Pages

Wednesday, December 18, 2013

ජීවත්වීම සඳහා පරිසරය නසන්නේ ඇයි?

ස්‌වභාවික ජෛව ජීර්ණ ක්‍රියාවලිය අඩපණ වීම හේතුවෙන් පාරිසරික අර්බුද රැසක්‌ මතුවී තිබේ. ඒ බව සනාථ කිරීමට පහත උදාහරණ ඉදිරිපත් කළ හැක.

මීට වසර ගණනාවකට පෙර ගමේ නිදැල්ලේ හැර සිටි හරකෙක්‌ තණකොළ බුදිමින් ඉපනැල්ල කමින් බඩ පුරවාගත්හ. එහි ප්‍රතිඵලයක්‌ ලෙස මුදාහරින ලද ගොම පිඩ පොළොව මතදී ඔබ දැක ඇත. තණ බුදින විට තණපත්‍රවල සිටි කෝටි ගණනක්‌ වූ ක්‌ෂුද්‍ර ජීවීන්ගෙන් සතාගේ ආහාර ජීර්ණයට විශාල පිටිවහලක්‌ විය. ජීර්ණයේ අවසාන ඵලය වූ ගොම පරිසරයට මුදාහරින ලද්දේ ඉතාමත් හොඳ සක්‍රීය ජීර්ණක ජීව රසායනික ක්‍රියාවලියක්‌ සමගමය. පොළොවෙන් පස්‌, ගොම පිඩැල්ල හරහා මතුපිටට පැමිණ දින හතරක්‌ වැනි සුළු කාලයකදී ගොම පිඩැල්ල පස්‌ බවට පත් කිරීමට එහි ක්‍ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වයත්, පාංශු ජීවී ක්‍රියාකාරිත්වයත් සමත් විය. 

අද දවසේ හරකෙක්‌ මුදාහරින ගොම පිඩැල්ලක තත්ත්වය කෙබඳුද? එය අව් රශ්මියේ සැරට මතුපිට වේලී ඝන කට්‌ටක්‌ සාදා ගත්තද ඇතුළත අර්ධ ඝන ජෙලිමය මට්‌ටමේ මාස කීපයක්‌ පමණ යන තුරුම ජීර්ණය නොවී පවතී. මෙහි නිවැරැදි ක්‍ෂුද්‍ර ජීවී ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති අතර නිර්වායු ශ්වසන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්‌ ලෙසත්, සතාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය තුළ ක්‌ෂුද්‍ර ජීවී ජීර්ණ ක්‍රියාවලිය අඩපණ වීමේ ප්‍රතිඵලයක්‌ ලෙසත් එයින් පසු මුදාහරින ගොම මත සක්‍රීය වීමට අවශ්‍ය නිවැරැදි ක්‍ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය අහිමි වී ඇත. 

ශාක හා සතුන් වර්ධන හා විකසන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබාගැනීම ජීවී බවේ මූලික ක්‍රියාවලියක්‌ වේ. මේ සඳහා අධිශෝෂණය කරගන්නා ආහාර, ජීර්ණ මඟ ඔස්‌සේ ගමන් ගන්නා විට සිදුවන ජීර්ණය, අවශෝෂණය හා ස්‌වීකරණයෙන් පසු පහ කිරීම ලෙස ප්‍රධාන පියවර කිහිපයකින් සිදු වෙයි. මෙහිදී ජීර්ණ ක්‍රියාවලිය මූලිකව ජීර්ණ එන්සයිම මගින් සිදුවන අතර ජෛවීය ක්‌ෂුද්‍රජීවී සමූහය මේ සඳහා දක්‌වන දායකත්වය මිල කළ නොහැකි ස්‌වභාවික පරිසරයේ අපූර්වතම නිර්මාණයකි. 

සතුන්ගේ ශරීර තුළ ආහාර ජීර්ණ ක්‍රියාවලියේ දී සිදුවනු ලබන ක්‌ෂුද්‍රජීවී ජෛව ක්‍රියාවලියක්‌ සතාගේ ජීර්ණ එන්සයිමවල ක්‍රියාකාරිත්වයත් හරි හරියට ඉටුකරනු ලබන්නේ පූර්ණ ආහාර ජීර්ණ ක්‍රියාවලියකි. මෙමගින් සතාගේ ආහාරයේ පෝෂ්‍ය පදාර්ථ මනා ලෙස අවශෝෂණ ක්‍රියාවලිය සිදුවනවා පමණක්‌ නොව කාබනික අපද්‍රව්‍ය පූර්ණ ජීර්ණ ක්‍රියාවලියට ලක්‌කොට ස්‌වභාවික ප්‍රමිතියෙන් හා ස්‌වාභාවික තත්ත්ව පාලනයෙන් ජීර්ණක අපද්‍රව්‍ය පරිසරයට මුදාහරිනු ලබන්නේ විශ්මයජනක ක්‍රියාවලියක්‌ ලෙසය. 

ශාකයකින් වැටෙන ඉදුණු පලතුරක්‌, ඉදුණු කොළයක්‌, ගැලවෙන පොත්තක්‌ මුදාහරිනු ලබන ශ්‍රාවයන් ශාකයෙන් වෙන් වීම පෙර සිටම පරිසරයට මුදාහළ හැකි ප්‍රමිතියට හා තත්ත්ව පාලනයට ගෙන එනු ලබන්නේ ක්‌ෂුද්‍රජීවී ජෛව ක්‍රියාවලියයි. මෙසේ සිදුවන ශාකයත්, සතුනුත්, පරිසරයත් අතර ගොඩනැඟෙන විස්‌මිත ජෛව ජීර්ණ ක්‍රියාවලිය (ඊසදට්‌බසජ) බයෝජනික්‌ හරිත තාක්‍ෂණය ලෙස හඳුන්වා දිය හැකියි. මිනිස්‌ සමාජය ආරම්භයේ සිට පවතින ප්‍රධාන මිනිස්‌ ක්‍රියාකාරකම් දෙස වන සත්ත්ව පාලනයේ දී හා කෘෂි කර්මාන්තයේ දී මුහුණදෙන ගැටලුවලට පිළිතුරු සෙවීමේදී ඉහත සඳහන් (ඊසදට්‌බසජ) බයෝජනික්‌ හරිත ක්‍රියාවලිය පිළිබඳව නිවැරැදි හා පූර්ණ අවබෝධයක්‌ සහිතව මැදිහත් වන්නේ නම් අද දවසේ මිනිසා මුහුණදෙන පහත සඳහන් බරපතළ පාරිසරික ගැටලුවලට විසඳුම් සෙවිය හැක. 

කෘෂි කර්මාන්තය සඳහා රසායනික පොහොර, පලිබෝධනාශක, වල්නාශක භාවිතයද, සත්ත්ව පාලනය සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතයද, කසළ අපහරණ ක්‍රියාවලියද පිරියම් නොකළ ජලය ජලාශවලට මුදාහැරීමද යන බරපතළ ගැටලු හමුවේ මානව හා අනෙකුත් සත්ව ජීවිතවලට සෘජුවම බලපෑ පාංශු ජලය දූෂණය වීමද බරපතළ තත්ත්වයකි. 

වස විෂ නැති හෙටක්‌ පිළිබඳ සිහිනය දේශීය වශයෙනුත්, ගෝලීය වශයෙනුත් යථාර්ථයක්‌ බවට පත්කර ගැනීම උදෙසා, මිනිස්‌ අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් මෙලෙස කෘත්‍රිම රසායනික භාවිතයට ගනු ලබන්නේ ප්‍රධාන මිනිස්‌ අවශ්‍යතා තුනක්‌ වඩාත් සාර්ථක හා කාර්යක්‍ෂම කරගැනීම සඳහා බව පැහැදිලි වේ. එනම්...

1. කෘෂිකර්මාන්තය
2. සත්ත්ව පාලනය
3. කාබනික අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීම

ඉහත අවශ්‍යතා කාර්යක්‍ෂමව සිදු කිරීමටත්. වේගවත්ව සිදු කිරීමටත්, ලාභදායීව සිදු කරලීමටත්, කෘත්‍රිම රසායනික පොහොර ලෙස, කෘෂි රසායනික ලෙස, පලිබෝධ නාශක ලෙස වල්නාශක මෙන්ම සත්ත්ව වර්ධක එන්සයිම හා ප්‍රතිජීවක ඖෂධ ලෙසද දුර්ගන්ධ නාශක ලෙසද භාවිතයට හුරුවී ඇත. 

ජෛව ගෝලයේ ආරම්භයේ සිටම පැවති ස්‌වාභාවික ජීර්ණ ක්‍රියාවලිය මෙලෙස කෘතිම රසායනික යෙදීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මේ මොහොත වන විට බිඳ වැටී ඇත. මෙම ස්‌වාභාවික ජීර්ණ ක්‍රියාවලිය කෘෂි කර්මාන්තය තුළත්, සත්ත්ව පාලන ස්‌ථාන තුළත් නැවත බලගැන්වීමට නම් ඉහත කෘෂි රසායනික ක්‍රියාවලියෙන්, අපද්‍රව්‍ය බැහැර කිරීමේ රසායනික ක්‍රියාවලියෙනුත්, සත්ත්ව නිෂ්පාදනයේ දී රසායනික ද්‍රව්‍ය භාවිතයෙනුත් අප බැහැර වීම ඇරැඹීමට කාලය එළඹ ඇත. 

වෛද්‍ය ඉන්ද්‍රනි රන්වල (බයෝජනික්‌ හරිත තාක්‍ෂණික පර්යේෂණ ඒකකයේ උපදේශක), අංක 28, කොළඹ පාර, බියගම.
http://www.divaina.com/2013/12/17/feature03.html

0 comments: