අද ලෝකයේ ක්‍රියාත්මක කෙරෙන අධිරාජ්‍යවාදයේ ප්‍රධාන සංරචකයක් වන ආහාර අධිරාජ්‍යවාදයේ තරම අපි හො`දින් හඳුනාගෙන සිටියෙමු. මේ යථාර්ථය පිළි නොගත්, බටහිර රටවල සිටින්නේ අපද ආදර්ශයට ගත යුතු අපක්ෂපාතී මානව හිතවාදී පරමාදර්ශීය මහත්වරු යෑයි දිවිහිමියෙන් ඇදහූ උදවියටද කිරිපිටි ප්රශ්නය කරළියට ඒමත් සමග අධිරාජ්‍යවාදයේ තරම වැටහෙන්නට පටන් ගෙන තිබේ. එහෙත් තවමත් එවැන්නක් නැති බවද දැන් පවතින්නේ නිදහස් ලෝකයක් බවද සිතන පුද්ගලයන් සහ පිරිස් අප අතර වෙති.
එහෙත් අවබෝධ කරගතයුතු යථාර්ථයක් තිබේ. අද ලංකාවේ සිටින ජනතාවගේ උදේට ගත යුතු පානය තීරණය කරන්නේ නවසීලන්තයේ අගමැති වරයාය. අපට උදේට කන්නට හීල් බත් ඇතු`එ දේශීය ආහාර කොතෙකුත් තිබියදී බොන්නට අවශ්‍ය නම් කොළකැ`ද ඇතු`එ පානයන් කොතෙකුත් තිබෙද්දී නවසීලන්ත අගමැතිවරයා අපට බලකරන්නේ දිගටම අප රටේ ජනතාව විකිරණද, මෙලමයින්ද, ඩීසීඩී ද, බෝටුලිනම් බැකිටීරියාවද ඇති බවට වරින් වර හෙළි වී ඇති නවසීන්ත කිරිපිටිම බොන්නටය. නවසීලන්ත කිරිපිටි පරීක්ෂා කරන්නට අපට අයිතියක් හෝ පහසුකම් නැති බවද ඔහු පැවසීය. එයට එරෙහිව තීරණ ගන්නට අපට අයිතියක් නැති බවටත් ඔවුන්ගේ කිරිපිටි වෙළ`දාම ඔවුන්ට අවශ්‍ය ආකාරයට දිගටම කරගෙන යාමට ඉඩ දීම හැර වෙනත් විකල්පයක් අපට නැති බවටත් ඔහු අපට අනතුරු ඇ`ගවීය. අපේ උදෑසන ආහාරය තීරණය කරන්නේ නවසීලන්ත අගමැතිවරයා හෝ නවසීලන්තයේ හෝ ස්විස්ටර්ලන්තයේ සිටින කිරිපිටි සමාගමක ලොක්කෙක් නම් අපට ඇත්තේ කුමන නිදහසක්ද?
එයින් ඔප්පු වන්නේ අප රටේ ජනතාව උදේ පාන්දර නැගිට්ට හැටියේ දියකර බොන කිරිපිටි වීදුරුවේ සිට රාත්‍රී නින්දට යද්දී දත් මදින දත් බේත් ටියුබය දක්වාත් නින්දේදී මදුරුවන් පලවාහැරීමට පත්තු කළ යුතු මදුරු ද`ගරය දක්වාත් වූ පාරිභෝගික භාණ්ඩවලට අප ඇබ්බැහි කර ඒවා පිළිබ`ද පුද්ගලයන් ලෙස හෝ රටක් ජාතියක් ලෙස තීන්දු තීරණ ගන්නට අපට ඇති සුජාත අයිතිය නැතිකර තිබෙන බවයි. එදා ඔවුන් ඔවුන්ගේ කාර්යයන් කරගත්තේ තුවක්කුවෙනි. අද තුවක්කුව වෙනුවට ඔවුන් වෙළ`ද ප්‍රචාරයන් මෙන්ම ඔවුන්ගේ ඊනියා විද්‍යාත්මක දැණුම ද යොදා ගනී. නමුත් ඔවුන් අදත් සිදුකරන්නේ එදා සිදු කළ දේමය.
මෙවැනි කාරණාවලින් අප තේරුම් ගත යුත්තේ අපේ නිදහස පිළිබ`දව බරපතළ ගැට`එකාරී තත්ත්වයක් පවතින බවය. මෙම අධිරාජ්‍යවාදී බලවේගවලින් මිදී අපේ වැඩ අපට උවමනා ආකාරයට කරගැනීමට අවශ්‍ය තත්ත්වයන් උදාකර ගැනීමට මෑත කාලිනව ඇති වූ ස්වර්ණමය අවස්ථාව කිරිපිටි අර්බුදය විසින් නිර්මානය කර දී ඇති බව අපේ වැටහීමයි. මේ ත්‍රස්තවාදයෙන් අප මිදුනොත් අපව ඇද බැ`ද දමා තිබෙන අනෙකුත් සකලවිධ වහල් බැමි වලින්ද අපට ජාතියක් ලෙස මිදිය හැකිය. මෙම වහල් බැමිවල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට අප ලෝකය තුළ ණයගැති, නිවට, බෙලහීන, බෝනොවන රෝග වැළ`දී අකාලයේ වැනසී යන ජාතියක් බවට පත් වී හමාරය.
කෙසේ වෙතත් මෙවර කිරිපිටි සම්බන්ධ අර්බුදය මතු වු මොහොතේ මෙතෙක් නොදුටු ආකාරයේ ජාතික එක`ගතාවයක් ඇතිවී තිබිණි. අයි. ටී. අයි. ආයතනය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විද්වතුන්, ජනමාධ්‍ය සහ දේශීය ව්‍යාපාරිකයන් එක පිලක සිට අපව ගිලගන්නට එන, ඔවුන්ගේ ලාභය වෙනුවෙන් අපව ලෙඩ කර අකාලයේ මරා දමන්නට එන, විජාතික බලවේගවලට අභියෝග කළේය. එය බෙහෙවින්ම අගය කළ යුතු මෙන්ම තව තවත් පුලුල කරමින් පවත්වාගෙන යායුතු තත්ත්වයකි. අප ජාතියක් ලෙස සැලකිය යුතු මට්ටමේ ජයග්රහනයක් ලබාගන්නට නම් මෙම එකමුතුව දිගින් දිගටම පවත්වාගෙන යා යුතුය. කිරිපිටි සමාගම් දැන් මුදල් වීසිකිරීම කීප ගුණයකින්ම වැඩිකර ඇත. කිරිපිටි සමාගම් විසිකරන මුදල් වලට ඇති වී තිබූ යහපත් ජාතික ප්රවනතාවය විනාශ කරන්නට අප ඉඩ නොදිය යුතුය.
මේ මොහොතේදී විදේශීය කිරිපිටි පරාජය කරන්නට සාමූහිකව කළ යුතු වූ අරගලයට සෑම පුරවැසියෙක්ම අවම වශයෙන් විවේචනාත්මක සහයෝගයක් හෝ ලබා දෙන ලෙස මේ රටේ විද්වතුන් ප්රමුඛ ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නෙමු. ඊට විවේචනාත්මක හෝ සහයෝගයක් ලබාදෙන්නට හිත හදාගන්නට බැරිනම් අවම වශයෙන් ඊට අකුල් නොහෙලා ඉන්නටවත් කටයුතු කිරීම මේ මොහොතෙ අප සෑම සියලු දෙනා විසින්ම ඉටු කළ යුතු ජාතික යුතුකමක් හා වගකීමක් වෙයි.
වෛද්‍ය පාලිත සමන් ජයකොඩි
http://www.divaina.com/2013/11/03/feature13.html
සබැඳි ලිපි කිහිපයක් -
[
ෆොන්ටෙරා සමාගම නිපදවන කිරිපිටි නොවන කිරිපිටිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6902.htmlපිටි කිරිත් එපා - දියර කිරිත් එපාhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1228.htmlකිරි, මෙලමයින් සහ DCD - ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/08/dcd.htmlඉතා වැදගත් කියවිය යුතු ලිපියක් - දිවි නසා ගන්නට ඕන නම් කිරිපිටි බිව්වට කමක් නෑ! - වෛද්‍ය පාලිත සමන් ජයකොඩිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_9700.htmlදේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ නැංවීම අර්බුදයට විසඳුමයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6292.html
]

0 comments:
Post a Comment