Pages

Wednesday, December 25, 2013

ඌරගස්‌මංහන්දිය මස්‌ කඩේ ටෙන්ඩරය හිමිනම අතේ

කරන්දෙණිය ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන ඌරගස්‌මංහන්දිය සතිපොළේ ගවමස්‌ කඩය පවත්වාගෙන යැමේ ටෙන්ඩරය 2014 වසර සඳහා භික්‍ෂූන් වහන්සේ නමකගේ මූලිකත්වයෙන් දායක පිරිස විසින් ලබාගෙන ඇත. මෙම ගවමස්‌ කඩය පවත්වාගෙන යැමේ ටෙන්ඩරය ලබා ගැනීමට මූලික වී ඇත්තේ යටගල බෝධිරාජාරාම විහාරාධිපති පූජ්‍ය හිපන්වත්තේ විජයධම්ම හිමියන්ය. ඒ අනුව තමන් ලබාගත් ගවමස්‌ කඩය 2014 වසරේ සිට වසා දමන බව උන්වහන්සේ "දිවයින"ට පැවැසීය.

මෙසේ ගවමස්‌ කඩය ලබාගෙන එය වසා දැමීමට ක්‍රියාකිරීම පිළිබඳව ඌරගස්‌මංහන්දිය හා කරන්දෙණිය ප්‍රදේශවල විශාල පිරිසකගේ ප්‍රසාදය පළවී තිබේ. සතිපොළ පැවැත්වෙන දිනයේදී ගවයන් තුන්දෙනකුගේ පමණ මස්‌ අලෙවි වන බවත් ඒ අනුව වසරකට ගවයන් එකසිය පනහකගේ මස්‌ අලෙවි වන බවත් තතුදත් අය කියති. ඒ අනුව මස්‌ කඩය වසා දැමීමෙන් ගවයින් විශාල පිරිසකගේ දිවි ගැලවෙන බව ටෙන්ඩරය ලබාගත් අයගේ අදහසයි.

මේ සම්බන්ධයෙන් "දිවයින"ට අදහස්‌ දැක්‌වූ පූජ්‍ය හිපන්වත්තේ විජයධම්ම හිමියෝ මෙසේ පැවැසූහ. මේ සැරේ මම ඌරගස්‌මංහන්දිය මස්‌කඩේ ටෙන්ඩරය ලබා ගත්තා. භික්‍ෂුවකගේ නමින් මස්‌කඩයක්‌ ලබාගන්න එක එතරම් සුදුසු නැති හින්දා ගිහියෙකුගේ නමින් තමයි මස්‌කඩේ ටෙන්ඩරය අරගත්තේ. ජනවාරි පළවැනිදා ඉඳලා මස්‌ කඩේට ඉබියතුරු දානවා.

මෙම මස්‌කඩය ටෙන්ඩර ලබා ගැනීමට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් ගුණරත්න මහතා ඇතුළු පිරිසක්‌ දායක වී ඇත. රුපියල් ලක්‍ෂයකට ආසන්න මුදලක්‌ ලබාදී ටෙන්ඩරය ලබා ගැනීමට දායක වූ සියලු දෙනාද උන්වහන්සේ මෙහිදී සිහිපත් කළහ.

කරන්දෙණිය - අමල් ප්‍රියංකර
http://www.divaina.com/2013/12/23/news15.html

0 comments: