Pages

Saturday, May 10, 2014

බොකෝහරාම් පැහැරගැනුමට එරෙහිව නයිජීරියානු තරුණ තරුණියෝ ශ්‍රී ලංකාවේදී උද්ඝෝෂණයක

නයිජීරියාවේදී පැහැරගනු ලැබු පාසල් ළමුන් 237 දෙනා පිළිබඳව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක තරුණ සමුළුවට සහභාගිවීමට පැමිණ සිටින නයිජීරියානු තරුණ තරුණියන් ඇතුළු පිරිසක්‌ ඊයේ (09 වැනිදා) බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී උද්ඝෝෂණයක නිරත වූහ.

තරුණ සමුළුව පැමිණි නයිජීරියානු තරුණ ඇමැතිවරයා ලෝක තරුණ සමුළුවේදී කතා නොකිරීම පිළිබඳව හා ලෝකයේ අනිකුත් රටවල් ඒ පිළිබඳව නිහඬව සිටීම පිළිබඳව විරෝධය දක්‌වමින් මෙම මොවූහු උද්ඝෝෂණයේ යෙදුනහ.

පැහැර ගත් මෙම තරුණියන්ට සිදුවූයේ කුමක්‌ද? ඔවුන් සමූහ දූෂණයට ලක්‌ වූවාද? ඔවුන් බේරා ගැනීම සඳහා කරන්නේ කුමක්‌ද ආදී කරුණු සඳහන් කරමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.


ඊයේ (9දා) දිනයේ නයිජීරියානු තරුණ පිරිසක්‌ ශ්‍රී ලංකාවේදී උද්ඝෝෂණයක නිරත වුණා. පසුගිය දිනවල නයිජීරියාවේදී, නයිජීරියානු පාසල් සිසුවියන් පිරිසක්‌ අතුරුදන් වෙලා තිබෙනවා. ඔවුන් තරුණ සමුළුවට ශ්‍රී ලංකාට පැමිණ මෙසේ උද්ඝෝෂණය කළේ එම සිද්ධියටයි. එය නයිජීරියානු තරුණයන, නයිජීරියානු රජයට එරෙහිව කළ උද්ඝෝෂණයක්‌. තරුණයන් උද්ඝෝෂණ, අරගල කළ යුතුයි. තරුණයන් එවැනි දේ නොකරන්නේ නම් එය තරුණකම පිළිබඳ ප්‍රශ්නයක්‌ යෑයි මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින් ශ්‍රී ලංකාවේ යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා කියා සිටියේය.

බුලිත ප්‍රදීප් කුමාර සහ ප්‍රභාත් විතාන
http://www.divaina.com/2014/05/10/news12.html

සබැඳි ලිපි -
[
මුසලු බෝකෝහරාම් ත්‍රස්‌තයන් සිවිල්වැසියන් 300 ක්‌ ඝාතනය කරලා - නයිජිරියානු රජයhttp://denethharinna.blogspot.com/2014/05/300.html
]

0 comments: