Pages

Tuesday, July 22, 2014

ලංකාවේදී දරුවන් වංගෙඩියේ කෙටූ, මිනිසුන් කිඹුලන්ට දැමූ අතීතයේ වත්මන් පලදීම ඉරාකයෙන් - මර බියෙන් ඉරාක කිතුණුවන් මොසුල් හැර යති

ඉස්ලාමීය රාජ්‍යය විසින් ඉරාකයේ මොසුල් නගරවාසී කි‍්‍රස්තියානි ලබ්ධිකයන් වෙත අවසන් නිවේදනයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.

ඉස්ලාමික රාජ්‍යයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි විසින් නිකුත් කර ඇති නිවේදනයේ දක්වා ඇත්තේ ඔවුන් සියලූදෙනා වහා ඉස්ලාම් ආගම වෙත මාරු විය යුතු බවයි.  ආගමික බද්දක් ගෙවිය යුතු බවද එසේ නොවන්නේ නම් මරණය සඳහා සූදානම් වන ලෙසද ඔහු පවසා තිබේ.

මේ බව මොසුල් නගරයේ ඉස්ලාමික දේවස්ථානවල ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් දැනුම් දී ඇති අතර ඉස්ලාමික කාලිෆ් රාජ්‍යයේ දේශසීමාවෙන් පිටවීමට සෙනසුරාදා තෙක් කල් දෙන බවද නිවේදනය කර ඇත.


ජුලි මසදී ඉරාකය තුළ මෙහෙයුමක් ආරම්භ කළ ඉරාක ඉස්ලාමීය රාජ්‍යය සහ ලෙවන්ට් සංවිධානය විසින් අත්පත් කරගත් භූමියට අදාළව කාලිෆ් රාජ්‍යයක් ප‍්‍රකාශයට පත්කරන ලද අතර ඒ සමග සංවිධානයේ නමද වෙනස් කරගනු ලැබිණි.


සටන්කාමීන් සමග සාකච්ඡ කළ යුතු බව පවසා ඇති පවුල් සුළු ප‍්‍රමාණයටද මොසුල් නගරයෙන් පලා යන ලෙස ක‍්‍රිස්තියානි දේවගැතිවරුන් විසින් උපදෙස් දී ඇතැයි පැවසේ.


ඉරාක ඉතිහාසයේ පළමු වතාවට මොසුල් නගරයේ කිතුණු ලබ්ධිකයන්ගෙන් තොර වන බව සඳහන් කර ඇති ලූයිස් සාකෝ පූජකවරයා පවසා ඇත්තේ නගරයෙන් පලා යන කිතුණුවන් කුර්දිස්ථානයේ දෝහුක් සහ අර්බිල් ප‍්‍රදේශ වෙත යමින් සිටින බවයි.


මෙසෙපොටේමියානු ශිෂ්ථාචාරයේ අගනුවර ලෙස සැලකෙන නිනවේ ආසන්නයේ පිහිටා ඇති මොසුල් නගරය තුළ දශකයකට පෙර කිතුණුවන් ලක්ෂයනක් පමණ ජීවත්වී ඇතැයි පැවසේ.


http://lankacnews.com/sinhala/foreign-news/119388/


සබැඳි ලිපි -

[
කිතු දහමේ වේදනාකාරී ලංකා බීජය - ප‍්‍රතික්‍ෂේප කළවුන් කිඹුලන්ට ආහාර පිණිස විසිකළා. බොදු ගෑණුන්ට සිය දරුවෝ වංගෙඩිවල දමා කොටන්න අණකළා!http://denethharinna.blogspot.com/2014/07/blog-post_4179.html
]

6 comments:

Anonymous said...

you are an idiot. how come you connect this to what happened in srilanka few hundred years ago?. Those ISIS are bunch of killers. They will kill whoever not in there sect no matter they are Muslims Buddhist or Hindus. If you have any doubt go to YouTube and watch your self!
before you post this kind things go to internet and search your self

Anonymous said...

This is an horrendous post. Very stupid of you du even claim such connection. Whoever is suffering as humans we need to emphasise and help. Not rubbing hands on happiness. T the author of this post disgust me

Anonymous said...

Same kind of way used to spread Christianity in old Ceylon. Admin tried to reveal the bitter truth at this is a same kind of story. Nature is, repeating the things. Why you got angry about that? Thanks for revealing the bitter truth admin!

Anonymous said...

Hat off ADMIN for reveling the buried information. All Sri Lankans should know the reality of forcefully spreaded religion of Christianity in Sri Lanka. Connectivity between this stories are very clear. Earlier old Sinhalese were killed for Christianity & now they are killed because of the religion.

Anonymous said...

සමහර අන්තවාදීන්ට මාර අමාරුයි තමන්ගෙ අතීත පරම්පරා, කොච්චර නින්දිතවද හැසිරුනේ කියන එක මතක් වෙනකොට! තමන්ගෙ අතීත පරම්පරා කරල තියෙන සහගහන අපරාධ මතක්වෙනකොට!

දෙනෙත් හරින්න ! said...

සබැඳි ලිපි කියල අපි ලිපි පලකරන්නෙ යම් සබඳතාවක් ඇතොත් පමණයි! පැහැදිලිවම මෙහි එවැනි සබඳතාවක් පවතිනව. අතීතයේ තම බලය, අහිංසකයක් සහ මෛත්‍රිය පදනම් වූ ආගමකට එරෙහිව යෙදූ කුරුසකාරයන්ට, තවත් අන්තවාදී ආගමකින් වත්මනේ අමානුෂික ලෙස පහර වදිනව. මෙහිදී අපේ අරමුණ උනේ කුරුසකරුවන්, බොදු දහම අත්හරින්නට අකමැති වූ ජනයාගේ දරුවන් මවුන් ලවා වංගෙඩියේ දමා කොටවමින්, දරුන්වන් උඩ දා බයිනෙත්තුව අල්වමින්, පිරිමින් කිඹුලන්ට අහර පිණිස දමමින් උන්මත්තකව හැසිරිනු එම අමානුෂික අතීතය ගැන පුංචි මතකයක් අවදි කරන්න. එහෙම නැතුව, මෙවර ඔවුන්ට වන පහරදීම අනුමත කරන්න නොවෙයි!

"පෘතුගීසින්ගේ නියමය වූයේ දේශනාවෙන් පටන්ගෙන එය සාර්ථක නොවන්නේ නම් අසිපතින් තීරණය කිරීමය.

පෘතුග‍්‍රීසි ජාතික ඉතිහාසඥයෙකු වූ මැනුවෙල් ද ෆාරියා එක් පෘතුග‍්‍රීසි සෙන්පතියෙකු සිදුකළ මිලේච්ඡු සංහාරයන් විස්තර කර තිබුණේ පහත ආකාරයටය. අසවේදු නැමැති පෘතුගීසි නිලධාරියා ලංකාවේ මුලාදෑනිකම් කළ සමයේ සිංහල ගෑණුන්ට සිය දරුවෝ වංගෙඩිවල දමා කොටන්න අණකළේය. මෝල්ගස්පාර කන අසරණ දරුවෝ ගැනවත් තමන්ගේම දරුවන් වංගෙඩිවල දමා කොටන්නට සිදුවීමේ ශාපය උසුලාගත නොහැකි වූ මව්වරු ගැනවත් අබටැක දායවක් නොදැක්වු මේ සෙනවියා අවසානයේ එම මව්වරුන්ගේ ද හිස ගසා දමන ලදි.

‘පෝල් ඊ පීරිස්’ ‘ලංකාව හා පෘතුග‍්‍රීසීන්’ යන කෘතියෙන් කළ විස්තරයක මෙසේ සඳහන් වෙයි. ‘‘ ගැණුන් පිරිසක් හා ළමුන් දෙසිය දෙනෙකු වටලා වෙල්යායකට ගාල්කරන ලදි.’’ කතෝලික ආගමට හැරුණු සයිමන් කොරයා නම් සිංහල කපිතාන්වරයෙක් ඔවුන්ට මැරෙනතෙක් පහරදෙන ලෙස නියම කළේය. අසරණ මිනිස්සු බැටඵ රැළක් සේ සුසුමක් හෝ කෙඳිරිල්ලක් නොනගා බලා සිටියාය. ඇතැම් මව්වරුන්ගේ දෑතේ සිටි සිංහල බිලිඳු දරුවන් දුටු පෘතුග‍්‍රීසි කපිතාන්වරයෙකු ඔවුන්ගේ ශාරීරික ජිවිත රැකගැනීමට නොහැක්කේ අධ්‍යාත්මික සුවයක් ලබාදීම වස් ඔවුන්ව බෞතීස්ම කළේය. අනතුරුව මැරෙන තෙක් පහරදීම වෙනුවට වඩාත් සහනදායි මරණයක් පතා ඒ දරුවන්ගේ හිස් ගසා දමන ලදි. පෘතුගීසින් හා එක්වූ සයිමන් කොරයා නම් සිංහල කපිතාන්වරයා තම ජාතියේම මිනිසුන් අමානුෂීක ලෙස ඝාතනය කළ ආකාරය ‘‘හයිරෝ නමස් ගෝමස්’ නම් පෘතුග‍්‍රීසි ලේඛකයා ඉතා සංවේදී ආකාරයට වාර්තා කර ඇත.

කැළණිගගේ මල්වාන තොටුපළ ඉස්මතේ ගොඩැගුනු අසවේදුගේ මාළිගාවේ සිට කි‍්‍රස්තු භක්තිකයින් වශයෙන් බෞතීස්ම වීම ප‍්‍රතික්‍ෂේප කළ අය කිඹුලන්ට ආහාර පිණිස විසිකළෝය. විහාර හා දේවාල වලට කඩා වැදුණු අසුවෙදුගේ හමුදාව ඒවායේ ඇති බෞද්ධ පිළිම වලට වෙඩිතබා විනාශ කොට එහි නිධාන ගැල්වලට පටවනු ලැබීය. අසවේදුගේ සහයකයින් වැඩියෙන් සන්තෝෂ වූයේ විහාරස්ථාන වල වැඩසිටි සංඝයා වහන්සේලා මරාදැමීමෙනි. පසුව සිදුකළේ එම පුදබිම් උන්වහන්සේලාගේ ලෙයින් තෙත් වෙනතෙක් බලාසිටීමය. මෙසේ ගම්වලට පහරදීමෙන් පසු ළිංවලට වසදැමීම අසවේදුගේ අනිවාර්ය නියෝගයක් විය."