Pages

Saturday, May 25, 2013

ඉන්දු ලංකා ගිවිසුම අපේ ඉතිහාසයට විරුද්ධයි

විදුලි බල වර්ජන කටයුතු ආදිය වරින් වර මතුව ආවත් තවමත් දේශපාලන කරළියේ වැජඹෙන මාතෘකාව වී ඇත්තේ 13 වැනි සංශෝධනය ය. දහතුන් වැනි සංශෝධනයට මුල පිරෙන්නේ 1987 ජුලි 29 දා අත්සන් කරන ලද ඉන්දු - ලංකා ගිවිසුමය. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව අරභයා දියත් කරන ලද බලහත්කාර ප්‍රයත්නයේ ප්‍රතිඵලයක්‌ ලෙස ඉන්දු - ලංකා ගිවිසුම හැඳින්විය හැකිය. ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් තැබීමට පෙර සිටම එයට විරෝධය පාමින් රටම කලබැගෑනියක්‌ වී තිබිණි. 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයත්, පළාත් සභා පනතත් ජාතක වන මෙම කලබැගෑනි තත්ත්වය නිසාමදොa, 13 වැනි සංශෝධන හැමදාමත් විවාදාත්මක තැනක තිබිණි.

යළිත් 13 වැනි කතාව ඉදිරියට ඇදීමට හේතුව වී තිබෙන්නේ, උතුරු පළාත් සභා ඡන්දය ය. උතුරු පළාත් සභා ඡන්දය පවතින පළාත් සභා බලතල රාමුව තුළම තැබුවහොත්. ප්‍රභාකරන්ට අවියෙන් ලබාගත නොහැකි වූ ඊළම, දෙමළ සන්ධානයට ඡන්දයෙන් ලබා ගතහැකි තැනක්‌ නිර්මාණය වීමේ නියත ඉඩක්‌ තිබේ. ජාතික බලවේග විසින් උතුරු ඡන්දය ගැන අදහස්‌ ප්‍රකාශ කරමින් මෙම තත්ත්වය සාධනීය කර තිබිණි. අමාත්‍ය විමල් වීරවංශ මේ ගැන සඳහන් කරමින් උතුරු පළාත් සභා ඡන්දය නොපවත්වන ලෙසත්, පළාත් සභා සම්පූර්ණයෙන්ම අහෝසි කරන ලෙසත් ප්‍රකාශ කර තිබිණි එසේ බැරි නම්, පොලිස්‌ බලතල, ඉඩම් බලතල, පළාත් සභා දෙකකට යෝජනාවකින් එකතු වීමට ඇති හැකියාව වැනි තැන් සංශෝධනය කර, උතුරේ ඡන්දය පවත්වන ලෙස බල කිරීමක්‌ ආණ්‌ඩුවට කරමින් තිබේ. බොදු බල සේනා සංවිධානය ද මාධ්‍ය හමුවක්‌ පවත්වමින් ප්‍රකාශ කරන ලද්දේ ආණ්‌ඩුව විසින් පාර්ලිමේන්තුව සතු තුනෙන් දෙකේ ඡන්දය උපයෝගි කරගෙන පළාත් සභා අහෝසි කළ යුතු බවය. මෙම කටයුත්තේ ඉදිරි පියවරක්‌ තබමින් ජාතික හෙළ උරුමය විසින් 13 වැනි සංශෝධනයට සංශෝධනයක්‌ ගෙන ඒමට යෝජනා කර තිබේ. ඒ අනුව පළාත් සභා සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම සඳහා වන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්‌ ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ ගැන අදහස්‌ දක්‌වමින් මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ "පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම අප ගෙන එන නව පනතේ ප්‍රධාන අරමුණක්‌, පළාත් සභා ක්‍රමයට පක්‍ෂව හා විපක්‍ෂව විවිධ අදහස්‌a පවතින බැවින් ඒ ගැන කතා කරන බව ජනාධිපතිතුමා මහින්ද චින්තන ඉදිරි දැක්‌ම ප්‍රතිපත්ති ප්‍රකාශයේත් දක්‌වා තිබුණා. ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ ද පත් කළා. නමුත් දෙමළ ජාතික සන්ධානය එයට නොපැමිණ තම උද්ධච්ච මානසිකත්වයේම එල්බ සිටින නිසා තේරීම් කාරක සභාව තේරුමක්‌ නැති තත්ත්වයට පත්වෙලා.

එක්‌සත් ජාතික පක්‍ෂය කියා තිබුණේ 17 වැනි සංශෝධනය ගෙන එනවා නම් තේරීම් කාරක සභාවට දායක වෙනවා කියලයි. වගකිවයුතු දේශපාලන පක්‍ෂ මේ විදියට කොන්දේසි දාගෙන කටයුතු කිරීම පාර්ලිමේන්තු වගකීම පැහැර හැරීමක්‌, ඔවුන්ගේ සැලැස්‌ම උතුරේ පළාත් සභාව පිහිටුවා දෙමළ ඊළම කරා යන ගමන වේගවත් කිරීම බව පේනවා.

රටට සාමය උදා කිරීම සඳහා රණවිරුවන් කළ කැපවීම අප දේශපාලන ජයග්‍රහණයක්‌ බවට පත් කළ යුතුයි. එහිදී කළ යුත්තේ තවත් අන්තවාදී කල්ලියකට උතුර භාර දීම නොව දෙමළ ඊළම නමැති ප්‍රභාකරන්ගේ සිහිනය පරාජය කර සැබෑ සාමයක්‌ උතුරේ ඇති කිරීමයි. පැසිස්‌ට්‌වාදය, මූලධර්මවාදය ක්‍රියාත්මක වූ රටවල් ඒ පැසිස්‌ට්‌වාදය අවසන් කළ පසු ඒවායේ අක්‌මුල් ද විනාශ කළා.

පළාත් සභා අපේ රටේ ඉතිහාසයට විරුද්ධයි. උතුර නැගෙනහිර පළාත් දෙක දෙමළ නිජබිම් බවට ඉන්දු- ලංකා ගිවිසුම මගින් ප්‍රකාශයට පත් කිරීම ලෙයින්, ගලින්, යකඩින් ලියෑවුණු අපේ ඉතිහාසයට විරුද්ධ කටයුත්තක්‌. ඕනෑම ව්‍යවස්‌ථාවකින් අපේ ඉතිහාසය නිරූපණය කළ යුතුය.

ඉන්දු- ලංකා ගිවිසුමෙන් ඇති කළ බලපෑම අනුව 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ගෙන ආවේ ජනමතය තඹයකට හෝ මායිම් නොකරයි. පිටකොටුව බෝධිය ළඟදී මීට විරෝධය පළ කළ 177 දෙනකු වෙඩි තබා ඝාතනය කළා. ජනතා විමුක්‌ති පෙරමුණට සන්නද්ධ අරගලයකට ඉඩ දුන්නා.

මෙම ව්‍යවස්‌ථා සංශෝධනය අනුමත වූ පාර්ලිමේන්තුව නීති විරෝධීයි. ජනමත විචාරණයකින් ඡන්ද මංකොල්ලයක්‌ කර, ලාම්පු - කළගෙඩි සෙල්ලමින් කාලය දීර්ඝ කරගත් නීති විරෝධී පාර්ලිමේන්තුවකයි මෙය අනුමත කළේ. මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා අස්‌වීමේ ලිපි ලබාගෙන යුද හමුදාව යොදා රැගෙන ගොස්‌ තමයි සම්මත කර ගත්තේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මව නම් පනත් කියන්නේ දරුවන්, අම්මයි, දුවයි එකම දවසේ ඉපැද්දුවා වගේ සංශෝධනය හා පනත යන දෙකම එකවර සම්මත කළා. 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා පනත් කෙටුම්පතේ යම් වගන්ති ජනමත විචාරණයකින් අනුමත කළ යුතු බව ඒ පිළිබඳ විභාග කළ නව දෙනකුගෙන් යුත් ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු මඬුqල්ලේ විනිසුරුවන් පස්‌ දෙනකු තීන්දු කර තිබියදීත් එය ද උල්ලංඝනය කරමින් නීතිපති සහාය ඇතිවයි මෙය ගෙන ආවේ.

රජය ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක කරන්නට බැඳී ඉන්න බව ඇත්ත. නමුත් එය බිහි වුණේ කොහොමද කියා හිතද්දී යුක්‌ති ධර්මය අනුව මෙය පිළිගන්න බැහැ.

උතුර නැගෙනහිර 1988 දී පළාත් සභා ඡන්දය පැවැත්වූවා. ඒ මහ ඇමැතිවරයා 15000 ක දෙමළ ජාතික හමුදාවක්‌ හැදුවා. එහි සිංහල ජනතාවට පදිංචි වීමට තිබූ අවස්‌ථා ඉවත් කළා. එහෙමයි ඒ පළාත් සභාව ක්‍රියාත්මක වුණේ. ඒ නිසා දකුණේ පළාත් සභා සමග උතුර නැගෙනහිර පළාත් සභාව සංසන්දනය කරන්න බැහැ.

දෙමළ ජාතික සන්ධානය වෙනම ගමනක්‌ යන්නේ, වෛරය වපුරුවමින්ම රට බේරාගත් අයට අපහාස කළා. රටින් පිටත මේ වන විටත් දෙමළ ඊළමක්‌ හදලා තියෙන්නේ. එය රටවල් 12 ක ක්‍රියාත්මකයි. උතුරු පළාත් සභා ඡන්දයෙන් පසු 13 වැනි රට ලෙස ශ්‍රී ලංකාව එක්‌කර ගන්නා බව දෙමළ ජාතික සන්ධාන ප්‍රකාශ කර තිsබුණා. අපි පැහැදිලිව කියන්නේ ඉන්දියාව නෙවෙයි, කිසිම රටකට අපේ රටට අත තියන්න දෙන්නේ නැහැ.

මේ බලය ලැබුණොත් උතුර නැගෙනහිර හමුදා කඳවුරු පවත්වාගන්න දෙයිද? සිංහල, මුස්‌ලිම් හා ත්‍රස්‌ත විරෝධී ජනතාවට එහි ජීවත් වෙන්න ලැබෙයිද? පසුගිය වසර 30 ද තුළ උතුර - නැගෙනහිර ගලා ගිය ලේ කන්ද අපට අමතක නැහැ. අපේ සිංහල ජනතාවගේ ඉඩම් අයිතිය නැති කර උතුරේ පවත්වන ඡන්ද සාධාරණ ඡන්ද නෙවෙයි.

නාසිවාදී පැසිස්‌ට්‌වාදී ක්‍රියා නවත්වන්නට බටහිර ක්‍රියාත්මක කළ නිර්ඊළාම්කරණය උතුරේ ක්‍රියාත්මක කළ යුතුයි. යුද්ධය අවසන් කරන්නට රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් කළ කැපවීමට සාධාරණයක්‌ කළ යුතුයි. යුද්ධය නිම වී වසර 4 ක්‌ ගත වුණත් සමහරු තවමත් ත්‍රස්‌තවාදය කරා යමින් සිටිනවා. එයට ඉඩ නොදීමට අපට ජාතික වගකීමක්‌ තිබෙනවා. පාර්ලිමේන්තුව මේ පනත ගෙනෙන්නේ ඒ වගකීම ඉටු කරන්නටයි යනුවෙනි.

හෙළ උරුමය සිය යෝජනාව සම්මත කර ගැනීම සඳහා වන ඉලක්‌කයක්‌ සකසා ගෙන තිබේ. එම උපකල්පනය සඳහා පදනම වී ඇත්තේ. හෘද සාක්‍ෂියට අනුව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එ.ජා.ප. හා ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන්ට අවස්‌ථාව ලැබේවි යන්නය. දැනටමත් ජනාධිපතිවරයාගෙන් හා විපක්‍ෂ නායකවරයාගෙන් එම අවස්‌ථාව ලබා දෙන ලෙස හෙළ උරුමය ඉල්ලා තිබේ.

කථානායකවරයාගේ ඡන්දය හැර ආණ්‌ඩුවට පාර්ලිමේන්තුව තුළ ඡන්ද 161 ක්‌ තිබේ. වාමාංශිකයෝ හා සුළු ජනවර්ග පිරිස 23 ක්‌ ඒ අතර වෙති. මෙම 23 ම පළාත් සභාවලට පක්‍ෂ, ස්‌ථාවරයක සිටිතැයි උපකල්පනය කළහොත් පළාත් සභා අහෝසි කිරීම සඳහා ආණ්‌ඩු පක්‍ෂයෙන් ලැබෙන ඡන්ද ගණන 138 කි. ජ. වි. පෙ. ද ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සිටින ස්‌ථාවරය පළාත් සභාවලට එරෙහිවූ තැනක නිසා එම ඡන්ද හයද හෙළ උරුමයේ යෝජනාවට පක්‍ෂ තැනක සිටිනු ඇත. එවිට පළාත් සභා අහෝසි කිරීම සඳහා එන ඡන්ද ගණන 144 ක්‌ වනු ඇත. විශේෂ බහුතරය හෙවත් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය සඳහා ඡන්ද 150 ක්‌ අවශ්‍යයි. ෙµඩරල් මතවාදය දරන ශ්‍රී ල.නි.ප. මන්ත්‍රීවරු ගණන පහක්‌ ලෙස ගෙන හෙළ උරුමය සිය ගණන් සෑදීම කර තිබේ. ඒ අනුව ඡන්ද 150 සඳහා තවත් ඡන්ද 11 ක අඩුවක්‌ තිබේ. එම එකොළහ එ.ජා.ප. යෙන් ලැබුණහොත් හෙළ උරුමයේ යෝජනාව ජය ගනු ඇත.

පළාත් සභා සපුරා අහෝසි කිරීම තම පක්‍ෂ ප්‍රතිපත්ති වුවත්, ඡන්ද 150 එයට ලබා ගත නොහැකි වුවහොත් යන තැන සිට, වත්මනේ උද්ගත වී ඇති තත්ත්වය සලකා බලා පොලිස්‌ බලතල, ඉඩම් බලතල ආදිය සංශෝධනය කරන තැන දක්‌වා සිය යෝජනාව සංශෝධනය කර ගැනීමටද හෙළ උරුමය සූදානම් බව උදය ගම්මන්පිල සඳහන් කර තිබේ. ඔහු එය හඳුන්වා දී ඇත්තේ පළාත් සභාවල විසකුරු බලතල ලෙසය.

ලබන සතියේදී මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හෙළ උරුමය බලාපොරොත්තු වේ. 13 ගැන තවත් කතිකාවතක්‌ එයින් නිර්මාණය වී තිබෙන අතරම, පළාත් සභා මරණීය අවස්‌ථාවකට ඇද දැමීමේ ජාතික බලවේගයන්හි වුවමනාව සඳහා කැපෙන පාරවල් අතරේ, ප්‍රධාන මාවතක්‌ බවට එය පත්වනු ඇත.

ඔසිත අත්තනායක
http://www.divaina.com/2013/05/26/politics05.html

1 comments:

Anonymous said...

83 JVP ayuda ganna thanata path kare JR anduwai..a Kalagedi-Lampu sellamata erehiwa Rohana Wijeweera usavi yamath...enisa JVP tahanam kirimath samaga...