Pages

Thursday, December 19, 2013

සමගි පෙරමුණු රජයේ ඉඩම් නීතිය යළි එයි

තනි පුද්ගලයකුට තබා ගත හැකි උපරිම ඉඩම් ප්‍රමාණය අක්‌කර 50 කට සීමා කරමින් සමගි පෙරමුණු රජය සමයේ සම්මත කරගෙන ඇති නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා "දිවයිනට" ඊයේ (17 දා) පැවසීය.

රජය මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ඉඩම් ප්‍රමාණය අක්‌කර භාගය දක්‌වා පහත වැටීම සැලකිල්ලට ගෙනයි.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු කෝටිපතියන් අක්‌කර 50 කට වැඩි විශාල ඉඩම් ප්‍රමාණයක්‌ නීති විරෝධීව තමන් සන්තකව තබා ගෙන සිටින බවට තොරතුරු ලැබී තිබෙන බව පැවසීය. මේ හේතුවෙන් රජයට වාර්ෂිකව ලැබිය යුතු රුපියල් කෝටි ගණනක බදු ආදායමක්‌ අහිමි වී ගොස්‌ ඇති බව සඳහන් කළ ඇමැතිවරයා අක්‌කර 50 නීතිය බලාත්මක කිරීම තුළින් රජයට අහිමි වී ගොස්‌ ඇති ආදායම නැවත අයකර ගැනීමට අවස්‌ථාව ලැබෙන බව පැවසීය.

ප්‍රියදර්ශන ලියනගේ
http://www.divaina.com/2013/12/18/news14.html

0 comments: