Pages

Tuesday, May 7, 2013

සිංහල 60ක් බඳවා ගන්නා ආරංචියට පුල්මුඩේ නොසංසුන්. පෙර මුසලුවන් 136ක් බඳවාගෙන

ත්‍රිකුණාමලය පුල්මුඩේ ඛනිජ වැලි සංස්‌ථාවට සිංහල සේවකයන් 60 දෙනකු බඳවා ගන්නා බවට පැතිර ගිය ආරංචියක්‌ සම්බන්ධයෙන් පෙරේදා (05 දා) සවස සිට ඛනිජ වැලි සංස්‌ථාව ඉදිරිපිටදී පුල්මුඩ ප්‍රදේශයේ තරුණයන් 13 දෙනකු මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කර ඇත.

පුල්මුඩේ ප්‍රදේශයේ ජමෙයිතුල්ලා උලමා සභාව මගින් මෙම උපවාසය ආරම්භ කර ඇති අතර පුල්මුඩේ සියලු කඩ සාප්පු වසා දමා ඊයේ (06 දා) උපවාසකරුවන්ට සහයෝගය දක්‌වන ලදී.

2010 වර්ෂයේදී මෙම තරුණයන් 13 දෙනා අනියම් සේවකයන් වශයෙන් බඳවාගෙන දින 07 කට පසු සේවයෙන් ඉවත් කර ඇති බව කියති. ඔවුන් 13 දෙනා තමන් ඉවත් කිරීමට එරෙහිව අධිකරණයේ නඩු පවරා ඇත. එම නඩු තීන්දුවලට අනුව සංස්‌ථාව මගින් එක්‌ අයකුට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවීමට කටයුතු කර ඇති බව සංස්‌ථා බලධාරියෙක්‌ පැවසීය.

ඡන්ද කාලවලදී දේශපාලකයන් තමන්ට නැවත රැකියා ලබාදෙන බව පැවසූ බවත් දැන් එසේ නොකර දකුණු පළාතෙන් පමණක්‌ සිංහල සේවකයන් 60 දෙනකු බඳවා ගැනීම අසාධාරණ බව එම තරුණයෝ පවසති.

ජමෙයිතුල්ලා උලමා සභාවේ උප සභාපති අම්මදු මියන් කාන් අයුබ්කාන් පැවසුවේ පුල්මුඩේ ඉස්‌ලාම් පල්ලි 22 ක්‌ හා මුස්‌ලිම් කොංග්‍රස්‌ හා සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය මත මෙම උපවාසය ආරම්භ කළ බවයි.

එම ප්‍රදේශයේ උද්ඝෝෂණයට සහයෝගය නොදෙන මධ්‍යස්‌ථ මතධාරීන් පවසන්නේ 2008 වර්ෂයේදී මෙම ආයතනයට එකවර මුස්‌ලිම් සේවකයන් 136 දෙනකු බඳවා ගත් බවයි. මෙය ජාතිවාදය නැවත රට තුළ ඇති කිරීමට දරනා උත්සාහයක්‌ බව ද එම ප්‍රදේශයේ ජනතාව පවසති.

ප්‍රදේශය පුරා පොලිසිය හා යුද හමුදාව ආරක්‍ෂාවට යොදවා තිබෙන අයුරු දක්‌නට ලැබිණි. 

පුල්මුඩේ 13ක්‌  උපවාසයේ
ත්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි
http://www.divaina.com/2013/05/07/news02.html

0 comments: