Pages

Tuesday, December 10, 2013

කුඩු කන්ටේනරයේ සිද්ධිය: අගමැති, නිලයෙන් ඉවත් විය යුතුයි - ඕමල්පේ සෝභිත හිමි

කුඩු කන්ටේනර් රට තුළට ගෙන්වීමට ලිපි නිකුත් කළ ලේකම්වරයා පොලිසියට භාර නොදුන් අගමැතිවරයා වහා නිලයෙන් ඉවත්විය යුතු යෑයි ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ සෝම හිමියන්ගේ 10 වැනි ගුණ සමරුව නිමිත්තෙන් මහරගම වත්තේගෙදර ඉසිපතනාරාමයේ පැවැති උත්සවයට සහභාගි වෙමිනි.

මෙහිදී ඒ හිමියෝ මෙසේද කීහ.

සෝම හිමියන් මේ රටේ දුරාචාරය නැතිකර සදාචාර සම්පන්න සමාජයක්‌ ඇතිකිරීමට ගත් උත්සාහය ව්‍යාර්ත කරමින් අද රාජ්‍ය අනුග්‍රහය ලබමින් දුරාචාර සමාජයක්‌ ඇති කිරීමට ඇතැම් දේශපාලකයන් කටයුතු කරමින් සිටිනවා.

මහින්ද චින්තනයෙන් මතට තිත කියන සංකල්පය තිබුණට කුඩු ගේන්න අගමැතිවරයාගේ ලේකම්වරයෙක්‌ අගමැති කාර්යාලයේ ලිපි ශීර්ෂ යටතේ රේගුවට උපදෙස්‌ දෙනවා. මේ ගැන අගමැතිවරයා නොදන්නවානම් ලේකම්වරයා පොලිසියට භාරදී සත්‍ය හෙළිකර ගැනීමට පොලිසියට අවස්‌ථාව ලබාදිය යුතුයි.

ඇයි එසේ නොකර අගමැතිවරයා ඔහු ආරක්‌ෂා කරගෙන නිලයේ තියාගෙන ඉන්නේ. අගමැතිවරයා කියන්නේ බුද්ධ ශාසන ඇමැතිවරයායි.

ඒ විතරක්‌ නොවෙයි අගමැතිවරයා එම තනතුරෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිතුමන්ගෙන් මා ඉල්ලා සිටිනවා. පිත්තල කරඬුවටත්, සිවුරුවලටත්, ජනතාවගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලටත් බදු ගහන මේ ආණ්‌ඩුව කුඩු ගෙන්වන්න උදවු කරන අයට එරෙහිව නීතියක්‌ ක්‍රියාත්මක කරන්නේ නැහැ.

චමින්ද සිල්වා
http://www.divaina.com/2013/12/10/news23.html

Picture Source

0 comments: