Pages

Wednesday, December 25, 2013

ඌවතැන්නේ සුමන හිමියන්ට ප්‍රහාරයක්‌

ආයුධ සන්නද්ධ පිරිසක්‌ තමා වෙසෙන මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාමයට පැමිණ තමාට සහ තම සංගමයේ නිලධාරීන්ට පහර දී පලාගිය බව දේශමාමක හා ත්‍රිරෝද රථ කර්මාන්තකරුවන්ගේ ජාතික සංවිධානයේ සභාපති ඌවතැන්නේ සුමන හිමියෝ 'දිවයින' ට ඊයේ ප්‍රකාශ කළහ.

පෙරේදා(19) රාත්‍රි 11.45 ට පැමිණි මෙම පිරිස අතර සිටි අයකු අත රිවෝල්වරයක්‌ ද තිබුණු බව උන්වහන්සේ සඳහන් කළහ.

මෙම පහරදීම පිළිබඳව තමා පොලිස්‌ මූලස්‌ථානයට පැමිණිලි කළ බව ද උන්වහන්සේ කීහ.

මෙම පිරිස පිටකොටුවේ පිරිත් සඡ්ජායනා කරනු ලැබූ රන්සිවි ගෙය සහිත වාහනයෙන් කප්පම් මුදල් පවා ඉල්ලා සිටි බව උන්වහන්සේ හෙළිකර තිබිණි.

නෝමන් පලිහවඩන
http://www.divaina.com/2013/12/21/news07.html

0 comments: