Pages

Monday, June 30, 2014

මහවැලි ගඟෙන් පිළිම හමු වේ

රංදෙනිගල මිනිපේ යෝධ ඇළ අමුණ අසල මහවැලි ගඟ හරහා වූ දියපැන්නුමට පහළින් වතුරේ ගිල්වා තිබූ පෞරාණික ගල් පිළිම 05 ක්‌ හා පිළිමයක පාදම කොටසක්‌ 28 දා සවස ගම්වැසියකු දැක හසලක පොලිසිය වෙත දන්වා ඇත. හසලක පොලිස්‌ ස්‌ථානාධිපති රුවන් කුමාරසේකර මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීහු එම ස්‌ථානයට ගොස්‌ පරීක්‍ෂා කර බැලූ අතර එම පිළිම වෙනත් ස්‌ථානයකින් මෙම ස්‌ථානයට ගෙන එන ලද ඒවා බවත් මාස ගණනකට පෙර ගෙනැවිත් දමන්නට ඇති බවත් නිගමනය කරනු ලැබූහ. මෙම පිළිම පුරාවිද්‍යා නිලධාරීන් වෙත...

පාකිස්‌තානුවන්ට ගුවන් තොටේදීම වීසා දීම නතර කරයි

පාකිස්‌තාන ජාතිකයන්ට මෙරට ගුවන්තොටුපළේදීම වීසා ලබාදීමේ පහසුකම (Visa on arrival) නතර කිරීමට රජය තීරණය කර ඇත. ඉස්‌ලාම් අන්තවාදී කණ්‌ඩායම්වල සාමාජිකයන්ද මේ පහසුකම යොදාගෙන ශ්‍රී ලංකාවට පැමිණීමේ අනතුර වැඩි වී ඇති නිසා මෙම වීසා පහසුකම නතර කිරීමට රජය තීරණය කර ඇත. ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයකු වූ ශකීර් හුසේන් චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගැනීමත් සමග පකිස්‌තාන අන්තවාදී සංවිධාන ශ්‍රී ලංකාව හා මාලදිවයින තම ත්‍රස්‌ත මෙහෙයුම සිදුකිරීමට සංක්‍රමණ ස්‌ථානයක්‌ බවට...

Sunday, June 29, 2014

අලුත්ගම සිද්ධිය සඳහා බලපෑ ප්‍රකෝප කිරීම් දෙකම සිදුකරන්නේ මුස්‌ලිම් පාර්ශ්වයෙන් - පශ්චාත් වාර්ථාව

අලුත්ගම, බේරුවල, වැලිපැන්න, දර්ගානගරයේ හටගත් ගින්න මේ වන විට නිවී ඇතැයි බලධාරීහු කියති. අතින් ඇවිළුණු ගිනි හෙමින් නිවී යන්නේය. නමුත් හිතින් ඇවිළු ගිනි එසේ නිවී නොයන්නේය. වෛරය, ක්‍රෝධය, පළිගැනීමේ සිතිවිලි අනුශය වශයෙන් හිතේ තැන්පත්වී යළිත් වටපිටාව සැකසුණු සැනින් බුර බුරා නැගෙන්නේය. එබැවින් 'දහන පෝෂක' වටපිටාවකට ඇති හේතු සියල්ල ඉවත් නොකරන තුරු ගින්නක්‌ පිළිබඳ අවදානම සහමුලින්ම දුරුව ඇති බවට කිසිවෙකුට සහතික දිය නොහැක. කෝලාහලය අවසන් නමුත් සිදුවීම් අවසන්...

බොදු බල සේනා, සිංහල රාවය ආදී ජාතික සංවිධාන දෙස සම්‍යක්දෘෂ්ඨිකව බලමු!

මෑතක සිට ශ්‍රී ලංකාවේ උග්‍ර වෙමින් පවත්නා ජාතික අර්බුදයක්‌ ලෙස බොහෝ දෙනා විසින් හඳුනාගනු ලැබ ඇත්තේ ආගමික අන්තවාදයන්ගේ අවභාවිතාවන් සම්බන්ධ ජන අර්බුදයි. මේ පිළිබඳ විවිධ දෘෂ්ටිකෝණයන්හි ද දෘෂ්ටීන්හි ද පදිංචි වූ පුද්ගලයන් විසින් කෙරෙන අර්ථ දැක්‌වීම හේතු කොට ගෙන අර්බුදය ඒ දිසාවන්ට පාවී යමින් තිබෙනු ද දැකිය හැකිය. අර්බුදය පිළිබඳ නිවැරැදිව වටහා ගැනීමක්‌ නොවීමද නිවැරදි නිර්වචනයක්‌ නොකිරීම ද අර්බුදයට වඩා භයානකය. එහෙයින් මේ පිළිබඳ ගැඹුරින් කරුණු අධ්‍යයනය කිරීම...

තමා අතින් කැපූ වලක හිර උනාද හිමි වටරැක!

විකෘති කරන ලද සංසිද්ධි නොසලකා හරිමින් හෝ ඒවාට නිදැල්ලේ පැවැතීමට ඉඩදීම නිසා, ශ්‍රී ලංකාව වාර ගණනාවක්‌ බැට කා තිබේ. මිථ්‍යාවට පිළිතුරු නොදී "ඇත්ත ඕක නෙමෙයිනේ... ඒක කවුරුත් දන්නවානේ..." යන තැන සිට ප්‍රශ්න දෙස බැලීමේ ජාතික පුරුද්ද හේතුවෙන් දෙමළ වර්ගවාදය වසර තිහක්‌ තිස්‌සේ මේ දිවයින ලෙයින් නෑවූහ. දෙමළ ඊළාම් නිජභූමි මිථ්‍යාව, ඇස්‌ ඉස්‌ මත්තේම බොරුවක්‌ බව පෙනී පෙනීත් ජාතියක්‌ ලෙස එයට හරවා පිළිතුරු දීමට අපොහොසත් වීමේ විපාකය පරම්පරා කිහිපයක්‌ම විඳවීය. දැන්...

1915 මරක්‌කල කෝලාහලය - වෙඩිතබා මැරූ සිංහලයන් දහසකට වැඩියි

වසර 2500 ක සිංහල බෞද්ධ ඉතිහාසයක්‌ ඇති ශ්‍රී ලංකාවට වර්ගවාදී හෝ ජාතිවාදී අතීතයක්‌න් නැත. දෙමළ රජවරුන් ලංකාව ආක්‍රමණය කළ විට එයට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම යනු ජාතිවාදයක්‌ නොව ආක්‍රමණිකයාට විරුද්ධ වීමකි. පෘතුගීසි, ලන්දේසී, ඉංග්‍රීසි යන ජාතීන් මේ රට ආක්‍රමණය කළ විට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම කිසිදු ආකාරයක ජාතිවාදී ස්‌වරූපයක්‌ ගත් බවට සාක්‍ෂි නැත. බුද්ධාගම වැළඳගත් සැනින් සිංහල ජාතියට අවශෝෂණය වී රට පාලනය කිරීමට කන්ද උඩරට සිටි දෙමළ රජවරුන්ට අවස්‌ථාව ලැබිණ....

Saturday, June 28, 2014

අලුත්ගම ගැන කොටි කිඹුල් කඳුළු

අලුත්ගම ඇතුළු දකුණේ ප්‍රදේශ කීපයකදී මුස්‌ලිම් වැසියන්ට විවිධ අන්දමේ හිරිහැර විඳින්නට සිදු වූ බව කියමින් විශාල පිරිසක්‌ වීදි බැස පොළපාලි ගියහ. මුස්‌ලිම් වැසියන්ගේ කඳුළු පිසිමින් උතුරේ දෙමළ වැසියෝද විශාල පිරිසක්‌ පසුගිය සතියේදී වීදි බැස සිටියහ. අලුත්ගම දී හෝ ඒ ආසන්න නගරයකදී සිංහල වැසියන් කිසිවෙකුටත් කිසිදු ඇබැද්දියක්‌ සිදු වූ බවක්‌ නොපෙනෙන්නේ සිංහල වැසියන් වෙනුවෙන් වීදි බසින ලද පිරිස ඉතා අඩු නිසාවෙනි. මා මෙසේ සටහන් කරනුයේ ජාතිවාදය ගැන කතා කිරීමට...

ලේ, මස්, ඇට, නහර වලට කාවැදි සිංහලයාගේ සහජීවනය

බෞද්ධයින් වන්නට පෙර වුවද සිංහලයෝ කිසිදු ඇදහීමකට, කිසිදු ජන කොටසකට එරෙහි නොවූහ. ඒ පිළිබඳ හොඳම උදාහරණය ප්‍රාග් බෞද්ධ අනුරපුර යුගය ආලෝකවත් කළ පණ්‌ඩුකාභය රජතුමාගේ කාලයයි. සැත්තෑ වසක තම රාජ්‍ය කාලය තුළ පණ්‌ඩුකාභය රජතුමා සියලු ඇදහීම්වලට හා සියලු විශ්වාසයන්ට ගරු කළ බවත් විවිධ විශ්වාසයන් හා ඇදහීම් සමග බැඳී සිටි සෑම ජනකොටසකටම එකසේ ආධාර අනුග්‍රහ කළ බවත් ඓතිහාසික සත්‍යයකි. වැව් ඇළවේලී තනවමින් ථූපාරාමය, මහාවිහාරය, මිහින්තලේ, අම්බස්‌ථල චෛත්‍යය, යාපනේ තිස්‌ස...