Pages

Sunday, May 5, 2013

කොටි මැයි රැළියේදී ජාතික කොඩිය විකෘති කර බුදුන් වහන්සේට අපහාස කරයි

කොටි හිතවාදින් විසින් පසුගිය පළමුවැනිදා නෝර්වේ ඔස්ලෝ අගනුවරදී පැවැත්වූ මැයි රැලියේදී ශ්‍රී ලංකා ජාතික කොඩිය විකෘති කොට ඊට බුදුන් වහන්සේගේ රුව යොදා අපහාස වන අයුරින් සකසා තිබී ඇත.

එම මැයි රැලියේ ඡයාරූප එල්.ටි.ටි.ඊ.වෙබ් අඩවිවලද පළ කර තිබේ.

අදාළ ඡයාරූපවලට අනුව ජාතික කොඩිය විකෘති කොට ඊට ආගම්වාදය ඇතිවන අයුරින් බුදුරදුන්ගේ රුව යොදා ඇත්තේ ජාත්‍යන්තර කොටි ජාලයේ අවශ්‍යතාවයට බව සඳහන්ය.

නෝර්වේ දෙමළ සම්බන්ධීකරණ කමිටුව නමින් පැවැත්වූ මෙම මැයි රැලියට පැමිණි කොටි හිතවාදින් ඊළාම් කොඩි රැගෙන ඔස්ලෝ නුවර පෙළපාලි ගොස් ඇත.

දෙමළ ඊළමක් පිහිටුවීමට සහය වන්නැයි ඉල්ලමින් ඔවුන් පෙළපාලියමින් නෝර්වේ ජනතාව දැනුම්වත් කර තිබේ.

May 5, 2013 at 4:06 am | lanka C news
http://lankacnews.com/sinhala/news/93885/

0 comments: