Pages

Friday, May 9, 2014

දුම්පානය හා දුම්කොළ භාවිතයෙන් දිනකට ශ්‍රී ලංකාවේ 55 දෙනෙක්‌ මිය යනවා - වෛද්‍ය සමාධි රාජපක්‍ෂ

දුම්පානය හා දුම්කොළ භාවිතයෙන් ශ්‍රී ලංකාවේ දිනකට හැත්තෑවක්‌ අසූවක්‌ අතර පිරිසක්‌ රෝගී තත්ත්වයට පත්වන බවත්, එම පිරිසෙන් 55 ක්‌ පමණ දිනකට මිය යන බවත් පිළිකා සරණ සංගමයේ සභාපති මහරගම පිළිකා රෝහලේ වෛද්‍ය සමාධි රාජපක්‍ෂ මහතා පැවැසීය.

අලුත්ම වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ පිරිමින්ගෙන් සියයට 29.9 ක්‌ හා කාන්තාවන්ගෙන් සියයට දශම 4 ක්‌ දුම්පානයට හා දුම්කොළ භාවිතයට ඇබ්බැහිවී තිබෙන බව අනාවරණය වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

භයානක ත්‍රස්‌තවාදියකු වන දුම්වැටියෙන් ශ්‍රී ලංකාවේ වසරකට 20,000 කට අධික පිරිසක්‌ අකල් මරණයට පත්වන බවත් ඊට වැඩි පිරිසක්‌ මාරාන්තික රෝගී තත්ත්වයට පත්වන බවත් පැවැසීය.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී ජීවක පදනමේ මෙහෙයවීමෙන් ඊයේ (8 වැනිදා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී වෛද්‍ය සමාධි රාජපක්‍ෂ මහතා මෙම කරුණු අනාවරණය කළේය.

වයස අවුරදු 18 ට අඩු ළමයින් මෙම උවදුරින් බේරා ගැනීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

ලොව වෙනත් රටවල දුම් බීමෙන් රෝගී තත්ත්වයට පත්වන අය වන්දි ඉල්ලා දුම්කොළ සමාගම්වලට එරෙහිව නඩු පවරා වන්දි ලබාගෙන ඇති බවත් අප රටේ ද නුදුරු අනාගතයේදී එය වියයුතු බවත් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සාමාජික හා ජීවක පදනමේ සාමාජික වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස මහතා පැවැසීය.

වර්තමානයේ ලෝකයේ රටවල් සියයට 75 කම මෙම නීතිය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවත් ඔස්‌ටේ්‍රලියාවේ, තායිලන්තය වැනි රටවල සිගරට්‌ පැකට්‌ මත සියයට 85 ක ප්‍රමාණයක රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රදර්ශනය කෙරෙන බවත් මෑතකදී කැනඩාව, බ්‍රසීලය යන රටවලද මෙම නීතිය ක්‍රියාත්මක කෙරෙන බවත් නීතිඥ භාෂිනී හෙට්‌ටිආරච්චි මහත්මිය පැවැසුවාය.

අසල්වැසි ඉන්දියාවේ එම නීතිය ක්‍රියාත්මක නොකරන අයට විරුද්ධව නීතිය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන බවත් පැවැසූ එම මහත්මිය දුම්පානයෙන් රෝගී වූ පිරිස්‌ ඇතැම් රටවල මහජන අර්ථසාධක නඩු කාර්යයක්‌ මගින් සාමූහිකව නීති මගින් ක්‍රියා කරන බවත් පැවැසුවාය.

පක්‍ෂ, පාට මේ සියලු බේද පසෙකලා සියලු දෙනා මෙය පොදු අරමුණක්‌ කරගෙන මේ වෙනුවෙන් සටන් වැදිය යුතු බවත්, ඉපදෙන්න ඉන්න දරුවා දුම්වැටිය නමැති මේ භයානක රකුසාගෙන් බේරාගැනීමට ඊට එරෙහිව අත්වැල් බැඳගත යුතුව ඇතැයි එ. ජා. ප. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවැසීය.

ඇතැමුන් මෙය සංචාරක කර්මාන්තයට බලපෑමක්‌ ලෙස හැඳින්වීමට උත්සාහ කළත් සංචාරක කර්මාන්තයෙන් ශීඝ්‍ර දියුණුව ලබා සිටින තායිලන්තය පවා සිගරට්‌ පැකට්‌ මතුපිට රූපමය සෞඛ්‍ය අවවාද සියයට 80 ක්‌ ප්‍රදර්ශනය කෙරෙන බවත් එම නිසා මෙමගින් සංචාරක ව්‍යාපාරයට බලපෑමක්‌ නොවන බවත් ආර්ථිකයට බලපෑමක්‌ නොවන බවත් පැවැසූ ඒ මහතා මේවා තක්‌කඩි තර්ක බවත් කීවේය.

දුම්වැටි හා දුම්කොළ ත්‍රස්‌තවාදය එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයට වඩා භයානක බව දුම්කොළ භාවිතයෙන් දිනකට මිය යන සංඛ්‍යාවෙන් පැහැදිලි වන බව බුද්ධික පතිරණ මහතා සඳහන් කළේය.

සිගරට්‌ පැකට්‌ මතුපිට රූපමය සෞඛ්‍ය අවවාද දුම්කොළ සමාගම්වල මවු රටවලද ක්‍රියාත්මක වන්නේ නම් අප රටේ ක්‍රියාත්මක කළ නොහැක්‌කේ මන්දැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා එල්. ටී. ටී. ඊ. ය මුලිනුපුටා දැමීමට ක්‍රියාමාර්ගයක්‌ ගත්තද ඊට වැඩි බලයක්‌ ශක්‌තියක්‌ දුම්කොළ සමාගම්වලට එරෙහිව ගතයුතුව ඇතැයිද පැවැසීය.

2012 වර්ෂයේ අගෝස්‌තු මස සිට සිගරට්‌ පැකට්‌ මත සියයට 80 ක්‌ ආවරණ වන අයුරින් ඉදිරිපස හා පිටුපස රූපමය සෞඛ්‍ය අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ ප්‍රකාශයට පත්කරනු ලැබූවත් දුම්කොළ සමාගම් එයට විරුද්ධත්වය පළ කරමින් නඩු පවරනු ලැබ ඇති බවත් ඒ සම්බන්ධ අවසන් තීන්දුව මෙම මස 12 වැනිදා ලැබීමට නියමිත බවත්, එම තීන්දුව සුබවාදී එකක්‌ වනු ඇතැයි අපේක්‌ෂා කරන බවත් ඔවුහු පැවැසූහ.

අනුර බාලසූරිය
http://www.divaina.com/2014/05/09/news28.html

Pic1 Source
Pic2 Source

සබැඳි ලිපි කිහිපයක් -
[
ගැහැට දුක්‌ මැද්දෙන් සිගරැට්‌ පැකට්‌ටුවට රූපමය අවවාද එයි!http://denethharinna.blogspot.com/2014/02/blog-post_4342.html
රට රැකුණේ මහා සංඝරත්නය නිසා - මතින් තොර සමාජයක්‌ යටතේ සඟ රුවනට සුව දැහැත් වට්ටියක් - මෛත්‍රීhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_5164.html
එංගලන්තයේ සහ ඇමෙරිකාවේ සුදු මහත්වරුන්ට අයිති සමාගම් අපේ අධිකරණයට ඇවිල්ලා සාකච්ඡා කරනවා. ගැසට් නිවේදනයට දෙයියන්ගේ පිහිටයි – මෛත‍්‍රීhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_5398.htmlදුම්කොළ අධිරාජ්‍යයේ යටත්වැසියන් වන අපි...http://denethharinna.blogspot.com/2013/11/blog-post_9187.htmlමේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

0 comments: