Pages

Thursday, December 12, 2013

බෞද්ධ සංස්‌කෘතික පුනර්ජීවන කමිටු වාර්තාවෙන් විධායක ජනපති ධුරයට අලුත් නිර්දේශයක්‌

විධායක ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට වග කියන හෝ අධීක්‍ෂණයට ලක්‌ කරන තත්ත්වයක්‌ ඇති කළ යුතු බව බෞද්ධ සංස්‌කෘතික පුනර්ජීවන කමිටු වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ වෙනසක්‌ ඇති කළ යුතු අතර එය ආණ්‌ඩුවෙත් සෙසු සියලු දේශපාලන පක්‍ෂවලත් වගකීමක්‌ බව ද කමිටු වාර්තාව නිර්දේශ කර ඇත.

මාස හයක කාලයක්‌ රටේ විවිධ ක්‍ෂේත්‍රයන්ගේ වියතුන්ගෙන් හා නියෝජිතයන්ගෙන් ලබා ගත් තොරතුරු අධ්‍යයනය කර පුනර්ජීවන කමිටුව මගින් සකස්‌ කළ මෙම අවසන් වාර්තාව විද්‍යෝදය පරිවේනාධිපති බලංගොඩ සෝභිත හිමියන් විසින් ඊයේ (11 වැනිදා) පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදී අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය දවුල්දෙන ඥාණිස්‌සර මහ නාහිමියන් වෙත පිළිගැන්වූහ. මෙම අවස්‌ථාවට දහස්‌ නමකට අධික මහා සංඝරත්නය වැඩම කරනු ලැබූහ.

කමිටු වාර්තාවට අනුව මැතිවරණ ප්‍රචාරක කටයුතු සහ ඒවාට මුදල් වැය කරන ආකාරය පාලනය කිරීම සඳහා විශේෂ නීතිමය රාමුවක්‌ සකස්‌ කළ යුතු අතර නීති විරෝධී ක්‍රියා පිළිබඳ පැහැදිලි සාක්‍ෂි තිබේ නම් අදාළ මහජන නියෝජිතයාගේ පත්වීම අහෝසි කළ යුතු යෑයි ද නිර්දේශ කර ඇත. 

මධ්‍යම රජයේ අමාත්‍ය ධුර විෂයයන් ව්‍යවස්‌ථාව මගින් ම හඳුන්වා දිය යුතුය. සුරාව, සූදුව ඇතුළු දුරාචාරය මුල් කර ගත් ආයෝජනවලට සහන දීම වෙනුවට ජාතික ආර්ථිකයට තීරණාත්මකව වැදගත් අංශ සංවර්ධනයට මඟ පෙන්වීම මූලික නීතියට ඇතුළත් කිරීම, ජාතික ආරක්‍ෂාව සහ භෞමික අඛණ්‌ඩතාව තහවුරු කිරීමට අදාළ තොරතුරු හා රටේ මර්මස්‌ථානවලට අදාළ තොරතුරු හැර අනෙකුත් තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම, ස්‌වයං නීර්ණ අයිතිය මෙන්ම රට තුළ ජීවත්වන විවිධ ජන කොටස්‌ ජාතියක්‌ ලෙස පිළිගැනීම සහ රට තුළ යම් ජන කොටසකට සුවිශේෂ වූ භූමි ප්‍රදේශ පවතින්නේ නම් එම පිළිගැනීම, ව්‍යවස්‌ථාවෙන් අහෝසි කිරීම යන නිර්දේශ මෙයට ඇතුළත් ය.

ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් රජයේ නියාමනයන්ට යටත් කිරීම හා සියලු පාසල්වලට ශ්‍රී ලංකා ඉතිහාසය, සාහිත්‍යය ආගමික අධ්‍යාපනය හා සංස්‌කෘතික අධ්‍යාපනය අනිවාර්ය කිරීම ද මෙහි ඇතුළත් ය.

කමිටු වාර්තාව පිළිගැනීමේ අවස්‌ථාවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේත්, එක්‌සත් ජාතික පක්‍ෂයේත්, ජවිපෙත් නායකයන්ට සහභාගි වන ලෙස ආරාධනා කර තිබූ නමුත් කිසිවකු සහභාගි නොවීම විශේෂත්වයකි.කොළඹ විද්‍යෝදය පරිවේනාධිපති පූජ්‍ය බලංගොඩ සෝභිත නාහිමිපාණන් විසින් එම වාර්තාව අතිපූජ්‍ය අග්ගමහා පණ්‌ඩිත දවුල්දෙන ඥණිස්‌සර මහා නායක හිමිපාණන්ට පිළිගැන්වූ අයුරු.

ධම්මික සල්වතුර
http://www.divaina.com/2013/12/12/news04.html

සබැඳි ලිපි -
[
සිංහල බෞද්ධ ව්‍යවස්ථාවක් ඕනෑ – මැදගම ධම්මානන්ද හිමිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_1509.html
]

0 comments: