Pages

Monday, December 16, 2013

ජගත් ක්‍රිකට්‌ සම්මාන ප්‍රදානය | සංගා සහ මහේල සම්මාන දිනති

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ක්‍රිකට්‌ සම්මාන ප්‍රදානෝත්සවයේ සම්මාන දෙකක්‌ දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්‌කාර සහ මහේල ජයවර්ධන සමත්වී තිබේ.

මෙහිදී කුමාර් සංගක්‌කාර විසින් වසරේ එක්‌දින ක්‍රිකට්‌ ක්‍රීඩකයා සම්මානයද මහේල ජයවර්ධන විසින් ක්‍රිකට්‌ පිටියේදී ක්‍රීඩාවේ ජීව ගුණය රැඳෙන පරිදි කටයුතු කළ ක්‍රීඩකයා සඳහා පිදෙන සම්මානය ද දිනාගෙන තිබේ. සංගක්‌කාර මීට පෙර වසරේ ක්‍රිකට්‌ ක්‍රීඩකයා, වසරේ ටෙස්‌ට්‌ ක්‍රීඩකයා සහ වසරේ එක්‌දින ක්‍රිකට්‌ ක්‍රීඩකයා යන සම්මාන ත්‍රිත්වයම දිනාගැනීමට සමත්ව තිබේ.

මෙම සම්මාන ප්‍රදානය අද (14 දා) පැවැත්වීමට නියමිතව තිබෙන නමුත් ඊට පෙර මේ පිළිබඳව නිවේදනයක්‌ ජගත් ක්‍රිකට්‌ කවුන්සිලය විසින් නිකුත් කර තිබේ. එයට අනුව මෙම සම්මාන ප්‍රදානයේ උත්තරීතර සම්මානය ලෙස සැලකෙන වසරේ හොඳම ක්‍රිකට්‌ ක්‍රීඩකයාට හිමි ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්‌ සම්මානය ඔස්‌ට්‍රේලියානු පිලේ නායක මයිකල් ක්‌ලාක්‌ දිනා ගෙන තිබේ.

මෙවර සම්මාන උළෙලේද ප්‍රධාන සම්මාන 11 ක්‌ පිරිනැමෙන අතර එහිදී වසරේ ජනතා කැමැත්තට පිදෙන ක්‍රීඩකයාට හිමි සම්මානය ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි හිමිකරගෙන ඇත.

සම්මානයට පාත්‍ර වූ ක්‍රීඩකයන් මෙසේය.

වසරේ හොඳම ක්‍රිකට්‌ ක්‍රීඩකයා ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්‌ සම්මානය - මයිකල් ක්‌ලාක්‌(ඔස්‌ට්‍රේලියාව)

වසරේ හොඳම ටෙස්‌ට්‌ ක්‍රීඩකයා - මයිකල් ක්‌ලාක්‌(ඔස්‌ට්‍රේලියාව)

වසරේ හොඳම එක්‌දින ක්‍රීඩකයා - කුමාර් සංගක්‌කාර(ශ්‍රී ලංකාව)

වසරේ නැගී එන ක්‍රීඩකයා - චෙටෙස්‌වර් පුජාරා(ඉන්දියාව)

වසරේ හොඳම පන්දුවාර විස්‌සයි-20 ක්‍රීඩකයා - උමාර් ගුල් (පාකිස්‌තානය)

ටෙස්‌ට්‌ නොමැති රටවල හොඳම ක්‍රීඩකයා - කෙවින් බ්‍රියන්(අයර්ලන්තය)

ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ජීව ගුණය රැකගත් ක්‍රීඩකයා - මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව)

වසරේ හොඳම එක්‌දින ක්‍රිකට්‌ ක්‍රීඩිකාව - සුසී බෙට්‌ස්‌(නවසීලන්තය)

වසරේ හොඳම පන්දුවාර විස්‌සයි-20 ක්‍රීඩිකාව - සරා ටේලර්(එංගලන්තය)

වසරේ ජනප්‍රියතම ක්‍රීඩකයා - මහේන්ද්‍ර සිං දෝනි(ඉන්දියාව)

වසරේ හොඳම විනිසුරු - රිචර්ඩ් කෙට්‌ල්බ්‍රොa

http://www.divaina.com/2013/12/14/sports01.html

0 comments: