Pages

Friday, May 9, 2014

දෙරට සබඳතා ශක්‌තිමත් කරමින් චීනයට නව ගුවන් ගමන් ශ්‍රීලංකන් ගුවන් සමාගම තීරණය කරයි

චීනය සමග ඇති ගුවන් ගමන් සහ ව්‍යාපාරික සබඳතා ශක්‌තිමත් කරමින් චීනයට නව ගුවන් ගමන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම තීරණය කර ඇත.

මේ අනුව චීනයේ සිචුආන් කලාපයට විශේෂයෙන් වෙන් කරවාගත් ගුවන්යානා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත්, ඒ අනුව මෙම ජුලි මස 01 වැනිදා සිට ශ්‍රීලංකන් ගුවන් යානා චීනයේ වොංකින් වෙත ගුවන් ගමන් ආරම්භ කරන බවත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ඊයේ (8 වැනිදා) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

ශ්‍රී ලංකාව වෙත පැමිණෙන චීන සංචාරකයන්ගේ වර්ධනය සලකා මේ තීරණය ගත් බවද චීන සංචාරකයන්ගේ ඉල්ලුම අනුව ඉදිරියේදී ගුවන් ගමන් වාර වැඩි කීරීමට නියමිත බවද චන්ද්‍රසේන මහතා මෙහිදී දිවයින ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කීවේය.

චීනයේ හුවාපෙට්‌ ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම සමග එක්‌ව මෙම නව ගුවන් ගමන් ආරම්භ කරන අතර එම සමාගම සහ ශ්‍රීලංකන් ගුවන් සමාගම අතර ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (8 වැනිදා) සවස කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ පිහිටි ශ්‍රීලංකන් ගුවන් සමාගමේදී සිදු විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2014/05/09/news34.html

Pic Source

0 comments: