කිරි පුංචි මාමේ. මොකද බොලං මේ පාර වැස්‌ස වළාහක දෙයියො අහක බලලා වත්ද... වැව් ඉස්‌මත්තේ නාන මංකඩින් වැව්දියට බහිමින් රන් බණ්‌ඩයියා විමසීය.
අහන්නත් දෙයක් යෑ... ටිකක් වටපිට බලාපල්ලකො හැමදාමත් මහට කිරල්ලු බිත්තර දාන්නේ වැව් තාවුල්ලේ ගොඩැලි ගොඩැලි තැන් බලලා. මෙදා පාර බලා පල්ලකො දියගිල්මෙ තැනින් තැන බිත්තර දාලා. ඒ මොකද කිරල්ලු දන්නවා මෙදාපාර දියගිල්මට වතුර අල්ලන්න වහින්නෙ නැති බව. ඒ විතරක් නෙමෙයි වෙනදා වඩු කුරුල්ලො වැව් තාවුල්ල වටේ තියෙන කුඹුක්, කරඳ, ලුණුවරණ වගේ ගස්‌වල කූඩු හදන්නෙ අඩි දහය දොළහ ඉහළින් මෙදාපාර බලා පල්ලකො වඩු කුරුල්ලො ගෙවල් හදලා තියෙන්නේ පාතින්ම ඇයි ඒ වඩු කුරුල්ලො දන්නවා මෙදාපාර වැවට දිය ගිල්මෙ අල්ලන්නේ නැති බව. වෙන දෙයක් ඕනෑ නෑ. බලාපන්කො අහස දිහා. අහසේ තැනින් තැන වැහි බිත්තර තියෙනවා. හැබැයි ඒවා රවුම් වැහි බිත්තර. රවුම් වැහි බිත්තර තිබුණොත් වැස්‌ස හිඟයි. දිගටි වැහි බිත්තර තිබුණොත් වහිනවා සිකුරුයි. කෝ ඉතිං අහසේ දිගටි වැහි බිත්තර නැහැනෙ.
මේ වැඩිහිටියන් වැවේ නාන තොටුපලට වී කළ කතාබහ හරි වටිනවා. ඒ ඔවුන්ගේ අත් දැකීම්. දැන් වැහි වැටෙන කාලෙන් බාගයක්‌ම ඉවරයි. මේ දෙසැම්බර් දෙක මාසෙ පෝය. එදාටත් වැස්‌සේ නැත්තං වැහි නැතුවම තමා. ඊළඟට එන්නේ නත්තල් හිරිකඩ වැහිපොද. තවදුරටත් ඔවුන් කතාබහ කරනවා ඇසුණි.
වෙනත් මාස් කන්නවල වට වැහි වලින් වැව් පිරී ඉතිරී වෑබැමි කඩා බිඳගෙන කඩවල හදමින් වැව්දිය...... ගංදිය බවට පත්ව කරදර කරන කාලය දැන් රජරටින් ගෙවී යමින් පවතී, වැස්‌සට උපන් වප් මාසය හරිහමන් වැස්‌සක් නැතිව ගෙවී ගියේය. ඉඳහිට ලැබුණු සුළුÊවැස්‌සක් හැරෙන්නට මෙදා රජරටට සැබෑ වැස්‌සක් නැත. රජරට මහවැලි එච්. කලාපයට තවමත් මහවැලි දියවර ලැබෙන නිසා වැස්‌සේ අගහිඟකම් මහවැලි කලාපයට දැනී නැත. නමුත් නුවර කලාවියේ වැව්දියෙන් පෝෂිත වෙනත් බොහෝ ප්‍රදේශවලට තවමත් හරිහමන් වැස්‌සක් නැති නිසා ගොවියෝ අහස දෙස බලා සිටිති. බොහෝ අයගේ කුරහන් සහ බඩ ඉරිඟු හේන් වේලෙන්නට පටන් ගෙන ඇත. බිංහීයවත් හා ගන්නට වතුර නැතිකමින් සමහර පැතිවල කුඹුරු යායවල්පිටින් පුරන්වන්නට පටන් ගෙන ඇත. වැස්‌සේ අරියාදුව නිසා හේන් ගොවිතැනද කුඹුරු ගොවිතැනද අඩාලවීමෙන් ගොවියෝ වැස්‌ස වළාහක දෙවියන්ට පුද පූජා පවත්වමින් වැස්‌ස ඉල්ලා සිටිති. මොකක්‌ද මේ සිදුවූ අහඹු වින්නැහිය.
සෑම වසරකම වප් මාසයෙදී රජරටට තද වැදස්‌සද පටන් ගනී. එතැන් පටන් දිනපතා වැස්‌ස ඇදහැළෙමින් වැහි වතුරින් වැව්පිරී වාන් දොරටු හත අට ඇර දමන්නට සිදුවෙයි. රජරට වැහිකාලය ගෙවීයන්නට තවත් ඇත්තේ දින 15 ත් 20 ත් පමණි. එතැන් පටන් ජනවාරියේ සිට තද පෑවිල්ල පටන්ගනී. වෙනදා මෙන් රටට බත් දීමට තබා තම තමන්ගේ වේල පිරිමහ ගන්නට වත් රජරට කුඹුරු මෙදා පැහේ දැයි දැඩි අවදානමක් පවතී. හිටිහැටියේ හෙණ ගෙඩියක් පාත්වූවාක් මෙන් රජරට සිදුවෙමින් පවත්නා මෙම වැහි විරලවීමට හේතුව කුමක්‌ද? රජරට පුරාවට පැතිරී තිබූ 68% ක් තරම්වූ ඝන වනාන්තර අද වන විට බඩ ඉරිගු ශාපය වැදී 22% දක්‌වා අඩුවී ඇත. එප්පාවල සිට නැගෙනහිර පැත්ත බැලූවිට මිහින්තලේ දක්‌වාම ඇස් මට්‌ටමට පෙනෙන දුර මුළුමණින් කලඑළිවී ඇත. මීට දෙතුන් වසරකට පෙර මේ හරිය වල් අලින්ගේ රාජධානිය වී තිබුණි. අද ගහක් කොළක් පෙනෙන තෙක් මානයක නැත. ගහකොළ නැතිව පොළව වේලීයාමෙන් සිදුවන්නේ දිය උල්පත් සහ දිය අගාර සිඳීයාමයි. වැහිබිජු හටගන්නේ මේවා ආශ්‍රිතවය. දිය උල්පත් හා දියඅගාර සිඳී ගිය විට පොළව වේලී වැහි උපතද නැතිවී යෑයි. අද රජරටට සිදුවී ඇත්තේ මේ කැලෑ පාළුවයි.
සෙල්ලමක් නොවේ. අටුව කඩා පුටුව හැදුවාක් මෙන් බඩ ඉරිඟුවක් නිසා කැලෑව අක්‌කර දෙලක්‍ෂයකට වඩා එළිපෙහෙළිවී ගහකොළ නැති පිට්‌ටනි බවට පත්වෙමින් ඇත. දේශය ගැන දේශයේ කාලගුණය ගැන කිසිවක් නොවිමසා බඩඉරිඟු ඇටයෙන් එන මුqදලට ලොබ බැඳ කැලෑ පාළු කිරීම නිසා අද මුළු මහත් රජ රටටම වැහි නැති විපතට මුහුණ දෙන්නට සිදුව ඇත. එක පැත්තකින් කැලෑවල විසූ අලි ඇතුන් රංචු පිටින් කෑමබීම හිඟවී වියරු වැටී ගම්බිම් දෙවනත් කරමින් මිනිසාට වෛර කරන්නට පටන්ගෙන ඇත. අලි ඇත්තුද මේ රටේ භූමි පුත්‍රයෝය. ඔවුන්ටද මේ භූමියේ ජීවත්වීමට උරුමයක් ඇත. නමුත් අලි ඇතුන්ගේ ඒ උරුමය උදුරා ගනිමින් ලඳු කෑලෑ විනාශකොට බඩ ඉරිඟුවෙන් මල්ල පුරවා ගැනීමට යාම නිසා අලි ඇතුන් පමණක් නොව ස්‌වභාව ධර්මයද රජරටට වෛර කරන තත්ත්වයට පත්ව ඇත.
අතීතය පුරාවට ඇහැට දකින්නට නොසිටි මොනර මොණරියන් දැන් දැන් ගම්වල සැරිසරන්නට පටන්ගෙන තිබේ. අනුරාධපුර බටහිර පෙදෙසේ එනම් මහවිලච්චිය, පේමඩුව, මන්නාරම් හන්දිය වැනි ප්‍රදේශවල මිටිගස්, කටුපඳුරු. කටුවැල් පැල පදියම් වෙමින් කාන්තාරීකරණයට මුලපුරා ඇති බව ආචාර්ය එම්. යූ. ඒ තෙන්නකෝන් මහතා අවධාරණය කරයි. සංවර්ධනයත් සමග රජරටට කඩා වැටෙන දේශගුණික අපලය ගැනද පාලක කාරකාදීන් සීරුවෙන් සලකා බැලීම තවදුරටත් ප්‍රමාද කළොත් අපේ රජරට දරු පැටියන්ට ඉතිරිවිය හැක්‌කේ ගිනි අව්වෙන් කරවී ගිය බොල් පොළවක් පමණි.
එප්පාවල රත්න බී. ඒකනායක
http://www.divaina.com/2013/12/15/feature20.html

0 comments:
Post a Comment