Pages

Thursday, December 26, 2013

ජපානය හා ශ්‍රී ලංකාව අතර මිතුදමට පදනම වී ඇත්තේ බුදු දහමයි - කුමාරසිරි හෙට්‌ටිගේ

ලෝකය පුරා සිටින බලවතුන් බුදු දහමේ හරය වටහා ගන්නේ නම් ලෝක සාමයට එල්ලවන තර්ජන බොහොමයක්‌ වළක්‌වා ගත හැකි බවත් ඒ සඳහා ඔවුන්ට නුවණ පහළ විය යුතු යුගය උදා වී ඇති බවත් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්‌ටිගේ මහතා පැවසීය. ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඇති ඓතිහාසික මිතු දමට පදනම වී ඇත්තේ බුදු දහම යෑයි ද කී ඒ මහතා එවැනි බැඳීම් සියලු රාජ්‍ය අතර පවතී නම් ලෝකය ම සුන්දර වන බව සඳහන් කළේය.

හෙට්‌ටිගේ මහතා එසේ කීවේ ජපානයේ නිචිරෙන්ෂු මහා නිකායේ මූලස්‌ථානය වන මිනොබු මහා විහාරයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ පූජ්‍ය අකියෝෂි යොෂිමුරා නාහිමියන්ට උපහාර දැක්‌වීම පිණිස වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථාන විහාරස්‌ථානයේ පසුගියදා (15 දා) පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි.

වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථාන විහාරාධිපති මහරගම මහින්ද හිමියන් කරගෙන යනු ලබන ආගමික හා සමාජයීය සේවාවන් සඳහා ජපානයේ මිනොබු විහාරයෙන් ලැබුණ අනුග්‍රහය වෙනුවෙන් මෙම උපහාර උළෙල පැවැත්විණි. මිනොබුසං නමින් ළදරු පාසල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ද ජපානයේ මිනොබු විහාරයේ අනුග්‍රහයෙනි.

ලෝක සාමය ගොඩනගා ගැනීමට නම් බුදු දහමේ හරය වටහාගත් රාජ්‍ය නායකයන් සිටිය යුතුයි. ශ්‍රී ලංකාවත්, ජපානයත් ලෝකයට ආදර්ශයට ගත හැකි රාජ්‍ය දෙකක්‌. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බොහෝ රාජ්‍ය නායකයන්ට ආදර්ශයට ගත හැකි ලෙස රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කරනවා. යෑයි ද හෙට්‌ටිගේ මහතා කීය.

ජපානයේ මිනොබු මහා විහාරයේ (ඵෂභධඊඹ) ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ පූජ්‍ය අකියෝෂි යොෂිමුරා නාහිමිපාණන් වහන්සේ- ලංකාවෙ මිනිස්‌සු බොහොම කරුණාවන්තයි. අපට ලොකු ආදරයක්‌ ලංකාව ගැන තියෙන්නෙ. ලංකාවට උදව් කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. මිනොබු මහා විහාරයට කළ ගෞරවය, උපහාරය සතුටින් පිළිගන්නවා. ජනාධිපතිතුමා වෙනුවෙන් මෙම උත්සවයට කුමාරසිරි හෙට්‌ටිගේ මහතා පැමිණීම අපට ගෞරවයක්‌. වැල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානය හා අප අතර ඇති සම්බන්ධතාව ඉතා වැදගත්. මහරගම මහින්ද හිමි වැනි භික්‌ෂූන් වහන්සේලාගෙන් සිදුවන ආගමික ශාසනික සේවය අප අගය කරනවා. මහරගම මහින්ද හිමි - මීගොබුසං ළදරු පාසල් ව්‍යාපෘතිය මෙරට ආරම්භ කරන්න හැකි වුණා. ජපානයේ සෑම විහාරස්‌ථානයකම ළදරු පාසල් පවත්වනවා. කුඩා කළ සිට ආගමික පරිසරයකට දරුවන් යොමු කරන්න ඒ අය ගන්නා උත්සාහය ඉතා වැදගත්. අප ඒ වැඩපිළිවෙළ වලින් ආදර්ශ ගන්න ඕනෑ.

මෙහිදී ආගම් පාසල් සිසු සිසුවියන්ට ත්‍යාග ප්‍රදානය ද සිදු කෙරිණි. මෙම අවස්‌ථාවට චන්ද්‍ර හේමචන්ද්‍ර, ශ්‍රී දේවි සිල්වා, රොෂාන් ද සොයිසා, තමරා ගුණරත්න, ඒ. රණවීර ආරච්චිගේ යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

http://www.divaina.com/2013/12/25/news02.html

0 comments: