Pages

Friday, December 27, 2013

අගමැති පුතාගේ මැතිවරණ වියදම කුඩු කන්ටේනරය හිමිකරුගෙන් බවට තොරතුරු තිබෙනවා - සංඝ සම්මේලනය

අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ පුත් මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී අනුරාධ ජයරත්න මහතා පසුගියදා පැවති මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී විශාල මනාප ප‍්‍රමාන්‍යක් ලබා ගත්තේ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් ආධාර වියදම් කරමින් යයි ජාතික සංඝ සම්මේලනය පවසයි.

එහි සභාපති පූජ්‍ය රජවත්තේ වප්ප හිමියන් කොලඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේ පසුගියදා ශ‍්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගත් මත්කුඩු කන්ටේනරයේ හිමිකරු අනුරාධ ජයරත්න මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුත්ත සඳහා කෝටි ගණනින් මුදල් වියදම් කල බවට තමන් සතුව තොරතුරු ඇති බවයි.

අදාල කන්ටේනරය නිදහස් කිරීමට නිකුත් කෙරුණු ආන්දෝලනාත්මක ලිපිය අග‍්‍රාමාත්‍යවරයා නොදැනුවත්ව නිකුත් කළේ යැයි පිළිගත නොහැකි බවද පැවසූ උන් වහන්සේ මේ සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා නිවැරදි ප‍්‍රකාශයක් කළ යුතු යයිද සඳහන් කලහ.

http://lankacnews.com/sinhala/main-news/107220/

0 comments: