Pages

Tuesday, December 31, 2013

පරිගණක තොරතුරුවල ආරක්‍ෂාවට ජාතික සහතිකකරණ අධිකාරියක්‌

මෙරට පරිගණක තොරතුරුවල ආරක්‍ෂාව හා අංකිත අත්සන් රාමුව තවදුරටත් ශක්‌තිමත් කිරීම සඳහා ජාතික සහතිකකරණ අධිකාරියක්‌ පිහිටුවයි.

විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ මගින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය මෙම අධිකාරිය වශයෙන් කටයුතු කරන බවත් මෙම අධිකාරිය පිහිටුවීම කලක සිට පැවැති අවශ්‍යතාවක්‌ ඉටුවීමක්‌ බවත් නියෝජි තායතනයේ සභාපති හා පේරාදෙනිය විශ්වවිද්‍යාල කුලපති මහාචාර්ය පී. ඩබ්ලිව්. ඈපාසිංහ මහතා පවසයි.

ඉලෙක්‌ට්‍රොනික ගනු දෙනු පනතේ 18 වෙනි වගන්තිය යටතේ පැනවී ඇති නියෝගයන්ට අනුව මෙම ජාතික සහතිකකරණ අධිකාරිය පිහිටුවනු ලැබූ බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ වැඩසටහන් අධ්‍යක්‍ෂ හා නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම සහතික කරන අධිකාරිය මෙහෙයවීම හා පරිපාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් බළකායක්‌ද මේ වන විට පත් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය එම බළකායේ සම සභාපතිත්වය දරන අතර මහ බැංකුවේ සහකාර අධිපතිනි ජානකී මාම්පිටිය මහත්මිය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු මහතා එම බළකාය නියෝජනය කරයි. ආරක්‍ෂක අතිරේක ලේකම් රෝහණ සෙනවිරත්න, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට සහ ලංකා ක්‌ලියර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සුනිමල් වීරසූරිය යන මහත්වරු මෙම බළකායේ සෙසු සාමාජිකයෝ වෙති.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2013/12/30/news19.html

0 comments: