Pages

Monday, May 5, 2014

දුම්බර රක්‍ෂිතයත් ලෝක උරුමයෙන් ඉවතට?

දේශපාලනඥයන්ගේ ආශීර්වාදය මත මිනිසුන් විසින් දිගින් දිගටම දුම්බර (නකල්ස්‌) රක්‍ෂිත වනාන්තරය එළිපෙහෙළි කරමින් සිදු කරගෙන යන විනාශය හේතුවෙන් එය ලෝක උරුම තත්ත්වයෙන් ඉවත්වීමේ දැඩි අවදානමක්‌ ඇතැයි දුම්බර මිතුරෝ පරිසර හා සංස්‌කෘතික සංගමය පෙන්වා දෙයි.

දුම්බර (නකල්ස්‌) රක්‍ෂිත වනාන්තරයේ විශාල බිම් ප්‍රදේශයක්‌ මේ වනවිටත් එළිපෙහෙළි කරමින් එනසාල් වගාව ව්‍යාප්ත කර ඇති අතර මේ හේතුවෙන් එක්‌ අතකින් වනයේ දුර්ලභ ශාක හා සත්ත්වයන් විනාශ වන්නා සේම ජල උල්පත් සිඳී යමින් තිබෙන බවද එම සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හා වැඩසටහන් ප්‍රධානී ජයන්ත විඡේසිංහ මහතා "දිවයින ඉරිදා සංග්‍රහයට" පැවසීය.

දුර්ලභ ගණයේ වන සතුන් ශාක වර්ග රැසකින් සමන්විත ජෛව විවිධත්වයෙන් යුතු දුම්බර (නකල්ස්‌) වනාන්තරය 2000 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම සංරක්‍ෂිත වනාන්තරය වශයෙන්ද 2010 වසරේදී එය යුනෙස්‌කෝව විසින් ලෝක උරුමයක්‌ ලෙස ද නම් කරනු ලැබීය.

තුෂාරී කළුබෝවිල
http://www.divaina.com/2014/05/04/news03.html

Pic Source

0 comments: