Pages

Wednesday, May 8, 2013

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් කූරගලින් හමුවෙයි

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයා ආහාරයට ගත් බෙල්ලන් බවට සැලකෙන බෙල්ලන් විශේෂයක ශේෂවූ කොටස්‌ බලන්ගොඩ කූරගල ප්‍රදේශයෙන් හමුවී ඇත.

පසුගිය 27 දා (2013-04-27) දින ආරම්භකරන ලද කූරගල ප්‍රදේශයේ කැනීම්වලදී බෙල්ලන් විශේෂ වර්ග දෙකක්‌ හමුවී ඇති අතර මීට අමතරව විනිවිද පෙනෙන ගල් ආයුධ සහ සත්ව ඇටසැකිලි කොටස්‌ ද හමුවී තිබේ.

කාලනිර්ණ පරීක්‍ෂණ කර නැතත් මධ්‍ය ශිලා යුගයට අයත් ඒවා වශයෙන් පෙනෙන හෙයින් මේවා වසර 12000 කට වඩා පැරණි ඒවා වියහැකි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අනුමාන කරතැයි කූරගල දිවාගුහා රජමහා විහාරාධිපති ශාස්‌ත්‍රපති රාජකීය පණ්‌ඩිත සබරගමුව පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක වටද්දර Æණිස්‌සර නාහිමියෝ සඳහන් කරති. මේ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන බවද නාහිමියෝ සඳහන් කරති.

කැණීම් ආරම්භකිරීමේ අවස්‌ථාවලට ශ්‍රී ලංකා යුධ හමුදාවේ සබරගමුව බල සේනාධිපති බ්‍රිගේඩියර් අයි. පතිරත්න මහතා ඇතුළු කැනීම් අංශ භාර නිලධාරීහුද සහභාගි වූහ.

බලන්ගොඩ අතිරේක - හර්බට්‌ චින්තාමනී
http://www.divaina.com/2013/05/08/provin11.html

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයා ආහාරයට ගත් බෙල්ලන් විශේෂයක්‌ බවට සැලකෙන බෙල්ලන් ගේ ශේෂ වු කොටස්‌ කූරගල ප්‍රදේශයේ කැනීම්වලින් සොයා ගැනීමෙන් පසුව පූජ්‍ය වටද්දර ඤාණිස්‌සර නාහිමියන් විසින් පරික්‍ෂාකර බලන ලද අයුරු.

[
සබැඳි ලිපි -
කූරගල ශ‍්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට
මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ
කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ
කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය
කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
කූරගල මහ පින්කමට කුලු පොලු පොලිස් හමුදාවක් කඩා පනී
]

0 comments: