
නව නීති රීති අනුව එකී අරමුදල් යෙදවීමේ ව්‍යාපෘති හෙළි කළ යුතුයි. දැනට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන නීති රීති යටතේ අරමුදල් සපයන්නන් සොයා ගැනීමේ හැකියාවක් නැත.
මේ ගැන ආරක්‍ෂක බලධාරීහු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දැඩි අවධානයට යොමු කර ඇති අතර ඊට අනුමැතිය ලැබී තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදය මුවාවෙන් ඇමරිකානු සංවිධානයක් මෙරට රාජ්‍ය නොවන සංවිධාන 11 කට ඩොලර් ලක්‍ෂ හතරකට අධික මුදලක් සැපයීමේ සිද්ධියක්‌ද එකී සංවිධානයක උත්සවයකට බටහිර තානාපති නිලධාරියකු සහභාගිවීම ගැන ද රජයට හෙළිවී තිබිණි.
මෙලෙස අරමුදල් ලබාගත් ඇතැම් සංවිධාන කීපයක් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් කිරීම සඳහා ක්‍රියාකර ඇතැයි බුද්ධි අංශ හෙළි කර ඇත.
ඉන්දියාව තුළ ක්‍රියාත්මක වන විදේශ අරමුදල් පාලනය කිරීමේ නීති රීතිවලට සමානව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන සඳහා නීති රීති සකස් කර තිබේ.
දැනට මෙරට ක්‍රියාත්මක වන්නේ 1977 ට පෙර සකස් වූ රාජ්‍ය නොවන සංවිධාන නීතිරීතීන්ය.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/05/04/news08.html
Pic Source
0 comments:
Post a Comment