
ඒ මහතා එම අදහස් පළකළේ ජාතික අක්‍ෂිදාන දිනයට සමගාමීව රත්තොටදී පැවැති උත්සවයක් අමතමිනි.
එම සංගමයේ රත්තොට ශාඛාව, රත්තොට සබැඳි මිතුරෝ සංවිධානය හා එක්‌ව සංවිධානය කර තිබූ මෙම උත්සවය රත්තොට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
එහිදී තවදුරටත් කතා කළ ඒ මහතා පැවසුවේ දොස්‌තර හඩ්සන් සිල්වා මහතා අවංක ෙච්තනාවෙන් ආරම්භ කළ මේ සත් කාර්යය අඛණ්‌ඩව ඉදිරියට ගෙන යන බවයි. මේක සම්පූර්ණයෙන්ම ස්‌වෙච්ඡාවෙන් කරගෙන යන එකක්. ඇස් දන්දීම කෙනෙකුට ජීවිතයේදී කළ හැකි විශාලම පිංකමක්. අපි කරන්නේ ඒකට පහසුකම් සපයන එකයි. අප සතුව ඇස් රෝහලක් වගේම, ඇස් බැංකුවකුත් තියෙනවා. එහෙම බැංකුවක් ලෝකේ කොහෙවත් නෑ. මීට අමතරව අප සතුව පටක බැංකුවකුත් දැන් තියෙනවා. විශාල ශල්‍ය කර්මයකට පටක අවශ්‍ය වුණාම රෝහල් වලින් අපෙන් ඒවා ඉල්ලනවා. අපි දෙනවා, මේ අනුව රෝගීන් 5700 කට ගතවූ කාලය තුළ පටක ලබාදීල තියෙනවා. අපි කරන මේ සත්කාරය නිසාම රජය දෙසැම්බර් මස 18 දා අක්‍ෂිදාන දිනය ලෙස නම් කරලා තියෙනවා. අද මේ රැස්‌වීම හා අක්‍ෂි සායනය ඒකට සමගාමීවයි පවත්වන්නේ. දානයක් දෙන්න මුදලක් වැයකරන්න ඕන. එහෙම නැතුව දෙන්න පුළුවන් එකම දානය ඇස් දන්දෙන එකයි. මේක ඉතා විශාල පින් ලැබෙන කාර්යයක්. මේ තුළින් විශාල සතුටකුත් අපට ලබාගන්න පුළුවන් යෑයි ඒ මහතා පැවැසීය.
මෙම රැස්‌වීම් අමතා රත්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ආර්. එම්. අජිත් කුමාර, පටක බැංකුවේ සාමාන්‍යාධිකාරී හේමික ද මැල්, රත්තොට අක්‍ෂිදාන සංගමයේ සභාපති ඒ. ගල්කන්ද රත්තොට සබැඳි මිතුරෝ සුභ සාධක සංගමයේ සභාපති, එච්. කේ. සුමනසිරි ද සිල්වා යන මහත්වරුද කතා කරන ලදී.
රත්තොට - එච්. රිචඩ් ද සිල්වා
http://www.divaina.com/2013/12/27/provin07.html
0 comments:
Post a Comment