හරිම තිබහයි... එහෙම කියමින් අපි තිබහා නිවාගන්න වතුර වීදුරුවක් හෝ පැණි බීම බෝතලයක් බීමට පුරුදුව සිටින්නෙමු. තිබහ නිවාගන්න පිරිසිදු වතුර වීදුරුවක් පානය කිරීම වරදක් නැති වුවත් පැණි බීම බෝතලයක් ඒ සඳහා භාවිත කිරීම නම් එතරම් හොඳ නැත. එය පුරුද්දක් බවට පත්වුවහොත් අනාගතයේදී අප ඉතා ඉක්මනින්ම දියවැඩියාව, වකුගඩු රෝග ආදියට පහසුවෙන්ම ගොදුරු විය හැකිය.
අප තිබහට වතුර බොනවා මෙන්ම අපට තිබහා ඇතිවන්නේ ඇයිදැයි කියාද අවබෝධයක් තිsබිය යුතුය.
මිනිස් සිරුරේ ඇති සංයුතියෙන් සියයට හැත්තෑතුනක් (73%) ඇත්තේ ජලයය. එය පෘථිවියේ ඇති සංයුතියට ද සමානය. පෘථිවියේ 73% ක් ඇත්තේ ද ජලයය.
එබැවින් අපට ජලය යනු අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි. සිරුරේ සියලු ක්‍රියාකාරකම් සඳහා ජලය අත්‍යවශ්‍යය. නමුත් මෙය අප බොහෝ දෙනා නොසලකා හරිති. එනිසා ඇතැම් දෙනා ජලය පානය කරන්නේ තිබහ ඇති වූ විටදී සහ ආහාර ගැනීමෙන් පසුය. නමුත් අප ශරීරයට දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණයක් තිබේ. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එසේ වන්නේ අපගේ සිරුරට දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණය තීරණය කරනු ලබන්නේ එම පුද්ගලයාගේ බර අනුවය. පුද්ගලයාගේ සිරුරේ බර කිලෝග්‍රෑම්වලින් මැන එය 7 න් බෙදූ විට ලැබෙන අගය එම පුද්ගලයා දිනකට පානය කළ යුතු ජලය කෝප්ප ගණන වේ.
උදාහරණයක් ලෙස කිලෝග්‍රෑම් 60 ක් බර පුද්ගලයකු දිනකට පානය කළ යුතු ජලය කෝප්ප ගණන ආසන්න වශයෙන් 08 කි. වතුර කෝප්පයක් යනු මිලිලීටර් 250 කි. එසේ නම් කිලෝග්‍රෑම් 60 ක් බර අයකු දිනකට ලීටර් දෙකක් පිරිසිදු පානීය ජලය ශරීරයට එක්කර ගත යුතුය.
ජලය පානය කරන හැටි
පුද්ගලයකු දිනකට පානය කළ යුතු ජලය ප්‍රමාණය එකවර හෝ දෙවාරයකට පානය කිරීමෙන් ඵලක් නැත. එසේ වුවහොත් එය මුත්‍රා සමඟ පිටව යයි.
අප බොහෝ දෙනා ජලය පානය කිරීමට එතරම් අකැමැත්තක් දක්වන්නේ ද මෙම ගැටලුව නිසාය. 'වතුර බොනකොට නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වෙනවා' යෑයි පවසති. රැකියාවක නිරත අයකු නම් පාසල් යන දරුවන් නම් මෙය මහත් කරදරයකි. එනිසා ඔවුනගේ ගැටලුව සාධාරණය. නමුත් මෙය සාධාරණ ලෙස පිළිගත හැක්කේ ඔවුන් ජලය පානය කරන ක්‍රමය නිවැරැදි නම් පමණි. ජලය පානය නිසා නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වන බව පවසන්නේ සහ සිතන්නේ වැරදි අයුරින් ජලය පානය කරන අයටය.
අප දිනකට අවශ්‍ය ජලය කෝප්ප ගණන පානය කළ යුත්තේ දවස පුරාවටය. උදෑසන අවදි වූ විට ජලය කෝප්පයක් පානය කළ හැකිය. ඉන්පසු උදෑසන ආහාරයට පෙර සහ ආහාරයට පසු ජලය කෝප්පයක් බැගින් පානය කළ හැකිය.
දහවල් ආහාරයට පෙර සහ පසු ද රාත්‍රි ආහාරයට පෙර සහ පසු ද ලෙස ගැනීමට හුරු වූ විට ජලය කෝප්ප 6 ක් පානය කර ඇත. ඒ අතර පැය දෙකකට වරක් ජලය කෝප්පයක් පානය කළ හැකිය.
වායුසමීකරණය සහිත ස්ථානවල සිටින විට
අප ජලය පානයට හුරුව ඇත්තේ තිබහ ඇති වූ විටදී බැවින් වායුසමීකරණය සහිත ස්ථානවල සිටින විට තිබහ නොදැනේ. එනිසා ජලය පානයට ද එතරම් යොමු නොවේ. නමුත් වායුසමීකරණ සහිත ස්ථානවල සිටින විට අපගේ සිරුර මතුපිට සිසිල් වුවත් අපගේ සිරුර ඇතුළත ඇති ජලයෙන් සියයට 25 (25%) ක පමණ ප්‍රමාණයක් ඉවත්ව තිබේ. එනිසා වායුසමීකරණය සහිත ස්ථානවල සිටින විට අනිවාර්යයෙන්ම පැය දෙකකට වරක් ජලය මිලි ලීටර් 250 කෝප්පයක් පානය කළ යුතුය.
ජලයට ආදේශක පානය කිරීම
ඇතැම් දෙනා ජලය වෙනුවට ඊට ආදේශක පානය කරති. තේ, කෝපි, පැණි බීම, කැඳ වර්ග, ස්වාභාවික පලතුරු යුෂ ආදිය පානය කර ඉන් සිරුරට අවශ්‍ය ජලය ලබාගත හැකි බව සිතති. නමුත් සිරුරට අවශ්‍ය වන්නේ පිරිසිදු ජලය (H2ධ) මිස ආදේශක නොවේ. එනිසා දිනකට සිරුරට අවශ්‍ය ජලය, ආදේශක නිසා පාලනය කිරීම වැරදිය.
ජලය අඩු වූ විට
දිනකට අපගේ සිරුරට අවශ්‍ය ජලය ප්‍රමාණය අඩු බව දවසකින් දෙකකින් දැනෙන්නේ නැත. සති කිහිපයක් ගතවන විට මුත්‍රා ආසාදන ඇතිවීම, රුධිර පීඩනය ඉහළ යැම, ඇඟපත වේදනාව, හිසරදය, ගැස්ට්‍රයිටීස් අපහසුතා මතුවීම, සමේ පැහැය වෙනස්වීම, අධික වෙහෙසක් දැනීම ආදිය මතුවන විට සිරුරට දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණය නොලැබීමේ ප්‍රතිඵල මතුවන්නට පටන් ගනී. එවිට අප වේදනානාශක ඖෂධ ගැනීම, ආහාර පාලනය ආදියට යොමු වේ. එසේත් නොහැකි වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වේ. මෙම රෝග සියල්ලටම බොහෝ විට මූලික වී ඇත්තේ දිනකට අවශ්‍ය ජලය ප්‍රමාණය ශරීරයට නොලැබීම බව රෝග පරීක්ෂාව අනුව හෙළි වී තිබේ.
දිනකට සිරුරට අවශ්‍ය ජලය ප්‍රමාණය නොලැබීම දිගින් දිගටම සිදුවන විට එහි භයානක ප්‍රතිඵල ලෙස වකුගඩු අක්‍රියවීම, අක්මා රෝග මතුවීම, සමේ රෝග හටගැනීම, පිළිකා ඇතිවීම ආදිය සඳහා සිරුර අභ්‍යන්තරයේ පසුබිම සැකසේ.
එසේම ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය 15% කින් අඩු වන බව හෙළිවී ඇත.
මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලය වන්නේ දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය පානය නොකිරීම නිසා පුද්ගලයකු තම ජීවත්වීමේ ආයු කාලය වසර කිහිපයකින් අඩුකරගන්නා බවය.
යම් පුද්ගලයකු කෝලා වර්ගයේ පැණි බීම ලීටරයක් පානය කළොත් ඉන් ශරීරයට සිදුවන හානිය අවම කරගැනීම සඳහා ජලය ලීටර තුනක් පානය කළ යුතුය.
බීමට සුදුසු ජලය
වර්තමානයේ අප බොහෝ දෙනා ප්ලාස්ටික් බෝතල්හි බහාලූ පානීය ජලය භාවිත කරති. ඒ අතර තවත් පිරිසක් උණුකර නිවාගත් ජලය පානය කරති. පිරිසක් ශීත කළ ජලය පානය කරති. තවත් පිරිසක් ළිං ජලය පානය කරති.
නළ ජලය, ළිං ජලය හෝ බෝතල් කළ පානීය ජලය යන කුමන වර්ගයක් වුව පිරිසිදු ඇල් ජලය, උණුකර නිවාගත් ජලය සහ ශීත ජලය යන ජල වර්ග සියල්ලම අපගේ ශරීරයට හුරුකරගත යුතුය. එනිසා නීරෝගී පුද්ගලයකු දිනකට පළමුව මද රස්නයෙන් යුත් ජලය කෝප්පයක්, ඇල් ජලය කෝප්පයක් සහ ශීත කළ ජලය කෝප්පයක් බැගින් විවිධත්වයකින් යුතුව පානය කිරීම වඩාත් සුදුසුය.
ලුණු සහිත ආහාරවර්ග ගත්විට ශරීරයේ ඇති ජලය ප්‍රමාණය ඉතා ඉක්මනින් අඩුවේ. එබැවින් එවැනි ආහාර වර්ග අඩු ප්‍රමාණයකින් ආහාරයට ගතයුතුය. එවැනි ආහාර ගත් විට සාමාන්‍යයෙන් දිනකට ගතයුතු ජලය කෝප්ප ප්‍රමාණයට වඩා වැඩිපුර ජලය කෝප්ප කිහිපයක් පානය කළ යුතුය.
ජලය පානයෙහි අවසාන ප්‍රතිඵලය විය යුත්තේ අපගේ සිරුරට තිබහ ඇතිවීමට ඉඩ නොදීමය. තිබහ යනු රෝගයකි. එනිසා තිබහට තිත තැබීමට ජලය පානයට හුරුවිය යුතුය.
උපදෙස් - බ්‍රිතාන්‍ය රාජකීය ක්‍රීඩා වෛද්‍ය සංගමයේ විශේෂඥ වෛද්‍ය, අසංක විජයරත්න
උපාලි ද සේරම්
http://www.divaina.com/2013/11/03/feature12.html

0 comments:
Post a Comment