුරුගේ සහ ශ්‍රී ලංකා ජනරජයේ නීතිපතිගේ සහභාගීත්වයෙන් මෙම මස 10 වැනි දින පෙ. ව. 9.00 ට කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ අංක 24 හි පිහිටි ලක්‍ෂමන් කදිර්ගාමර් කේන්ද්‍රයේ දී ආරම්භ වෙයි.

මෙම 10 සහ 11 යන දෙදිනදී පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණය සඳහා එතෙර මෙතෙර ගිහිපැවිදි නීති සහ බෞද්ධ විද්වතුන් විශාල පිරිසක්‌ සහභාගි වීමට නියමිතය.

මෙම සමුළුව මහා බෝධි සංගමය විසින් 2012 වර්ෂයේ ඉන්දියාවේ පවත්වන ලද බෞද්ධ නීති විද්‍යාව පිළිබඳ සමුළුවේ තවත් ප්‍රතිපලයකි. එම සමුළුව භූතානයේ අගවිනිසුරුගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාව, භූතානය, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල සහභාගීත්වයෙන් පවත්වන ලදී.

මෙම සමුළුවේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ දේශීය සහ අන්තර්ජාතික නීතිය, බෞද්ධ නීති දර්ශනයේ හර පද්ධතීන් සමඟ සංසන්ධනාත්මකව විමසා බලමින් එකී නීති පද්ධතීන් පිළිබඳ සාධනීය කතිකාවක්‌ ඇති කිරීමයි.

මෙම සමුළුවේ තවත් අභිප්‍රායක්‌ වන්නේ බෞද්ධ රටවල නීතිවේදීන්, උගතුන් සහ නීතිඥයින් එකම වේදිකාවක ශාස්‌ත්‍රීය සහ ප්‍රායෝගික සාකච්ඡාවක නිරත කරවීමයි. එය ආසියානු කලාපයෙන් ආරම්භ කර මුළු ලෝකය පුරාම ව්‍යාප්ත කරලීමේ එක්‌ පියවරක්‌ ලෙස මෙම "බෞද්ධ නීති විද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව" පැවැත්වෙනු ඇත.

http://www.divaina.com/2014/05/10/news06.html

Pic Source

0 comments: