Pages

Wednesday, December 25, 2013

පසුගිය මාස 09 තුළදී කිරිපිටි පරිභෝජනය අඩුවෙයි

ආනයනික වියළි කිරිපිටි පරිභෝජනය මෙට්‍රික්‌ ටොන් 14000 න් පසුගිය මාස 09 තුළදී අඩුවී ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් අධ්‍යක්‍ෂ කුලෙස්‌වර් කුමාර් මහතා පැවසීය.

2012 වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්‌වා වියළි කිරිපිටි මෙට්‍රික්‌ ටොන් 65000 ක්‌ ආනයනය කර ඇති අතර 2013 වසරේ එම කාල සීමාවේදී වියළි කිරිපිටි මෙට්‍රික්‌ ටොන් 51000 ක්‌ ආනයනය කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

වියළි කිරිපිටි ආනයනය පහත වැටීම නිසා රුපියල් මිලියන 8400 ක්‌ ශ්‍රී ලංකාවේ කිරි ගොවීන්ගේ ආර්ථික සංවර්ධනය සඳහා යොදා ගත හැකිවූ බවද ඔහු කීය. දේශීය දියර කිරි නිෂ්පාදනය ඉහළ යැමත් සමග දියර කිරි ආශ්‍රිත නිෂ්පාදනය ද ඉහළ ගොස්‌ ඇති බවද කුලෙස්‌වර් කුමාර් මහතා පැවැසීය.

වසරකදී දියර කිරි ලීටර් මිලියන 336 ක්‌ නිෂ්පාදනය කෙරෙන අතර දිනක සාමාන්‍ය නිෂ්පාදනය දියර කිරි ලීටර මිලියනයක්‌ බව ද ඒ මහතා පැවසීය.

2016 වසර වනවිට වසරකදී දියර කිරි ලීටර් මිලියන 750 ක්‌ නිෂ්පාදන ඉලක්‌කය යෑයිද ශ්‍රී ලංකාව දියර කිරිවලින් ස්‌වයංපෝෂිත කිරීමේ වසර ලෙස 2016 වසර නම් කර ඇති බවද ඔහු පැවසීය.

දිවයින පුරා තුන් ලක්‍ෂ හැට පන්දහසක්‌ දියර කිරි නිෂ්පාදනයට දායක වී සිටිති. ජාතික දියර කිරි නිෂ්පාදනයට සියයට 28 ක ඉහළම දායකත්වය මධ්‍යම පළාතෙන් සැපයෙන අතර වයඹ පළාත සියයට 22 ක්‌ ද සපයයි.

මෙරට මුළු ගව ගහණය ලක්‍ෂ 14 ක්‌ පමණ බවට ගණන් බලා ඇති නමුත් දියර කිරි නිෂ්පාදනය සඳහා වන දෙනුන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 4 1/2 ක්‌ පමණ බව ද පළාත් අධ්‍යක්‍ෂවරයා පැවසීය.

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක
http://www.divaina.com/2013/12/21/provin08.html

සබැඳි ලිපි කිහිපයක් -
[

ෆොන්ටෙරා සමාගම නිපදවන කිරිපිටි නොවන කිරිපිටිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6902.html
පිටි කිරිත් එපා - දියර කිරිත් එපාhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1228.htmlකිරි, මෙලමයින් සහ DCD - ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/08/dcd.html
ඉතා වැදගත් කියවිය යුතු ලිපියක් - දිවි නසා ගන්නට ඕන නම් කිරිපිටි බිව්වට කමක්‌ නෑ! - වෛද්‍ය පාලිත සමන් ජයකොඩිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_9700.htmlදේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ නැංවීම අර්බුදයට විසඳුමයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6292.html
]

0 comments: