නීත්‍යනුකුළ නොවන ලියෑවිල්ලක් ගැසට් කරගෙන ආණ්‌ඩුවේ මුදල් රුපියල් හාරකෝටි දාහත් ලක්‌ෂයක් බෙදාගන්නට හැදූ අපුරු සිද්ධියක් වාර්තා වන්නේය. මේ සිද්ධිය වාර්තා වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්ය. කියන්නටත් ලඡ්ජා හිතෙන ඒ කතාව මෙසේය.
පුරාවිද්‍යා ආඥා පනත වර්ෂ 1998 දී සංශෝධනය වූයේය. එම සංශෝධනයට ආදාලව පුරාවස්‌තු තෑගි අරමුදල නමැති අරමුදලක් පිහිටුවීමට ප්‍රතිපාදන සැලසිsණි. ඒ අනුව පසුගිය වසරේ පුරාවස්‌තු ආඥා පනතේ 188 වැනි අධිකාරිය යටතේ පුරාවස්‌තු තෑගි අරමුදල නම් අරමුදලක් ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිවරයා විසින් ගැසට් නිවේදනයකින් පිහිටවනු ලැබීය. ඒ අරමුදල යටතේ බෙදෙන්නට තිබූ මුදල රුපියල් හාරකෝටි දාහත් ලක්‌ෂයක් බව කියෑවිනි.
ගැසට් නිවේදනය ප්‍රකාරව මෙම අරමුදලේ ප්‍රකාශිත අරමුණු කීපයක් විය. පුරාවස්‌තු ආරක්‌ෂා කිරීම සම්බන්ධව ප්‍රශංසනීය නිර්භීත හෝ විශේෂ පිළිගැනීමක් හෝ ඇගැයීමක් කළයුතු ක්‍රියාවලට ප්‍රදාන ලෙස මුදල් ගෙවීම, පුරාවස්‌තු ආරක්‌ෂා කිරීමට පුරාවිද්‍යා නිලධාරීන් හා පුරාවිද්‍යා පොලීසිය දිරිගැන්වීම, අත්‍යවශ්‍ය හා හදිසි සංරක්‌ෂණ කටයුතු සඳහා ප්‍රතිපාදන උපයාගැනීම, අත්‍යවශ්‍ය පුරාවස්‌තු මිලදී ගැනීමට ප්‍රතිපාදන සකස් කිරීම, පුරාවස්‌තු විනාශය වැළැක්‌වීමට පුහුණු වැඩසටහන් පැවැත්වීම, දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විනෝදය හා සුබසාධනය සඳහා මුදල් සැපයීම, යන කාරණාත් මෙම අරමුදල පිහිටුවීමට අදාල තේමාවන් බව ගැසට් නිවේදනයේ සඳහන් වූයේය.
තෑගි අරමුදලේ ප්‍රතිලාභ බෙදාගන්නට සිටි ආකාරය
පුරාවස්‌තු තෑගි අරමුදල පිළිබඳ ගැසට් නිවේදනයට අනුව මෙම ප්‍රතිලාභ නිලධාරීන් අතර බෙදා ගන්නට නියමව තිබුණේ අපූරු ආකාරයකට. ඒ අනුව පුරාවස්‌තු විනාශය ගැන තොරතුරු සපයන්නාටත් පොලීසියටත් ලැබෙන ප්‍රමාණය මුළු මුදලින් සියයට හතළිහක් විය. ඉතිරි සියයට හැටෙන් සියයට පනස් හතක් පුරාවස්‌තු ආරක්‌ෂා කරන නිලධාරීන් දිරිමත් කරන්නටය. ඉතිරි සියයට තුන අත්‍යවශ්‍ය හා හදිසි සංරක්‌ෂණ කටයුතු හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සුබසාධනය සඳහාය.
නිත්‍ය ප්‍රතිලාභ ලබන්නන්
මුදල් බෙදාගන්නට නියමිතව තිබුණේ පුරාවිද්‍යා නිලධාරීන් දෙකොටසක් අතරය. එක් කොටසක් සෑම දඩමුදලකින්ම ප්‍රතිලාභ ලබනා නිලධාරීන්ය. අනෙක් කොටස සම්බන්ධ වි ඇති නඩුවට අදාල දඩ මුදල පමණක් ලබන නිලධාරීන්ය.
ඉහතින්ද සඳහන් කර තිබු අරමුදලේ නිත්‍ය ප්‍රතිලාභ ලබන නිලධාරීන් 8 දෙනෙක් වෙනුවෙන් මුළු අරමුදලින් සියයට විසි දෙකක් වෙන්කර තිබුණේය. ඉන් එක් අයෙක් පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් වරයාය. ඔහුට ලැබෙන ප්‍රමාණය සමස්‌ත අරමුදලේ නිලධාරීන්ට අයත් ප්‍රමාණයෙන් සියයට පහක් විය. එය රුපියල් ලක්‌ෂ විසිපහකට ආසන්න වූයේය. නීති නිලධාරීන් තිදෙනෙකි. මේ ගැසට් නිවේදනය හැදුවේත් මුන්ගෙන් එකෙකි. ඒ තුන්දෙනාට ලැබෙන්නට නියමිතව තිබූ මුදල සමස්‌තයෙන් සියයට නවයකි. එකෙකුගේ දීමනාව ලක්‌ෂ පහළොවකට ආසන්න වූයේය. පුරාවස්‌තු විනාශය වැලැක්‌වීමේ ඒකකය නමැති ඒකකයක් තිබේ. මේ ඒකකයේ නිලධාරිනියක් ඇතුළු තිදෙනෙකි. ඔවුන් වෙන්කරගෙන සිටි මුදල අරමුදලේ සමස්‌තයෙන් සියයට පහකි. මෙම නිලධාරිනියට වෙන්ව තිබූ ගතමනාව ලක්‌ෂ පහළොවකට ආසන්න වූයේය. ගවේෂණ අධ්‍යක්‌ෂ හා නියෝජ්‍ය අධ්‍යක්‌ෂවරයාට සියයට තුනක් වෙන්කර තිබිණි. ඔවුන්ටද ලක්‌ෂ පහළොවකට ආසන්න මුදලක් වෙන් විය. පුරාවස්‌තු විනාශය වැළැක්‌වීමේ ඒකකයේ හා ගවේෂණ අංශයේ නිලධාරීහු මීට අමතරව නඩු කටයුතු වෙනුවෙන්ද දීමනා ලබන්නට නියමිත වූහ. ගිණුම් අංශයේ නිලධාරීන්ට හා පාලන අංශයේ නිලධාරීන්ට සියයට හතක මුදලක් වෙන් විය. සෑම නඩුවකින්ම ලබන ආදායමට හිමිකම් කියන මේ පිරිස තෑගි අරමුදලේ නිලධාරීන්ට හිමි සමස්‌ත මුදලින් සියයට විසි නවයක් ලබන්නට සුදානමින් සිටියහ.
වැඩේ ගැස්‌සී ගිය ආකාරය
ඇමැතිවරයා විසින් මේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීමත් සමග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ බරපතල නොසන්සුන්තාවක් ඇති වූයේය. ජාතික උරුමය රක්‌ෂා කිරීම සාමූහික ශාස්‌ත්‍රීය ප්‍රයතනයේ ඒකමිතිය බිඳී යන්නට ආසන්න විය. එහෙත් පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක අවසාන මොහොතේත් කීවේ අරමුදල බෙදා දැමිය යුතු බවය. මේ තත්ත්වය මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්විය.
අනීතික ලියෑවිල්ල
ඒ සමග මතුවන සංවාදය මුල් කරගෙන මේ උදවිය එක්‌ව මීට දෙසතියකට පෙර ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේදී මෙම ගැසට් නිවේදනය නැවත සමාලෝචනය කළෝය. කට්‌ටියටම තරු පෙනුණේ මේ සමාලෝචනයත් සමගිනි. අවුරුද්දක් තිස්‌සේ රාජ්‍ය මුදල් කුට්‌ටියක් දෙස බලාගෙන, දෙපාර්තමේන්තුවේ ඒකමිතිය නැති කරගෙන ඩෝගා නැටුවේ අනීතික ලියවිල්ලක් මුල් කරගෙන බව ඔවුන්ට වැටහුනේ එහිදීය.
වර්ෂ 1998 පුරාවිද්‍යා ආඥපනත සංශෝධනය කිරීමේදී මෙම පුරාවස්‌තු තෑගි අරමුදල පිහිටුවීමට ඉඩ සැලසෙන්නේත්, පුරාවස්‌තු විනාශකයදී අධිකරණයෙන් ගසන දඩ මුදලින් සියයට පනහක් හා වෙනත් ආයතන හෝ පුද්ගලයන් මගින් ලැබෙනා ප්‍රදානයන් ලබාගෙන මෙම අරමුදල ගොඩනැඟීමට ප්‍රතිපාදන සැපයෙන්නේත් පුරාවස්‌තු විනාශයක් නැවැත්වීමට කටයුතු කරන උදවියට තෑගි දීම සඳහා පමණය. ඒ අනුව මෙම අරමුදල සාධාරණ එකක් බව පෙන්වීමට එක්‌කළ පුරාවිද්‍යා නිලධාරීන්ගේ සුභ සාධනය, හදිසි සංරක්‌ෂණය, පුරාවස්‌තු විනාශය වැළැක්‌වීමට පුහුණු වැඩසටහන් පැවැත්වීම, දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, අත්‍යවශ්‍ය පුරාවස්‌තු මිලදී ගැනීම කරන්නට මුදල් වෙන්කරගැනීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන මෙම ගැසට් නිවේදනය නිකුත්කරන්නට මුල් වන වගන්තියෙන්වත් ආවරණය නොවීය.
වැදගත්ම කාරණාව එය නොවේ. රුපියල් කෝටි ගණනක රාජ්‍ය මුදල් බෙදාගන්නට ගිය මේ ලියෑවිල්ල පැහැදිලි අනීතික ලියෑවිල්ලක් බව මෙහිදී තහවුරු වීමය.
පුරාවිද්‍යා ආඥ පනතට අනුව මෙම අරමුදල පිහිටුවීමේදී එම අරමුදල හා සම්බන්ධ නියමයන් හා රෙගුලාසි සඳහා අනුමැතිය ලබාගත යුත්තේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙනි. එමෙන්ම අරමුදලේ ක්‍රියා පටිපාටියට අදාල රෙගුලාසි පාර්ලිමේන්තුවේදී සභාගත විය යුතුය. මේ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණේ එම නීතිමය පසුබිමට යටත්ව නොවේ. මෙය ගැසට් කර තිබුණේ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා නිකුත් කරන ගැසට් නිවේදනයක් ලෙසය.
ඇමැතිවරයාට මෙම ලියෑවිල්ල සකස්‌කර දෙන පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් වරයා යටතේ සිටිනා මන්දබුද්ධික නීති නිලධාරියා එය සකස් කරන්නේ අඩුම තරමින් පුරාවිද්‍යා ආඥ පනතෙන් ආවරණය වන නෛතික වටපිටාව හදාරා නොවේ.
ඇමැතිතුමා
ගැසට් නිවේදනය නිකුත්කර අවුරුද්දකට පසු ආචාර්ය ජගත් බාලසූරිය ගරු ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිවරයා මේ ගැසට් නිවේදනය සාධාරණ නොවන බව ඔහුත් පිළිගන්නා ආකාරය අපට කිවේය. ගරු ඇමැතිතුමාට අපට කියන්නට ඇත්තේ අනේ ඔය ගැසට් නිවේදනය අප අපේ අත්සන සහිතව නිකුත්කළ එකක් නොවන බවය. යහපත් පුරවැසියෙක් වූ එතුමා කවුරුන් හෝ ගෙනත් දුන් පළියට තමන්ගේම මරණ සහතිකයටත් අත්සන් කරනු ඇතැයි යන බරපතළ බියෙන් මේ වනවිට අප පෙළෙමින් ඉන්නේය.
එතුමාට අනුව මේ අරමුදල යළි පිහිටුවීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලබාගැනීමට මේ වනවිට ඇටෝනි ජනරාල් වරයාව විමසා තිබේ. ඉදිරියේදී වඩා සාධාරණ ආකාරයට මෙම අරමුදල පුරාවස්‌තු ආරක්‌ෂා කරගැනීමේ පරමාර්ථය සාධනය කරගන්නට යොදවන්නට එතුමා සූදානම් වේ. එහෙත් මේ අරමුදලේ ප්‍රතිලාභ දෙපාර්තමේන්තුවේ දෙදහස් ගණනක් වන සියලුම සේවකයන්ට ලැබෙන්නේ නැති ආකාරයත් එය ලැබෙන්නේ පුරාවස්‌තු හානියක් වලක්‌වන සිද්ධියට සම්බන්ධ පුද්ගලයනට පමණක් බවත් එතුමා අවධාරණය කරයි.
දැන් යළිත් විමසිය යුත්තේ මෙවැනි තෑගි අරමුදලක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍යද යන්නය.
ජාතියක උරුමය රක්‌ෂා කිරීමේ ක්‍රියාවලිය යනු බහුවිධ දැනුම් සම්භාරයක ඒකමිතිය ඇවැසි මහා ශාස්‌ත්‍රීය සම්මුතියකි. එවැනි සම්මුතියක ඒකමිතිය බිඳ කණ්‌ඩායම් හැඟීම් විසුණු කර දමමින් හතරමහා නිධානය පහළ කරගත්තත් ඉන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටවත් රටටවත් ඒ සේවක පිරිසටවත් ශත පහක යහපතක් වන්නේ නැත. ඉන් උපදින්නේ ජාතියක ව්‍යසනය ය.
මේ අරමුදල පෝෂණය වන්නේ පුරාවස්‌තු බේරාගන්නා මුදලින් නොවේ. පුරාවස්‌තු විනාශ කළවුන්ගෙන් ආණ්‌ඩුවට ලබාගන්නා මුදලිනි. රටක පුරාවස්‌තු ඇති නිසා ඒවා ආරක්‌ෂා කරන්නට මිනිස්‌සුන්ගේ බදු මුදලින් පඩිගෙන රස්‌සාව කරන උන් ඒ පුරාවස්‌තු විනාශ වනවිටත් ප්‍රතිලාභ ලබයි නම් එය විකෘතියකි. මුන් ඉන්නට හදන්නේ දළ ඇත්තු වගේය. උන්නත් දාහයි ය. මළත් දාහයි ය. මෙය අවසානයේ විග්‍රහ වනු ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විලිලඡ්ජාව හා සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් ලෙසය.
ආචාර්ය සෙනරත් දිසානායක
අපට මෙතෙක් හමුවූ වාසනාවන්තම රාජ්‍ය නිලධාරියා ආචාර්ය සෙනරත් දිසානායක බව අපගේ හැඟීමය. ඔහුත් ඔහුගේ දෙපාර්තමේන්තුවත් බරපතළ ව්‍යසනයකින් ගැලවී ඇත්තේ කට වහරේ කියන්නාක් මෙන් පූරුවේ පිනකටය. වසරක් තිස්‌සේ මුණිවත රකිමින් සිට අවසාන මොහොතේ තම කෝටාව ප්‍රතික්‌ෂේප කිරීම කළත් ගැසට් නිවේදනය අනුව මෙම අරමුදලේ වැඩිම ඒක පුද්ගල ප්‍රතිලාභ ලබන්නා ලෙස පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල්වරයා දැන් ඒ අවමානයෙන් නිදහස්‌ය. පුරාවස්‌තු විනාශ කිරීමෙන් උපයාගත් මුදලින් රුපියල් ලක්‌ෂ විසි පහකට ආසන්න ප්‍රතිලාභ ලබා ස්‌වයංව දිරිමත්වීමට නියමිතවු අවමානයෙන් ඔහු ගැලවී තිබේ. බිඳී විසිරී යන්නට නියමිතව තිබු දෙපාර්තමේන්තුවේ ඒකමිතිය රක්‌ෂා වී ඇත. අනීතික ගොං ලියෑවිල්ලක් පදනම් කරගෙන රාජ්‍ය මුදල් බෙදා දෙන්නට කටයුතු කිරීමේ උත්තර නැති මෝඩකමින් උපදිනා විලිලඡ්ජාවක් දැන් ආචාර්ය සෙනරත් දිසානායකට නැත.
තවතවත් ඕනෑතරම් වෙලාව තිබේ. ඇටෝනි ජනරාල් හෝ වෙන ඕනෑම බහුශ්‍රැතයෙක් අනුමත කරන මෙවැනි අරමුදල් දෙපාර්තමේන්තුවට අවශ්‍යද නැද්ද යන්න තීන්දු කළ යුත්තේ පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් වරයාය. ඒ තීන්දුව ගන්නට පෙර සිහි කළ යුත්තක් තිබේ. එනම් හැම ගොං පාට් එකකදීම දෙවියන් පිහිටට එතැයි විශ්වාස නොකළ යුතු බවය. මක්‌නිසාද යත් දෙවියන් වුවද ස්‌පෙෂල් ඩියුටි දමාගෙන පැමිණ මේ හැම ගොංකමකින්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බේරාගනු ඇතැයි අපට නොසිතෙන බැවිනි.
ජානක ලියනආරච්චි
http://www.divaina.com/2013/12/22/feature13.html

0 comments:
Post a Comment