Pages

Monday, December 16, 2013

ජාතික කොඩිය සිංහයා සමඟ තවදුරටත් ඉදිරියටම

ජාතික කොඩිය යනු මරාගෙන මැරීම සඳහා වුව යොදාගත හැකි නිමිත්තකි.

හැම රටකම වෙසෙන දේශප්‍රේමීන්ගේ සිත් තුළ ජාතික කොඩිය වෙනුවෙන් වෙන් කෙරුණු විශේෂ පීඨිකාවක්‌ තිබේ. මේ පීඨිකාව මත රැයක්‌ දවාලක්‌ නොතකා ලෙළ දෙන ජාතික කොඩිය දේශප්‍රේමියාගේ හදගැස්‌ම සමව බැඳී තිබේ.

රට දැය ගැන කිසිදු ඇල්මක්‌ නැති, හැඟීමක්‌ නැති නරින්ට නම් ජාතික කොඩිය යනු කිසි යමක්‌ අතින් ගත් කිසියම් සතකු සිටින පාට-පාට රෙදි කැබැල්ලක්‌ පමණි. මේ රෙදි කැබැල්ලෙන් කොට්‌ටඋර මැහුවත්, ලංකට්‌ මැහුවත්, හොටු සූරන ලේන්සු මැහුවත් ඒකාට ප්‍රශ්නයක්‌ නැත. ඒ ඌට ජාතික හැඟීමක්‌ නැති නිසා ය. එහෙත් දේශප්‍රේමියාට එසේ වීමට බැරි ය. තම රටේ ජාතික කොඩියට ඉතා ස්‌වල්ප වශයෙන් වුව අපහාසයක්‌ සිදුවන්නේ ද හේ එයට විරුද්ධව නැගී සිටින්නේ ය.

අපේ ජාතික කොඩිය වූ සිංහ කොඩියට අපහාස කිරීමේ ප්‍රවණතාව දැන් කිසිදු කලෙකත් නොවූ තරමට මෙකල නැගෙමින් සිටින බව අපි දනිමු. උතුරේ සිටින කොටි කැනහිලුන් එම පළාතේ පාසල්වලදී සිංහ කොඩිය එසැවීම තහනම් කර තිබේ. මෙය, සිංහයාගේ අතින් කඩුව බලෙන් උදුරාගෙන සටනට එන ලෙස කොටි පන්දම්කාරයන් විසින් අනියමින් කෙරුණු ආරාධනයකි. නැවත වතාවක්‌ නන්දිකඩාල් - වෙල්ලමුල්ලි වයික්‌කාල් වර්ගයේ අත්දැකීමක්‌ මේ රට තුළ ඇතිවනු දැක්‌ම ප්‍රිය කරන පිරිසක්‌ මෙහි වෙති. උතුරේදී සිංහ කොඩිය එසැවෙනු දැකීමට එරෙහිවීම නැවත වතාවක්‌ කොටින් බෝ වෙමින් සිටින බවට සාක්‍ෂියකි.

හැම රටකම ජාතික කොඩිය සම පමණටම ගෞරවණීය ය. හැම රටකම ජාතික කොඩිවලට ඉතිහාසයක්‌ තිබේ. සිංහ කොඩියේ ඉතිහාසය වඩාත් පරණ ය. ක්‍රි.පූ. 486 දී විජය කුමාරයාගේ ලංකා ගමනයේදී ඔහු අත කොඩියක්‌ වූ බව කියනු ලැබේ. එහි, ඔහුගේ සීයා වූ 'සිංහ' නමැති වංග ස්‌වදේශිකයා නිරූපණය කෙරෙන සිංහයකුගේ රූපසටහනක්‌ වූ බව ද කියනු ලැබේ. විජිතපුර සටනට ගිය දුටුගැමුණු රජතුමා, අසිපතක්‌ දකුණතින් ගත් සිංහ රූපයක්‌ සහිත කොඩියක්‌ අත දැරූ බව ද කියනු ලැබේ. එම සිංහයා දෙපසින් හිරු සහ සඳුගේ රූප වූ බවට ද සාක්‍ෂි තිබේ.

වසර 1815 මාර්තු 2 වැනිදා දක්‌වා කන්දඋඩරට ලෙලදුන් සිංහ කොඩිය පහත හෙළා ඉංගිරිසි කොඩිය ඔසවන ලද්දේ බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයන් සහ උඩරට ප්‍රභූවරුන් අතර අත්සන් කෙරුණු ගිවිසුමෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ය. ඉංග්‍රීසීන්ට උඩරට ඇතුළු මුළු රටම අයත් වන අතර මුරිසි දූපතට පිටුවහල් කරනු පිණිස සිංහලේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ නැවකට පටවනු ලබන්නේ ය. එම නැව පිටත්ව යන අතර එංගලන්තයේ ෂෂෂ වන ජෝර්ඡ් රජු ලංකාවේ ද රජ බවට පත්වෙයි. ඒ අතර කන්දඋඩරට මඟුල් මඩුව ඉදිරිපිට ලෙලදුන් සිංහ කොඩිය එංගලන්තයේ Rදහ්ක Hදිචසඒක දෙ Cයෑකිea නමැති සාත්තු නිවාසයේ පිහිටි කෞතුකාගාරයේ තැන්පත් කරනු ලැබේ. මේ සාත්තු නිවාසය විශ්‍රාමික යුද සෙබළුන් ජීවත් වූ මඩමකි. එහි කෞතුකාගාරය තුළ ප්‍රදර්ශනය කළ භාණ්‌ඩවලින් වැඩි හරිය බ්‍රිතාන්‍ය කිරීටයේ අත්අඩංගුවට පත් වූ යුද සිරකරුවන්ට අයත් බඩු ය. සිංහ කොඩිය එහි ගියේ ද ඒ අර්ථයෙනි.

විසිවැනි සියවසේදී ශ්‍රී ලංකාවේ ඇති වූ නිදහස්‌ ව්‍යාපාරයෙන් පසු (මෙය සටනක්‌ හෝ අරගලයක්‌ නොවේ) එසවීම සඳහා කොඩියක්‌ සෑදීම පිණිස අනුරුව ලෙස යොදා ගත්තේ එදා එසේ එංගලන්තයට ගෙන ගිය සිංහ කොඩියයි. ඒ අනුව විජය කුමාරයාගේ කාලයේ සිට දැන් ජාතික කොඩිය ලොකු දුරක්‌ ගොස්‌ තිබේ.

එම ගමන තවදුරටත් ඉදිරියට මිස පසුපසට නොවන්නේ ය.

http://www.divaina.com/2013/12/14/editor.html

සබැඳි ලිපි -
[

ජාතික කොඩියට නිගරු එපා පළාත් ආණ්‌ඩුකාරවරු දැනුවත් කෙරෙති. සිහි කැඳවීම් චක්‍රලේඛයක්‌ අලුතින් එයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_5113.htmlඋතුරේ මින්පසු ජාතික කොඩිය තහනම්! - උතුරේ කෘෂි ඇමැතිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_9257.html
]

0 comments: