Pages

Friday, December 27, 2013

උ/නැ ජන සංගණනයට දෙමළ සන්ධානයේ විරෝධය

රජය විසින් උතුරු නැගෙනහිර සිදු කරන ජන සංගණනයට දෙමළ ජාතික සන්ධානය දැඩි විරෝධය පළකර ඇත. 

මෙයට හේතු වී ඇත්තේ උතුරු නැගෙනහිර පදිංචිකරුවන් ගැන සැබෑ තතු ලෝක ප්‍රජාව හමුවේ ඉදිරිපත් වීමයි.

වන්නි මෙහෙයුම නිසා 160,000 ක පිරිසක්‌ අතුරුදන්වී ඇති බවට චෝදනා නගන ද්‍රවිඩ සන්ධානය එකී සංගණනයට මුළුමනින්ම විරෝධය පළකර ඇත.

අතුරුදන් වූ බව දන්වමින් තමිල්නාඩුව සහ රටවල් රැසක සිටින ද්‍රවිඩ ජාතිකයන්ගේ නම්ද මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබෙනවා. මේ සංගණනය නිසා ඇත්ත හෙළිවනවා යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‌ෂක නිලධාරියෙක්‌ පැවසීය.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/12/27/news17.html

0 comments: