Pages

Thursday, May 8, 2014

දුප්පත්කම දඩමීමා කරගෙන අන්‍යාගමීකරණයට එරෙහිව උහනදී විරෝධතාවක්‌

අම්පාර දිස්‌ත්‍රික්‌කයේ සිදුවෙන අන්‍ය ආගමිකරණයට විරෝධය දක්‌වමින් උහන ශාසනාරක්‌ෂක බල මණ්‌ඩලයේ භික්‌ෂුන්වහන්සේලා හා දහම් පාසල් සිසුන් පිරිසක්‌ උහන පොලිසිය ඉදිරිපිටදී උද්ඝෝෂණයක්‌ පැවැත්වූහ.

එහිදී 'වසර 2600 ක්‌ බුද්ධාගම රැකුණේ මුදලට නොවේ',  'අපේකමට අත නොදමුනු', 'බෞද්ධ ජනතාවගේ ඉවසීම නිවටකම නෙවේ' යනුවෙන් සඳහන් කරනලද පුවරුද උද්ඝෝෂකයෝ අත වූහ.

පාස්‌කර් නමින් හඳුන්වන පුද්ගලයන් පිරිසක්‌ මෙම ප්‍රදේශයේ ගම්මානවලට ගොස්‌ බෞද්ධ ජනතාව මුලා කරමන් අන්‍ය ආගම්කරණයට ලක්‌කරන බවද උද්ඝෝෂණයට වැඩම සිටි හිමිවරුන් ප්‍රකාශ කළහ.

පසුගිය දිනයක අන්‍ය ආගම්කරණයේ නිරතවෙමින් සිටි පුද්ගලයකු අල්ලා උහන පොලිසිට භාරදුන් අතර ඔහු පොලිස්‌ ඇප මත නිදහස්‌ කළ බවද මෙම විරෝධතාවට පැමිණි කුමාරිගම විහාරාධිපති හා සිංහල සංවිධානයේ සභාපති සේනානියේ ආනන්ද හිමියන් පැවසූ අතර මේ ආකාරයට බොරු කියමින් සිංහල බෞද්ධ ජනතාව අන්‍ය ආගම්කරණයට ලක්‌ කිරීම පිළිබඳ රජයේ අවධානය වහාම යොමුවිය යුතු බවත් පොලිසිය මෙවැනි පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටියහ.

උහන පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රාජිත, උහන ප්‍රාදේශීය සභාවේ වැඩබලන සභාපති උපුල් ප්‍රියන්ත යන මහත්වරුන්ට සන්දේශයක්‌ භාරදෙන ලද්දේ රජයට යොමුකරන ලෙසටයි. 

දඩයම්තලාව - පී. ජයසිංහ, ජයරත්න ගෝණපීණුවල - අම්පාර
http://www.divaina.com/2014/05/08/provin02.html

Pic Source

සබැඳි ලිපි -
[
අන්‍යාගමිකකරණයට එරෙහි පනතට මෙතරම් බය ඇයි?http://denethharinna.blogspot.com/2012/09/blog-post_5.html
බෞද්ධයන් අන්‍යාගමට හරවන ඉවැන්ජලිකල් කල්ලියක්‌
http://denethharinna.blogspot.com/2012/10/blog-post_14.html
NGO අන්‍යාගමික කරණයේ
http://denethharinna.blogspot.com/2013/03/ngo.html
රාජ්‍ය නොවන සංවිධානයක ඉල්ලීමට 'ගාමිණීපුර' පවුල් 10ක්‌ බුදුදහම අත්හැරලා
http://denethharinna.blogspot.com/2013/03/10.html
මූලධර්මවාදී කණ්ඩායම් ඇවිත් ආදිවාසින් අන්‍යාගම්වලට හරවනවා - ආදිවාසි නායක
http://denethharinna.blogspot.com/2013/05/blog-post_2.html
]

0 comments: