Pages

Saturday, December 28, 2013

මඩකළපුවේ බුදු පිළිමය කුඩු පට්ටම්

මඩකළපුව පිල්ලේයාර්අඩි පරණ පොලිස් මුරපොල ආසන්නයේ තිබු බුදු පිලිමයක් ඉකුත් 25 වන දින රාති‍්‍රයේ කඩා ඛිඳ දමා විනාශකොට තවත් බුදු පිළිමයක් සොරාගෙන ගොස් ඇතැයි මඩකළපුව මූලස්ථාන පොලීසිය කියයි.

කඩාඛිඳ දමා තිබු බුදු පිළිමයේ කොටස් මඩකළපුව පොලිසිය වෙත ගෙනවිත් ඇත. මෙම පොලිස් මුරපොළ මීට කලකට ඉහතදි ඉවත්කොට තිඛිණ.

මෙතෙක් බුදු පිළිමය ව්නාශ කළ හා සොරාගෙන ගිය පුද්ගලයන් පිළිබදව කිසිදු හෝඩුවාවක් ලැඛි නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා පොලිසිය පරික්‍ෂණ පවත්වාගෙන යයි.

http://lankacnews.com/sinhala/news/107427/

0 comments: